ඉන්දු – ශ්‍රී ලංකා සහ මාලදිවයින් නාවික හමුදා ඒකාබද්ධ යුද අභ්‍යාසයයක
-
Editor
-
November 22, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙම වසරට අභ්‍යාසය ආරම්භ කර වසර 30ක් සපිරේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සෙනසුරාදා සිට දින පහක ඒකාබද්ධ ද්විවාර්ෂික යුධ අභ්‍යාසයක් වන ‘දොස්ති’ ආරම්භ කර ඇත. ඉන්දියාව-මාලදිවයින-ශ්‍රී ලංකාව යන ත්‍රි-පාර්ශ්වික අභ්‍යාසය ‘දොස්ති’ හි අරමුණ වන්නේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය අභ්‍යාස කිරීම සහ රටවල් තුනේ වෙරළාරක්ෂක භටයන් අතර සහයෝගීතාව ගොඩනැගීමයි. පසුගිය වසර දහය …
Continue Reading
මින් පසු සහනාධාර දෙන්නේ කාබනික ගොවිතැනට පමණයි – ජනපති
කාබනික ගොවිතැනට පමණක් සහනාධාර … අඩුපාඩු හඳුනාගෙන ඊළග කන්නයට සූදානම් වන්න … ගොවීන් නිසි ලෙස දැනුවත් කර නැහැ … නිවැරදි දේ වෙනුවෙන් කැපවිය යුතු බවට ජනපති නිලධාරීන්ට දැඩිව අවධාරණය කරයි … රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, …
Continue Reading
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය. විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 60ක් පමණි. සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු විසර්ජන පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ …
Continue Reading
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු මිල සහ විශේෂතා
ලාභ ගන්න ගොවීන් කරන කූඨ වැඩ ගැන චෝදනා එළවළුවල ගුණත්වය අන්තට බැහැලා අතරමැදි ජාවාරමුන් නිසා එළවළු මිල අහස උසට යනවා නුවරඑළිය ඇතුළු උඩරට ප්‍රදේශවලින් අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වුව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (22) දින අළුයම කැරට්, ලීක්ස්, බෝංචි, අර්තාපල් වැනි එළවළු සීමිත ප්‍රමාණයක් ලැබී තිබුණු බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. ලැබී තිබුණු …
Continue Reading
මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය ගැන කතානායකට පැමිණිල්ලක්
අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ. පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් …
Continue Reading
පළමු දිනයේදීම පිතිකරුවෝ වැඩි වාසි ගෙනෙති
මාස 8 කට පසුව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේදීත් යළි ලකුණු අතර පැමිණීමට දිමුත් කරුණාරත්න සමත්වීම නිසා තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හරවා ගැනීමට හැකියාව ලැබිණ. තෙවැනි දිනය වන විට කඩතොලුවීමට ඉඩ ඇතැයි අනුමාන කෙරෙන ගාල්ල තණතීරුවේදී මන්දාලෝකය නිසා පළමු දිනය ක්‍රීඩාව අහවර කරන විට කඩුලු 3 කට ලකුණු …
Continue Reading
සම්භවය හඳුනාගත නොහැකි COVID-19 රෝගීන්ගේ ඉහළ යාමක්
මේ අතර, COVID-19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ තම දරුවන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට COVID රෝග ලක්ෂණ ඇත්නම් හෝ ධනාත්මක රෝගියෙකුගේ පළමු සම්බන්ධතා බවට පත් වුවහොත් තම දරුවන් පාසල්වලට නොයවන ලෙසයි. මේ වන විට රට තුළ හඳුනාගත් COVID-19 රෝගීන්ගේ සම්භවය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව සෞඛ්‍ය බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ. සෞඛ්‍ය …
Continue Reading
‘රසායනික පොහොර නැවත ගෙන්වන්න ජනපති සමග හෙට සාකච්ඡා කරනවා‘
වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම හෙට (22) පෙරවරුවේ සාකච්ඡා කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා අද (21) පැවසූ බව ලංකාදීප ඊ පුවත්පත වාර්තා කර ඇත. ජනාධිපතිවරයා සමඟ එම සාකච්ඡාව හෙට පෙරවරු 10.30 ට පැවැත්වෙන බවත් තුන්වැනි සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයන කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීම නියමිත බව ද ශෂීන්ද්‍ර …
Continue Reading
‘කාබනික පොහොර වැඩසටහන ආපසු හරවන්නෑ‘ – කෘෂි ඇමති
නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක සහ ශාක ආරක්ෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබාදීමට තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළ ද කිසිසේත් වී සහ එළවළුවලට රසායනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළ බව ජාතික මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත. වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට ආණ්ඩුව මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන …
Continue Reading
පොහොර ගැසට් එකත් රිවස් කළ බව කෘෂිකර්ම ලේකම් කියයි
කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ග ගත සැලැස්මට අනුව නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ ය. ඒ අනුව, මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් …
Continue Reading