Omicron තර්ජන මධ්‍යයේ සීමා ලිහිල් කිරීම ගැන PHI සංගමය මවිත වෙයි

Spread the love

මෙහිදී උපුල් රෝහණ මහතා වැඩි දුරටත් පැවසුවේ, සීමාවන් ලිහිල් කළේ COVID සංඛ්‍යාලේඛන මතද නැතිනම් කිසියම් ‘සැඟවුණු බලවේගයක’ අභිමතය පරිදිද යන්න සැක සහිත බවයි

Omicron තර්ජනයක් මධ්‍යයේ සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට දොස් පවරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) අද (17) කියා සිටියේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් යටතේ සීමාවන් ලිහිල් කර ඇත්දැයි තමන් සැක කරන බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරන ලද යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශවලට අදාළව ඇතැම් සීමා කිරීම් ලිහිල් කිරීම සහ අනෙකුත් සීමාවන් නොවෙනස්ව තබා ගනිමින් සිටීම ගැන සිය සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමිනි.

උපුල් රෝහණ පැවසුවේ සෞඛ්‍ය බලධාරීන් එම සීමාවන් ලිහිල් කළේ කුමන හේතු මතද යන්න අවුල් සහගත බවයි.

“Omicron ප්‍රභේදයෙන් එල්ල වන තර්ජනය සම්බන්ධයෙන් ලෝකය මේ වන විට තීරණාත්මක තත්වයක පැටලී සිටිනවා. ශ්‍රී ලංකාවද Omicron තර්ජනයෙන් ආරක්ෂිත නැහැ. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් තත්ත්වය තවමත් පාලනය කළ හැකි මට්ටමක නැහැ. ඊට අමතරව, විශේෂයෙන් උත්සව සමය ආසන්නයේ ඇති බැවින් මිනිසුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීමද කනස්සල්ලට කරුණකි්” ඔහු පැවසීය.

මෙහිදී උපුල් රෝහණ මහතා වැඩි දුරටත් පැවසුවේ, සීමාවන් ලිහිල් කළේ COVID සංඛ්‍යාලේඛන මතද නැතිනම් කිසියම් ‘සැඟවුණු බලවේගයක’ අභිමතය පරිදිද යන්න සැක සහිත බවයි.

Related Posts