ශ‍්‍රී ලංකාව දෙවැනි T20 තරගයත් පරාදයි: 2:0ක් ලෙස කොදෙව් පිළ තරගාවලිය ජය ගනී
-
RSL
-
March 6, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (6) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 07ක පහසු ජයක් ලැබුවා. ඒ අනුව තරග දෙකකින් යුතු විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසිසේ වාසිය දිනාගත් බටහිර කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දෙන ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. …
Continue Reading
මහ මැතිවරණයෙන් පසුව අලුත් ව්‍යවස්ථාවක් හදනවා – මහින්ද
මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (6) අරලියගහ මන්දිරයේදී ජනමාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී පැවසුවා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩුව විසින් කඩිමුඩියේ සම්මත කරගත් දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19 වන සංශෝධනයෙන්ම ප්‍රතිඵලයක් …
Continue Reading
සිරිසේන පවා දුන් ශ‍්‍රීලනිපය වෙනුවට වෙල්ගමගෙන් ‘පිරිසිදු ශ‍්‍රීලනිපයක්’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු වූ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ‘නව ලංකා නිදහස් පක්ෂය’ නමින් නව දේශපාලන පක්ෂයක් අද දින (6) පිහිටුවා ගත්තා. නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක ‘උත්සවය පිරිසිදු බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වෙනුවෙන්‘ නම්කර තිබූ අතර එම උත්සවය පක්ෂයේ නායක කුමාර වෙල්ගමගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේදී පැවැත් වුණා. එහිදි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා …
Continue Reading
උපාධිධාරී පත්වීම් ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලයි
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ. සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කෙරේ. ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලා සිටී. පත්වීම ලැබී දින 03ක් …
Continue Reading
රජයේ වියදම් සඳහා ජනපති අවසරය ලැබේ
අද (මාර්තු 06) සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අධිකාරි බලපත්‍රය නිකුත් කළේය. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය. රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.
Continue Reading
කොරෝනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩපිළිවෙළක්
කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී. ඉහළ අවදානමක් සහිත රටවලින් දිවයිනට එන මගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් පරීක්ෂා කිරීම සහ රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන ස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම ඊට අයත්ය. ශ්‍රී ලංකාව තුළ වෛරසය ව්‍යාප්තවීම නතර කිරීමට සියලු නිවාරණ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් …
Continue Reading
රැකියා ලක්ෂයට අනුමැතිය දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කෙරේ
අප රටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී. ව්‍යාපෘතියේ ආරම්භය අරමුණු සහ ක්‍රියාකාරිත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිසම වෙත අද (06) ලිපියක් යැවූ බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද …
Continue Reading
කොරෝනා වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක්
කොරෝනා වෛරසය රට තුළට පැමිණීම නතර කිරීමට නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටී. රජය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග නිසා කලාපයේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිතුමා පවසයි. ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගැනීමට ගතයුතු පූර්ව ක්‍රියාමාර්ග සොයා බැලීමට අද (06) දහවල් …
Continue Reading
Covid 19 ආසාධිත රටවල් වලින් පැමිණෙන සිසුන් නිරෝධායනයට
චීනය කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ ව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් …
Continue Reading
කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්
-
RSL
-
March 6, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මාර්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. අද සහ හෙට දිනවලදී (6 සහ 7) විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වේ. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව …
Continue Reading