‘ගොවියාට පොහොර සැපයීමට වඩා සුද්දාගේ ණය බේරීම නිසා රටම සාගින්නක් අභියස‘
රටට බත සපයන ගොවියාගේ පොහොර අවශ්‍යතාවය පසෙකලා විදේශිකයන්ගෙන් ලබාගත් ඩොලර් ණය ගෙවීමට මේ රජය ප්‍රමුඛතාවය ලබා දුන් හෙයින් සමස්ත රටම සාගින්නට මුහුණ දෙන අවදානමක් උදාවී ඇත.කෘෂිකර්මාන්ත නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩි කිරීමට සෑම රටකම තාක්ෂණය හා පොහොර යෙදවීම සිදු කෙරේ. පොහොර භාවිතය වකුගඩු රෝගයට හේතුවක් බව ඍජු සාක්ෂි මෙතෙක් නැත. මෙවන් පසුබිමක ලංකාවේ පොහොර නොදී ගොවියා සහ ජනතාව රැවටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට කුකුල් මස් ,කිලෝවක් රුපියල් 750 කට විකුණන අතර දේශීය කෘෂි නිෂ්පාදනයක් වන මාළුමිරිස් කිලෝවක්ද රුපියල් 750 ට මිලදී ගැනීමට ජනතාවට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. සහල් එළවළු ඇතුළු ගොවියාගේ නිෂ්පාදනය පහළ බැස සමස්ත ජනතාවම හාමතේ වැටෙන තත්ත්වයකට මේ රට පත්වූයේ රජය කෘෂි නිෂ්පාදනයට වඩා රාජපක්ෂ රජය කාලයේ සිට ලබාගත් ස්වෛරී බැඳුම්කර ණය ආපසු ලබාදීම සඳහා ප්‍රමුඛත්වය දීම නිසා යැයි ඇතුල් කෝට්ටේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද පැවැති පුවත්පත් සාකච්ඡාව අමතමිණි. මෙහිදී වැඩි දුරටත් කතා කළ මන්ත්‍රීවරයා, වෙළෙඳපොළ පාලනයට මෙන්ම මූල්‍ය හා රාජ්‍ය පාලනයටද කිසිදු දැක්මක් හෝ සැලසුමක් නැති මේ රජය දැන් හෘද සාක්ෂි අනුව කටයුතු කරන මැති ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ද තම ග්‍රහණයට නතු කර ගැනීමට විවිධ උපක්‍රම හා බැලපෑම් යොදා ගන්නා බවක් පෙනෙන්නට තිබේ. රජය ස්ථාවරයයි පවසන පාලකයන් හිටිහැටියේ කිසිදු හේතුවක් නොමැතිව පාර්ලිමේන්තුවේ වාරය අවසන් කර තිබේ.පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු හරහා රාජ්‍ය ආයතන වල සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා, නාස්තිය හා දූෂණ පිළිබඳ බොහෝ කරුණු හෙළිකර ගෙන තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීන්, ගල් ඔය වැවිලි සමාගමේ වැනි රාජ්‍ය ආයතන වල ප්‍රධානින් බුරුතු පිටින් ඉල්ලා අස්වී මට සිදුව ඇත. ඉහල තනතුරු වලට තමන් පත් කළ තම හිතවතුන්ගේ දූෂණ හා අක්‍රමිකතා මෙසේ පාර්ලිමේන්තු කමිටු හරහා අනාවරණය වීම පාලකයන්ට හිසරදයක් වූ බැවින් පාර්ලිමේන්තු වාර අවසාන කිරීම හරහා මේ කමිටු සියල්ල අහෝසි කිරීම මගින් එම දූෂණ ද යටපත් කිරීම රජයේ අරමුණ වන්නේ ද ? රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමේ කුමන්ත්‍රණයක්? රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම හරහා සේවකයන්ගේ ස්වාධීනත්වය නැති කර ඔවුන්ව පාලකයන්ට ලැදි සේවකයන් බවට පත්කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ද අරඹා ඇත. රාජ්‍ය අංශයේ සේවක විශ්‍රාම වයස අවු 60 දක්වා දීර්ඝ කරනවා යයි මුලින් ප්‍රකාශ කළ රජය එය දැන් 55 සිට 57 දක්වා දීර්ඝ කර ඇත. ඉන්පසුව 62 දක්වා සේවා දිගුවක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. එහෙත් සේවකයෙකුගේ කාර්යක්ෂමතාවය හා කාර්ය සාධනය සතුටුදායක නැතැයි ආයතන ප්‍රධානියාට හැඟෙන්නේ නම් සේවා දිගුවකින් තොරව සේවකයා විශ්‍රාම ගැන්වීමට මුදල් අමාත්‍යංශය විසින් දෙසැම්බර් 14 වනදා නිකුත් කරන ලද නව චක්‍රලේඛය මගින් බලධාරීන්ට බලය පවරා ඇත. මෙමගින් සිදු වන්නේ සේවකයන් ස්වාධීනව හා අපක්ෂපාතීව රාජකාරි ඉටු කිරීමට වඩා වයස අවු 57 න් පසුව සේවා දිගුවක් අපේක්ෂා කරන්නේ නම් ආයතන ප්‍රධානීන් හා ඔහුව පත් කළ දේශපාලන පක්ෂයට ලැදිකම් දැක්වීමට සිදු වීමයි. මෙය රාජ්‍ය අංශය දේශපාලනීකරණය කිරීමේ නරක ආදර්ශයක් වීම වැළැක්විය