‘රතු බිල නොගෙවුවොත් විදුලිය කපනවා‘ – විදුලිබල ඇමැති අනතුරු අගවයි

Spread the love

මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා රජයේ පුවත්පතක් සමග ප්‍රකාශ කර ඇත.

කොරෝනා වසංගතයත් සමඟ ආදායම් අහිමිවීම සැලකිල්ලට ගෙන විදුලි බිල්පත් ගෙවීම සඳහා යම් කිසි සහනයක් දීමට රජය තීරණය කර මුත් මාසික බිල්පත ගෙවීමට හැකි පිරිස පවා එක දිගටම එය පැහැර හැරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව විදුලිබල ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉකුත් මාස කිහිපයේදි වරින් වර විදුලි බිල්පත් ගෙවා ඇති පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි නොකරන බවත් එක දිගටම බිල්පත් ගෙවීම් පැහැරහැර ඇති අයගේ විදුලි සම්බන්ධතාව අක­ැමැත්තෙන් වූවද තාවකාලිකව විසන්ධි කිරීමට සිදු වී ඇතැයි ලොකුගේ මහතා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් විදුලි විසන්ධි කිරීමට පෙර රතු බිල්පත් නිකුත් කරන බවද ඇමැතිවරයා තව දුරටත් පවසා ඇත.

Related Posts