නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් ඊයේ (29) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවිය. මහාචාර්ය පීරිස් විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව සුබපැතුම් පිරිනැමූ මහ කොමසාරිස් ඇපල්ටන්, දෙරට අතර හවුල්කාරිත්වය තවත් ඉහළ තලයකට ගෙන ඒම සඳහා අනාගතයේ දී එතුමා සමඟ සමීපව කටයුතු කිරීම සඳහා කැපවන බව ප්‍රකාශ කළේය. විශේෂයෙන් කිරි නිෂ්පාදන සහ කෘෂිකාර්මික අංශ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දී …

Continue Reading

2022 අයවැය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව  ලබන සතියේ දින 05ක් රැස්වෙයි ලබන සදුදා සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කෙරේ 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත  ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට දැනුම්දුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අතර පාර්ලිමේන්තුව ලබන …

Continue Reading

‘චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒම වැළැක්වූ‘ කෘෂි නිලධාරීන්ගේ කතාව

චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒමේ උත්සහය පරාජය වී ඇත. නිවේදනයට අනුව පොහොර තොගය රටට ගේන්නේ නැත. කතාව ඇත්තනම් නැව ආපහු හරවා යැවිය යුතුය. ලංකාව ‘අර්විනියා උවදුරෙන් බේරාගත් රහංගල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ‘ඇලිස්නෝනා‘ නම් කාන්තාවයි. ඒ මෙයට වසර 57 පෙරය. අද එය නැවත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කර ඇත. ඇලිස්නෝනා – රස්සාවට වඩා රටට ආදරය කළ ගැහැණිය ගේ …

Continue Reading

‘චීන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා‘ –කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් …

Continue Reading

ආනයන සීමා අවම වන පරිදි සහන දෙන්නැයි අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ  උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට උපදෙස් දුන්නේය. අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දුන්නේය. මේ …

Continue Reading

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනේ. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (29) පැවති සාකච්ඡාවකදී මේ බව කීය. එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ …

Continue Reading

ලබන 01වැනිදා රට යළි විවෘත කරනවා – යුද හමුදාපති

කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පසුගිය අගෝස්තු 20 වැනි දින සිට රටපුරා පනවනු  ලැබූ ඇති  නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 01 වැනි දින අලුයම 4.00ට  ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. රට යළි විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ  හෙට නිකුත් කරන බවද …

Continue Reading

පාකිස්තානය විදේශ ත්‍රස්තවාදී කණ්ඩායම් 12ක් පෝෂණය කරනවා – ඇමෙරිකාව

පාකිස්තානය ‘සමහර කලාපීය වශයෙන් අවධානය යොමු වූ ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආරක්‍ෂිත තෝතැන්නක් ලෙස අඛණ්ඩව කටයුතු කර ඇත’ යනුවෙන් එක්සත් ජනපද කොංග්‍රස් පර්යේෂණ සේවා වාර්තාව සඳහන් කරයි. ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සේවා වාර්තාව පවසන පරිදි පකිස්ථානය ‘විදේශීය ත්‍රස්තවාදී සංවිධාන’ 12 ක මෙහෙයුම් කඳවුරක් වන අතර පහක් ඉන්දියාව කේන්ද්‍ර කර ගෙන ඇත. කලාපීය වශයෙන් අවධානය යොමු වූ සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආරක්ෂිත ස්ථානයක් …

Continue Reading

ලෝක හදවත් දිනය අදයි !

හදවත මිනිසාට නැතිවම බැරි අවයවයක්… ඒ නිසාම වටිනා දේවල් වල වටිනාකම විදහාපෑම සදහා හදවතට සමාන කරනවා. සංවේදීත්වය සදහා හදවත ඈදා ගන්නා සේම අතීතයේ සිට අප සාහිත්‍ය තුළද හදවතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.. ඉතින් මෙලෙස සැමට නිරන්තරයෙන් අවශ්‍ය වන හදවත පිළිබදව වැඩි අවධානයක් යොමුවන වැඩි වශයෙන් කතාබහට ලක්වන දිනය අදයි… එනම් අද ලෝක හදවත් දිනයයි. මිනිසාගේ උරස් කුහරයේ වම්පසට වන්නට පිහිටා ඇති …

Continue Reading

CID නිලධාරීන් ගැන විමර්ශනයක් කරනු‘

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යෙවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. තවද සුඳුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පති …

Continue Reading