2025 දී සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැපිට 318ක් අත්අඩංගුවට

2025 වසරේ සයිබර් අපරාධ 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කළේය. සයිබර් අපරාධකරුවන් ඉලක්ක කරගත් අය අතර තරුණයින්, වැඩිහිටියන් සහ අලුතින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් සිටින බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නොදන්නා පාර්ශ්වයන් සමඟ මුරපද සහ පුද්ගලික තොරතුරු බෙදා ගැනීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින …

Continue Reading

කෝටි 13ක කුෂ් සහ හෂීෂ් සමඟ ශ්‍රී ලංකිකයින් තිදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අද (25) අළුයමදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අය අතරින් දෙදෙනෙක් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක් සහ පෙදරේරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව පොලිසිය පවසයි. …

Continue Reading

බෙන්තොට මුහුදේ ගිලී රුසියන් ජාතික කාන්තාවක් මරුට

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය අවුරුදු 49ක් වූ රුසියන් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. මියගිය කාන්තාව තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බව පවසන බෙන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන් කරයි.

Continue Reading

Dog Festival 2025 විහාර මහාදේවි උද්‍යානයේ දී

Dog Festival 2025 ඊයේ (24) සහ අද (25) දිනවල කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැත් විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණේය.

Continue Reading

දිස්ත්‍රික්ක රැසක සවස 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ නිවේදනය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම …

Continue Reading

විපක්ෂ නායක සජිත් ඔස්ට්‍රේලියානු දිනය සැමරීමට එක් වෙයි

ඔස්ට්‍රේලියානු දිනය සැමරීම නිමිති කර ගෙන ඊයේ (23) කොළඹ පිහිටි මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවැති උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය. ඒ මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworth මහතාගේ සහ එතුමාගේ බිරිද වන Tanya Duckworth මහත්මියගේ ගෞරවනීය ආරාධනය පිළිගෙනය. එහි දී රටවල් රැසක රාජ්‍ය තානාපති නියෝජිතයන් සහදේශපාලනඥයන් ඇතුළු පිරිසක් හමුවී සුහද සාකච්ඡාවකද නිරත වීමට ද …

Continue Reading

රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු ගුවන් මගින් දිවයිනට

මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්තුමාගේ සම්බන්ධීකරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමඟ කරනු ලැබූ ඍජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමෙන් පසු අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරයට …

Continue Reading

මීළඟ පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු තීරණය කෙරේ – සම්පූර්ණ වාර්තාව මෙන්න

පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු (23දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඒ අනුව පාර්ලිමේන්තුව පෙබරවාරි 3,5 සහ 6 දිනවල රැස්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තුව රැස්වන මෙම දින ත්‍රිත්වයේදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා …

Continue Reading

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්  ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත්  ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් …

Continue Reading

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ තුළ ආණ්ඩුව කරන්න යන දේ විපක්ෂ නායක සජිත්ගේ දැඩි විවේචනයට

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරන බව පැවසූ වත්මන් රජය, අද විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමෙන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට ඒකාධිපතීත්වයක් ගෙන ඒමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පාර්ලිමේන්තුවට පැවසුවේය. විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ අඩුපාඩු පවතින මොහොතක මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියා කිරීමට ඉඩ දිය නොහැකි බව ඔහු අවධාරණය කළේය. විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේදී මෙතෙක් උපකුලපතිවරුන් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී තාක්‍ෂණයෙන් බැහැරව …

Continue Reading