පොලිස්පති සම්බන්ධ ගැටලුවට ජනපති දෙන විසදුම මෙන්න
-
Editor
-
July 29, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට කිසිසේත් සූදානම් නැහැ. මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයයේ කොටසක් – එය උල්ලංඝනය වීමට ඉඩ දිය නොහැකියි. රට තුළ නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහාය දීම සියලු දෙනාගේ පරම යුතුකමයි – ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි. කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව …
Continue Reading
පාන්වලටත් ‘පාලන මිලක්‘ – පාරිභෝගික අධිකාරිය අනතුරු අඟවයි
-
Editor
-
July 29, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලකට අලෙවි නොකළහොත් ලබන සතියේ පාන් සඳහා පාලන මිලක් පනවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බේකරි හිමියන්ට ඊයේ (28) අනතුරු ඇඟවීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ විදුලිය සහ ඉන්ධන සඳහා සහන ලබාදී ඇති අතර එහි ප්‍රතිලාභය පාන් රුපියල් 130ට අලෙවි කිරීමෙන් පාරිභෝගිකයන් …
Continue Reading
දේශබන්දු රකින්න යන ‘අගමැතිට‘ නීතිඥ සංගමයෙන් දැඩි ප්‍රහාරයක්
-
Editor
-
July 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වෙනත් කිසිදු ආයතනයක අවලංගු කළ නොහැකි බවත්, එසේ කිරීමට අග්‍රාමාත්‍යවරයාට හෝ කථානායකවරයාට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (28) නිවේදනය කළේය. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය හෑල්ලුවට ලක්කිරීමට රජය දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව සඳහන් කරයි. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන …
Continue Reading
අපේක්ෂකයින් සිව් දෙනෙකු අද ඇප මුදල් තැන්පත් කරයි
-
Editor
-
July 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් සිව් දෙනෙකු අද (26) නිල වශයෙන් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය. රනිල් වික්‍රමසිංහ – ස්වාධීන සරත් කීර්තිරත්න – ස්වාධීන ඕෂල හේරත් – ‘අභිනව නිවහල් පෙරමුණ’ ඒඑස්පී ලියනගේ – ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
Continue Reading
බේකරි නිෂ්පාදනවල මිල ගැන සුභ පණිවුඩයක්
-
Editor
-
July 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ග්‍රෑම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි ද්‍රව්‍යවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය (ACBOA) තීරණය කර තිබේ. දින දෙකක් ඇතුළත පාන් මිල අඩු කරන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගත් බව ACBOA සභාපති එන්.කේ ජයවර්ධන ප්‍රකාශ කළේය. පාන් සහ අනෙකුත් බේකරි ද්‍රව්‍යවල …
Continue Reading
දේශබන්දුට එරෙහිව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අගමැතිගෙන් ‘ආන්දෝලනාත්මක‘ ප්‍රකාශයක්
-
Editor
-
July 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
දේශබන්දුට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තහනම් කිරීමේ නියෝගය නීති විරෝධීයි – අගමැති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය නීති විරෝධී බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා යැයිද ඔහු පැවසීය.
Continue Reading
“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය”ට කැබිනට් අනුමැතිය
දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ. 2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්. විගණකාධිපති බලතල තවත් ඉහළට. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ – රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන තොරතුරු ප්‍රකාශයට. බදු නිදහස් කිරීම් ලබන සියලු සමාගම් ප්‍රසිද්ධියට පත් කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි …
Continue Reading
ජනපතිවරණය ගැන මැකො ගෙන් නිල නිවේදනයක්
-
Editor
-
July 25, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් හෙට (26) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ජනාධිපතිවරණ දිනය සහ අනෙකුත් ව්‍යවස්ථාපිත කාර්යයන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් සහ පාර්ශවයන් විසින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් කිසිදු වගකීමක් දරන්නේ නැතැයි කොමිසම ප්‍රකාශ කළේය.
Continue Reading
බෞද්ධ අධ්‍යාපනය ගැන ජනපතිගෙන් සහතිකයක්
-
Editor
-
July 24, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් ජනපති පවසයි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා පමණක් ජනාධිපති අරමුදලින් වසරකට රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වෙන් කෙරේ. කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව …
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති දුන් සහතිකය
-
Editor
-
July 24, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය …
Continue Reading