පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

2014 /12/22 වැනි දින සිට හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පියවර ගෙන තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ නොවැම්බර් 22 දා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ග්ලයිපොසෙට් (Glyphosate) ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ …

Continue Reading

බිත්තර මිල ඉහළට

බිත්තර සහ කුකුල් මස් ආනයනය සීමාවීමත් කුකුළු ගොවිපොළ ආශිත ද්‍රව්‍යවල මිල ඉහළ යෑමෙන් නිෂ්පාදන මිල වැඩි වීමත් හේතුවෙන් බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ ගොස් ඇති බව කුකුළු ගොවිපොළ ආශිත නිෂ්පාදන සමාගම් පවසයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ නිලධාරියෙක් පැවසුවේ සුදු බිත්තරයක් රුපියල් 22 කට සහ රතු බිත්තරයක් රුපියල් 23 කට තොග මිලට …

Continue Reading

ග්ලයිෆොසෙට් තහනම් කළ ගැසට් එකත් හකුලා ගනී

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 05ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 ‍දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත්  විසින් (22දා) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් පළිබෝධ නාශක මත පනවා තිබූ භාවිතය සහ විකිණීමේ තහනම ඉවත් වනු ඇත. මහජනතාවගේ හිත පිණිස පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශණ …

Continue Reading

එළවළු ලැබීම ඉහළ යද්දී මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට

දිවයිනේ වීවිධ ප්‍රදේශවලින් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (23) දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ අගයත් පැවතීමත් සමඟ පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව කිලෝවල්  රුපියල් 50 ත් 60 ත් අතරප්‍රමාණයකින් අඩු  වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දින වැඩි වශයෙන් කන්ද උඩරට ප්‍රදේශය වලින් කැරට්, ලීක්ස්, බීට්, ගෝවා ආදී එළවළු වර්ග ලැබී තිබුණු බවත් ඇතැම් එළවළු ඉහළ මිලක් …

Continue Reading

‘නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා‘ – අගමැති මහින්ද

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කොට සාකච්ඡාවට ලක්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. අය-වැය කාරක සභා අවස්ථාවේ ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන බවත් රහසිගතව සිදුවන යමක් එහි නැතිබවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද …

Continue Reading

කොදෙව් ඉනිම ආරම්භයේදී කඩා වැටෙයි

නම් දැරූ දඟ පන්දු යවන්නන් දෙදෙනාට කළින් දක්ෂතා අතරට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පන්දු 25 ක් ඇතුළත කොදෙව් පිතිකරුවන් තිදෙනකුම දවා ගැනීමට සමත්වීම නිසා නොසිතූ අවධානමකට බටහිර ඉන්දීය කොදෙව් පිල මුහුණ දී සිටියි. එම කඩුලු 3 දවා ගැනීමේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අවස්ථාවකටද පැමිණි රමේෂ්ගේ සුපිරි පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 386 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් …

Continue Reading

ලකුණු 500ක ඉලක්කය සිහිනයක් වෙයි

ඉලක්කය ලකුනු 500 කට එහා ලකුණු සංඛ්‍යාවක් වුවද අවසන් කඩුලු 7 ම ලකුණු 105 කදී දවා ගැනීමට රොස්ටන් චේස් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 400 කට ලකුණු 14 ක් අඩුවෙන් හෙවත් ලකුණු 386 කදී නිමාවට පත්විය. ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් කිරීමේදී තරගය ඇරැඹි පළමු පැයේදී ශතක ලාභී දිමුත් …

Continue Reading

දිවා ආහාර පාර්සලයේ සහ ප්ලෙන්ටියේ මිලත් ඉහළට

එළවළු සහ ඒ ආශ්‍රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පවසයි. ඒ අනුව එළවලු බත්වල සිට ෆ්‍රයිඩ් රයිස් දක්වා මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති අතර ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ප්ලේන් කෝප්පයක මිල …

Continue Reading

මැනිං වෙළෙඳපොළ පාළුවෙයි

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ගොවීන්ගේ විරෝධතා හේතුවෙන් එළවළු සැපයුම අඩාල වීම හේතුවෙන් මැනිං වෙළඳපොළ අද (22) පාළුවට ගොස් තිබුණේය. පාරිභෝගිකයින්ගේ පැමිණීම ඉතා දුර්වල වූ අතර ව්‍යාපාරිකයින් ද සිටියේ අතලොස්සකි.  දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු සැපයුම අතිෂය සීමිත වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ සදහන් කළහ. එළවළු සැපයුම සීමිත වීම හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ අතර එම තත්ත්වය තව දුරටත් …

Continue Reading

ඉන්දීය නාවික හමුදාවට රහසිගත මිසයිල සහිත නෞකාවක්

අයි.එන්.එස් විශාකාපට්නම් යනු පළමු රහසිගත මිසයිල විනාශකාරී නෞකාවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉරිදා මුම්බායි හි නාවික තටාකාංගණයේදී අයි.එන්.එස් විශාකාපට්නම් නෞකාව නිල වශයෙන් ඉන්දීය නාවික හමුදාවට භාර දුන්නේය. අයි.එන්.එස් විශාකාපට්නම් දේශීය වානේ DMR 249A භාවිතයෙන් ඉදිකර ඇති අතර එය ඉන්දියාවේ ඉදිකරන ලද විශාලතම රහසිගත මිසයිල සහික නාවුක යාත්‍රා වේ.සමස්ත දිග මීටර් 163 ක් සහ ටොන් 7,400 කට වඩා වැඩි විස්ථාපනයක් …

Continue Reading