Political Week: , කුම්භාණ්ඩයන්ගෙන් පොහොට්ටුව ආරක්ෂා කිරීමේ වගකීම ‘ගම්පහ ලොක්කා’ කරට අරන්

ප්‍රසන්න පසුගිය බදාදා බේරුවල ගියේ පියල්ගේ ඉල්ලීමක් අනුවය. පියල් ප්‍රසන්නට එන්න කියා තිබුණේ බේරුවල සංචාරක ව්‍යාපාරයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව ප්‍රසන්න එදින උදේ වරුව බේරුවල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට විසැඳුම් දුන්නේය. පහුගිය ආණ්ඩුව සිටි සංචාරක ඇමැතිවරුන් සම්බන්ධයෙන් මෙහිදී කතාබහක් ඇති විණි. “පහුගිය ආණ්ඩුවලත් සංචාරක ඇමැතිවරුන් හිටියා. ඒ අයට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවට වඩා තිබුණේ …

Continue Reading

ශරීර සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න – GMOA

දිවයිනේ ප්‍රදේශ කීපයක ශරීරයට දැනෙන උණුසුම ඉහළ ගොස් තිබෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන ජනතාව අවදානය යොමුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද ‌සොයිසා මහතා සඳහන් කළේය. කය වෙහෙසා වැඩකරන පිරිස් ශරීරයේ ජලය ඉවත් වීමෙන් ඇතිවන විජලන තත්ත්වය පිලිබඳව අවධානය යොමුකළ යුතු බවත් දැඩි හිරු රශ්මියේදී ගමන් කිරීමේදී කුඩ හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙස ද ඔහු ජනතාවගෙන් …

Continue Reading

ඉන්දියාවෙන් ලොකු ලුනු ආනයයට අද දින සිට අවසර

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කිරීමට අද (27) අවසර ලැබෙන බැවින් ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 40කින් පමණ අඩුවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කරනවා. පසුගිය කාලයේ ඉන්දියාව ලොකු ලූනු අපනයනය නවතා දැමීම හේතුවෙන් නෙදර්ලන්තයෙන් ලොකු ලූනු ගෙන්වීමට සිදුවීම හේතුවෙන් ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 190 ද ඉක්මවා ගිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Continue Reading

ක්‍රිකට් සභාපතිවරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැදියි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණ පිවිසුම් දොරටුව අසලදී ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් තමන් සමාව අයැද සිටින බව ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සඳහන් කර සිටියි.  ලකුණු 161 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව අත්කරගත් එම තරගය නැරඹීම සඳහා නව දහසකට අධික …

Continue Reading

කොදෙව්වන්ට එරෙහි T20 ශ්‍රී ලංකා සංචිතයේ වෙනස් කම් 3 ක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙපළක් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරියව කැඳවීමට තීරණය කර තිබේ. දැන් පැවැත්වෙන එක්දින තරගාවලියේදී පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු ලෙසින් කැපී පෙනීම නිසා තිසර පෙරේරාත්, අවසන් වුණු දේශීය අන්තර් සමාජ විස්සයි-20 සහ එක්දින තරගාවලියේදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන …

Continue Reading

ලකුණු 345 න් 198 ක් දුවලා දිනපු ජයග්‍රහණය ගැන අවිෂ්ක කියපු රහස

ශ්‍රී ලංකාව යනු මෑත කාලීනව ජාත්‍යන්තර පිටියේ අවම දක්ෂතා දක්වන ලද කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් බව නොරහසකි. එහෙත් පුහුණු කරු තනතුරුවල සිදුකරන ලද 100% ක වෙනස්කම හරහා පෙර තත්ත්වයෙන් ගොඩ ඒමේ ප්‍රවණතාවක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්නුම් කර තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමත් සමඟය. පළමු තරගය කඩුල්ලකින් …

Continue Reading

ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට කොරෝනාවෛරසයෙන් බලපෑම් එල්ල වේද?

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් “පූර්ව ආරක්ෂක පියවර” අනුගමනය කිරීමට නියමිත නමුත්, මාර්තු මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම අවලංගු කර නැති බව එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. කෙසේනමුත්, පවතින තත්වය පිළිබඳ “නිරන්තරයෙන් අධීක්ෂණය කරන” බව ද පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. දෙසැම්බර් මස දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේදී කොරෝනාවෛරසය හේතුවෙන් එංගලන්ත …

Continue Reading

හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඊයේ (26) දින හෝමාගම මූලික රෝහලේ  හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. එහිදී රෝහලේ පාලනාධිකාරිය ඇතුලු නිලධාරි මණ්ඩලය සමග රෝහ‌ලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබද සාකච්ඡා පවත්වන ලද අතර එම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සදහා කටයුතු කරන බව පැවැසීය. 649178 ක පමණ ජනගහනයකින් යුත් …

Continue Reading

සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සදහා රජයේ අවධානය

සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි අයවැයෙන් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවයි. බේරුවල කළුවාමෝදර වෙරළ ආශ්‍රිත සංචාරක කලාප පවතින අඩුපාඩු සොයා බැලීම සදහා ඊයේ (26) කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ඇමතිවරයා මෙම අදහස් පල කලේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියල් නිශාන්ත …

Continue Reading

සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර අනාරක්ෂිතයි

දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට ඉඩ දිය හැකි ආරක්ෂක දෝෂයක් පැනනැගී ඇත. අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත් ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අවස්තාව ව්‍යර්ථ විය. ඔවුන්ගේ ATM යන්ත්‍රවල පවතින ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි …

Continue Reading