‘ගෝඨාභය රාජපක්ෂ පඹයෙක්‘ – ඩිව් ගුණසේකර කියයි
“දැන්නම් මගේ නිගමනය මේ ගෝඨාභය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා” යැයි වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව්. ගුණසේකර මහතා සඳහන් කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (03) කොළඹදී පැවති සාකච්ඡා සභාවක් අමතමිණි. මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ගුණසේකර මහතා‘‘නිදහසින් පස්සේ මහ ඔළමොට්ටල කැබිනට් එකක් තමයි මේකෙ තියෙන්නේ. හරක් රැලක් …
Continue Reading
කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ සහතිකය අනිවාර්යයි
කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් (David Mckinnon) මහතා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ අද (4) පැවසීය. මෙම අනිවාර්ය කිරීම හරහා ව්‍යසනයෙන් තමන් ආරක්ෂා වන අතරම අනෙක් පුද්ගලයන්ටද එය පැතිරීම වළක්වා ගැනීමට යහපත් පියවරක් වී ඇතැයි මහ කොමසාරිස්වරයා කීය. කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකින් ( David Mckinnon) මහතා අද (4) සවස …
Continue Reading
චීන අසූචි නැව පාවෙන ජීවවිද්‍යාත්මක බෝම්බයක් – ජාතික අවදි සභාවෙන් හෙළිදරව්වක්
ගජමිතුරු ජාවාරම්කාර කොම්පැනියක් මගින් ඇණවුම් කළා යයි කියන ආන්දෝලනාත්මක වස විස රැගත් චීන පොහොර නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුළුවීමට උත්සාහ ගනිමින් තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජාතික අවදි සභාව විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අද (04) බත්තරමුල්ලේදී පවත්වන ලදී. ජාතික අවදි සභාවේ කැඳවුම්කරු හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් …
Continue Reading
ඉන්දියාවේ සිට ගුවනින් තවත් නැනෝ නයිට්රජන් දියර පොහොර තොගයක් මෙරටට
මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් 145,152ක් අද (04) අළුයම ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී. හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගැනිණ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම දියර පොහොර …
Continue Reading
මේ ආණ්ඩුව හදන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගහන්න – විජිත හේරත්
“දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්යසාධක බලකායේ …
Continue Reading
අඟේ ඉඳලා කන කන්න එපා – සනත් නිශාන්ත විමල්ට කියයි
‘අඟේ ඉඳලා කන කන්න එපා යැයිද හැකිනම් තනිවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තමන්ගේ තරම පෙන්වන ලෙසත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති නිශාන්ත කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කරයි. රාජ්‍ය ඇමති නිශාන්ත මෙලෙස කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කර සිටියේ අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “විමල් සහෝදරයා උදය ගම්මන්පිල මෙන්න මෙහෙම කථාවක් කියනවා. විමල් මේ මැතිවරණය අපි …
Continue Reading
යුගදනවි ගිවිසුම ගැන ‘විදුලිබල ලොක්කෝ කියන‘ කතාව
යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති. රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතු බවත් එසේ නොවුණහොත් විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් විදුලිබල ක්ෂේත්‍රයේ …
Continue Reading
මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීම ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්
-
Editor
-
November 3, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගසයේ සභාපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය සඳහා පත්කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල බුද්දික ඇතුළු ශිෂ්‍ය සංගම් 09ක ශිෂ්‍ය නායකයින්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ. විශ්වවිද්‍යාලයේ සංකේතීය සහ විශ්වවිද්‍යාලයේ ගෞරවනීය සංකේතය වන කුලපති ධුරය කිසි විටකත් දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන …
Continue Reading
එක් රටක් – එක් නීතියක් ගැසට් එකට කතෝලික රදගුරු සමුළුවේ විරෝධය
‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් …
Continue Reading
සීනි මිල පාලනයත් අහෝසියි !
සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (03) නිකුත් කිරීමට පියවර ගන්නා බවත් පාරිභෝගික අධිකාරියේ ආරංචි මාර්ග පවසයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (2) පැවැති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන ඇති අතර හිඟයකින් තොරව සීනි පාරිභෝගියන්ට ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ. පසුගිය …
Continue Reading