නොහැකිය මේ රජය බලයට පත්වූ දා සිට තම නොහැකියාව සහ අකාර්යක්ෂම ආර්ථික පාලනය වසා ගැනීම සඳහා පසුගිය රජය සමයේ විශාල වශයෙන් ණය ලබාගෙන තිබූ බැවින් රටේ ණය බරතාවය වැඩි විනැයි බොරුව හා ප්‍රෝඩාව ව්‍යාප්ත කළේය. එහෙත් මෑතදී පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ ආයතනය මගින් රටේ ණය බර තාවය පිලිබඳ හෙළීකළ නිවැරදි දත්ත ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉදිරිපත් කළේය. 2014 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර තාවය රුපියල් ට්‍රිලියන 9.9 ක් වී ඇත. ඉන්පසු 2015 බලයට පත්වූ යහපාලන රජය 2019 වන තෙක් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.25 ක් පමණි. එහෙත් යහපාලන සමය තුළ, පෙර රාජපක්ෂ රජය ගත් ණය වල පොලිය වශයෙන් රු. ට්‍රිලියන 3.8ක් ගෙවා ඇතැයි කී මන්ත්‍රී වරයා ඒ අනුව සැබෑ ලෙසම යහපාලන රජය විසින් රටට අළුතෙන් එක් කළේ සමස්ථ ණය බරින් 10% පමණකි. රටක පමණක් නොව සමාගමක හෝ පුද්ගලයකු ද ණයක් ලබා ගැනීමේ ගණදෙනුව කළ යුතු වන්නේ ශක්තිමත් ස්ථාවරයක සිටයි. බැංකුවක ණයක් ගන්නා පුද්ගලයෙක් ශක්තිමත් ස්ථාවරයක සිට සාකච්ඡා කරන්නේ නම් ඔහු ඉල්ලන ණය ඉක්මනින් ලැබෙන අතර අඩු පොලි ප්‍රතිශතයකට ද ණය ගත හැකි වනු ඇත. මේ රජය විදේශ සංචිත හිදී සම්පත් විකුණන දුර්වල තැනක සිට ගනුදෙනු සඳහා සාකච්ඡා වලට යාමට සිදුව ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ආධාර පතාගෙන ගියද හිඟන්නාගේ පාත්‍රය අත ඇතිව එන බව ඔවුන් දන්නා නිසා දෙන මුදල් ආපසු ලබාගැනීම සඳහා ඔවුන්ගේ දැඩි කොන්දේසි වලට යටත් වීමට රජයට සිදු වනු ඇතැයි ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
Continue Reading
Omicron තර්ජන මධ්‍යයේ සීමා ලිහිල් කිරීම ගැන PHI සංගමය මවිත වෙයි
මෙහිදී උපුල් රෝහණ මහතා වැඩි දුරටත් පැවසුවේ, සීමාවන් ලිහිල් කළේ COVID සංඛ්‍යාලේඛන මතද නැතිනම් කිසියම් ‘සැඟවුණු බලවේගයක’ අභිමතය පරිදිද යන්න සැක සහිත බවයි Omicron තර්ජනයක් මධ්‍යයේ සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට දොස් පවරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) අද (17) කියා සිටියේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් යටතේ සීමාවන් ලිහිල් කර ඇත්දැයි තමන් සැක කරන බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් …
Continue Reading
ගෑස් ප්‍රශ්නය නිසා 80%කට වඩා ආපනශාලා හෙට සිට හෝටල් වැසෙයි
ගෘහස්ථ LP ගෑස් හිඟය හේතුවෙන් හෙට සිට ආපනශාලා සහ හෝටල් සියයට 80කට වැඩි ප්‍රමාණයක් වසා තබන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පැවසීය. ඔහු කියා සිටියේ එළවළු මිල ඉහළ යාමට අමතරව වෙළඳපොලේ ගෑස් හිඟය ප්‍රධාන ප්‍රශ්නය වී ඇති බවයි. “ආපනශාලා හිමියන් තම සේවාවන් කරගෙන යාමට නොහැකි බරපතල තත්ත්වයකට මුහුණ දී සිටිනවා,” ඔහු පැවසීය. ගෑස් හිඟය …
Continue Reading
කාබනික ගොවිතැනේ ප්‍රගතිය ගැන අලුත්ම හෙළිදරව්ව
කාබනික දියර පොහොර ලීටර් මිලියන අටකට අධික ප්‍රමාණයක් සහ කාබනික පොහොර ටොන් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ගොවීන් අතර බෙදා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. සූම් හරහා පැවති හරිත කෘෂිකර්මාන්තයක් සදහා වන කාර්ය සාධක බළකා රැස්වීමේදී වත්මන් පොහොර ගැටලුව සහ කාබනික දියර පොහොර සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය. පොහොර සඳහා ඇති ඉල්ලුම වැඩිවීම මෙන්ම …
Continue Reading
1971 ඉන්දු – පාකිස්ථාන් යුද ජයග්‍රහණයේ රිදී ජුබිලිය සමරයි
