සහල් මිල යළිත් රුපියල් 10-30 අතර ගණනකින් ඉහළට

නාඩු සහ සම්බා ඇතුළු සියලුම සහල් වර්ග වල මිල ගණන් නැවතත් රුපියල් 10ත් 30ත් අතර ගණනකින් ඉහළ දැමීමට පියවර ගත් බව පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමක ප්‍රකාශකයෙක් පැවසුවේය. ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින්ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10කින්ද, ඉහළ දැමූ බවයි ඔහු ප්‍රකාශ කළේ. නව මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා සහල් …

Continue Reading

‘රතු බිල නොගෙවුවොත් විදුලිය කපනවා‘ – විදුලිබල ඇමැති අනතුරු අගවයි

මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා රජයේ පුවත්පතක් සමග ප්‍රකාශ කර ඇත. කොරෝනා වසංගතයත් සමඟ ආදායම් අහිමිවීම සැලකිල්ලට ගෙන විදුලි බිල්පත් ගෙවීම සඳහා යම් කිසි සහනයක් දීමට රජය තීරණය කර මුත් මාසික …

Continue Reading

සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණය කර අවසන්

මෙරට සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණයට ලක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවේ අද (29) පැවසීය. එමෙන්ම අවුරුදු 30 ඉක්මවූ ජනගහනය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පෙනවා දුන්නේය. ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනෙනේ යුරෝපානු සංගමයේ තානාපති ඩෙනී චයිබි (Denis Chaibi)  මහතා ඇතුළු පිරිසක් අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා හමු වූ අතර …

Continue Reading

කොවිඩ් මර්දන කමිටුව ගත් තීන්දු – අන්තර් පළාත් සංචරණ සීමා 31 දා අවසන්

අ.පො.ස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ පංති ඇරඹීමේ තීරණයක් පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත පවතින තත්ත්වය පාලනයට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට වැඩි වගකීමක් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් තීරණ රැසක් එන්නත්කරණය පිළිබඳ ජනතාව බිය ගන්වන සංවිධානගත කණ්ඩායම් පිළිබඳ සොයාබලන්නැයි පොලිස්පතිට උපදෙස්  දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරේ. නව සාමාන්‍යකරණය යටතේ ජන …

Continue Reading

‘චීන අසාදුගත කිරීම ගැන‘ මහජන බැංකුවෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක්

මහජන චීන සමූහාණ්ඩුවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ගත කළ බවට මාධ්‍යවල ප‍්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහජන බැංකුව විසින් අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.   මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික …

Continue Reading

ෆේස්බුක් මව් සමාගමේ සන්නාමය Meta ලෙස වෙනස් කරයි

සිය සන්නාමය වෙනස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ෆේස්බුක් තම මව් සමාගමේ නාමය Meta (මෙටා) ලෙස වෙනස් කර ඇත්තේ ය. සමාගම පැවසුවේ තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්විකව නිරූපනය කිරීම (virtual reality) වැනි ක්ෂේත්‍රයන් දක්වා පුළුල් කරන බැවින්, නව සන්නාමය මඟින් තම සමාගමේ ක්‍රියාකාරකම් වඩාත් හොඳ “ආවරණය” කරන බවයි. මව් සමාගමේ සන්නාමය වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි …

Continue Reading

යූරියාවලට මේ තරම් බය ඇයි ?

යූරියා  යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි.  ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත  කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක් දක්වා, ගෝලීය නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙමින් පැවතුණි. ඉතිරි 99.9% ක් භාවිත කළ කිසිම රටකින් යූරියා විසවීමක් …

Continue Reading

යුගදනවි කැබිනට් පත්‍රිකාව පිළිබඳ හදිසි තීරණයක්

යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන්  ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ  ඉදිරිපත් කිරීමට ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ(28) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ පැවති හමුවේ දී මේ සම්බන්ධ කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි. මෙයට අමතරව කොවිඩ්-19 වසංගතයේ සහ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවේ වර්තමාන තත්ත්වය, කොවිඩ් …

Continue Reading

ලොව ඉහළම විද්‍යාඥයන් 2% අතරට ශ‍්‍රී ලාංකිකයන් 24ක්

ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප‍්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප‍්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප‍්‍රකාශන, පර්යේෂණවල ප‍්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත. මෙම ලැයිස්තුවට ශ‍්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි. …

Continue Reading

චීන පොහොර ගනුදෙනුව පිටුපස ඉන්නේ කවු ද?

චීන සමාගම මේ වනවිට රැගෙන ඒමට උත්සාහ කරන නැවේ පොහොර සාම්පල කිසිදු හේතුවක් මත නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළේ ය. නමුත් ඔහු කියා සිටියේ මෙරට පිළිගත් ප්‍රමිතියට අනුකූලව සකස්කර අලුතෙන් එවන පොහොර සාම්පල දෙපාර්ශ්වය පිළිගන්නා තුන්වන පාර්ශ්වයකට යොමුකර පරීක්ෂා කරන බවයි. චීනයේ චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොර සාම්පල දෙකක් …

Continue Reading