ලබන 01වැනිදා රට යළි විවෘත කරනවා – යුද හමුදාපති

Spread the love

කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පසුගිය අගෝස්තු 20 වැනි දින සිට රටපුරා පනවනු  ලැබූ ඇති  නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 01 වැනි දින අලුයම 4.00ට  ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

රට යළි විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ  හෙට නිකුත් කරන බවද යුද හමුදාපතිවරයා සදහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 43ක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර රට සම්පූර්ණයෙන් ම විවෘත කරන ලෙස මේ වන විට දැඩිව ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

Related Posts