ෂෙයික් මුජිබර් රහ්මාන් රාවල්පින්ඩි හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද්ධය පිළිබඳ භීතිය ඇති විය. 1971 වසරේදී සියලු දුෂ්කරතාවලට මුහුණ දෙමින් පකිස්තානයට එරෙහිව ඉන්දියාව ලැබූ ජයග්‍රහණයේ 50 වැනි වසර බ්‍රහස්පතින්දා ‘විජය දිවාස්‘ ලෙස සමරනු ලැබීය. යුද ප්‍රවීණයන් සිය ප්‍රතිරාවය කරන අත්දැකීම් විස්තර කළේය. කමාන්ඩර් (විශ්‍රාමික) අජේ කුමාර් රේ, එවකට ගුජරාටයේ බටහිර වෙරළ තීරයේ ඉන්දීය නාවික නෞකාවක් වන ක්‍රිෂ්ණා හි සේවයේ යොදවා සිටි …
Continue Reading
ඉන්දියාව සහ එක්සත් ජනපදය ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡාවක
මෙම සංවාදය ඉන්දියාව-එක්සත් ජනපද ද්විපාර්ශ්වික සබඳතාවයේ ශක්තිය තහවුරු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි ඉන්දියාව සහ එක්සත් ජනපදය වාර්ෂික ද්විපාර්ශ්වික කොන්සියුලර් සංවාදයක් පැවැත්වූ අතර, කොන්සියුලර් ගැටළු කඩිනම් විසඳීම සඳහා සහයෝගීතාව, වීසා බලපත්‍ර සඳහා පහසුකම් සැලසීම ඇතුළු ඔවුන්ගේ අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළහ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, කොන්සියුලර් සංවාදය දෙසැම්බර් 13 වන දින එක්සත් ජනපදයේ දී …
Continue Reading
PB ජයසුන්දර ගැන ඉක්මනින් තීන්දුවක් ගන්න වෙන ලකුණු
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වහාම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට හෝ පහ කළ යුතු බවට ප්‍රබල මතයක් අමාත්‍ය මණ්ඩලය තුළ පවතින බවත් පසුගිය කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ඒ ගැන සාකච්ඡා වූ බවත් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ. පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් විසින් මෙම කරුණ මතු කර තිබූ අතර පැමිණ සිටි සියලුම අමාත්‍යවරුන් පාහේ ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි …
Continue Reading
IMF සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
වත්මන් විදේශ විනිමය අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කිසිදු ගනුදෙනුවක යෙදීමේ අවශ්‍යතාවයක් නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දැඩිව අවධාරණය කර තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා ඩේලි මිරර් සමග කියා ඇත්තේ ණය නොවන ගලා ඒම, අපනයන ආදායම සහ ප්‍රේෂණ නැවත මෙරටට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර වර්තමාන අවශ්‍යතා සමඟ කටයුතු කිරීමට …
Continue Reading
ආර්ථික අර්බුදය ගැන චම්පික කළ බිහිසුණු හෙළිදරව්ව
ඉතිහාසයේ ඉතාමත්ම බලගතු මූල්‍ය අගාධයට ශ්‍රී ලංකාදීපය ඇද වැටෙමින් තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රටේ දේශීය මූල්‍ය අර්බුදයත් ඉතා බරපතල ලෙස වර්ධනය වෙමින් තිබේ. විදේශ විනිමය හිඟය විසින් ඇති කර තිබෙන අර්බුදයත් මහා පරිමාණ අර්බුදයක් බවට දැවැන්ත සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් තිබේ. මේ තත්ත්වයත් සමග එළඹෙන වසර, විශේෂයෙන්ම පළවෙනි මාස කිහිපය, ඇතැම්විට …
Continue Reading
ප්‍රමිතියෙන් තොර තවත් ලිට්‍රෝ ගෑස් නැවක් ගොඩබෑම අත්හිටුවයි
-
Editor
-
December 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජයට අයත් ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3200 ක් සහිත නෞකාවක ගෑස් ද ප්‍රමිතියෙන් තොර වීම නිසා එම ගෑස් තොගය ගොඩබෑමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකළ පරීක්ෂාවකදී එම ගෑස්වල ‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුබව හදුනා ගෙන තිබිම මීට හේතුවයි. මේ සමග ලිට්‍රෝ සමාගම විසින් …
Continue Reading