දිවා ආහාර පාර්සලයේ සහ ප්ලෙන්ටියේ මිලත් ඉහළට

Spread the love

එළවළු සහ ඒ ආශ්‍රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පවසයි.

ඒ අනුව එළවලු බත්වල සිට ෆ්‍රයිඩ් රයිස් දක්වා මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති අතර ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ප්ලේන් කෝප්පයක මිල රුපියල් 05කින් ඉහළ යාමට නියමිතය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ආපනශාලා හිමියන්, හෝටල් කර්මාන්තය සහ පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

“එළවළු දවල් කෑම පැකට්ටුවක් රුපියල් 160යි, මාලු දවල් කෑම පැකට්ටුවක් රුපියල් 200යි, කුකුල් මස් මිල වැඩි නිසා කුකුල් මස් සහිත දිවා ආහාර පැකට් එකක් රුපියල් 250ක උපරිමයකට විකුණනවා. කොත්තු රොටිවල මිලත් වැඩි කරනවා.වෙළෙඳපොළේ කැරට්, ලීක්ස් වැනි ප්‍රධාන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළ දැමීමට සිදු වුණා. මිල වැඩි නොකළහොත් අපේ කර්මාන්තය කඩා වැටෙනවා. එසේ වුවහොත් රට පුරා තිබෙන සියලුම හෝටල් ඉතා ඉක්මනින් බංකලොත් වී ව්‍යාපාරිකයින් දස දහස් ගණනක් මහ පාරට වැටේවි.

Related Posts