වෑන් රථය පළු ගසක ගැටී 6ක් මරුට

කතරගම වන්දනාවේ යමින් සිටි වන්දනාකරුවන් රැුගත් වෑන් රථයක් අද (9) අලුයම මත්තල – කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුව ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය ප‍්‍රකාශ කළේය. රියදුරුට රථය පාලනය කරගත නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පලු ගසක වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව සදහන් කළ ලුණුගම්වෙහෙර පොලිසිය තුවාලකරුවන් තිදෙනා හම්බන්තොට හා …

Continue Reading

2022 වසර ‘නරඹමු ශ්‍රී ලංකා’ වසර ලෙස ප්‍රකාශයට පත් කීරීමට යයි

සංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සදහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් සැලසුම් කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට ඇමති මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන. ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇත්තේ 2025 වන …

Continue Reading

සමානාත්මතාවය ඉල්ලා ලොව පුරා කතුන් උද්ඝෝෂණයේ

මාර්තු 08 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලොව පුරා නගරවල කාන්තාවන්ට වෙනස් කොට සැලකීම පිළිබඳව දැනුවත් කිරීමේ පෙළපාලි පැවැත් වූහ. කොරෝනා වෛරසය පිළිබඳ කනස්සල්ල නොතකා මෙම විරෝධතා පුළුල්ව හා හොඳින් සංවිධානය කර තිබුණේය. ලොව පුරා ජනයා සියවසකට වැඩි කාලයක් තිස්සේ කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස මාර්තු 8 සලකුණු කර ඇත. එය කම්කරු ව්‍යාපාරයෙන් වර්ධනය වී එක්සත් ජාතීන්ගේ …

Continue Reading

චීනයේ කොරෝනා ව්‍යාප්තිය ඉලක්කම් දෙකට බසී

චීනයේ කොරෝනා නව ආසාදිතයින් වාර්තා වීම ඉලක්කම් දෙකේ අගයට පත්ව තිබෙන බවත් ඒ අනුව චීනයේ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යමින් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා. චීන රජයේ නිල වාර්තා උපුටා දක්වන එම මාධ්‍ය වාර්තාවලට අනුව නව කොරෝනා වෛරසය මුලින්ම වාර්තා වූ හුබෙයි පළාතෙන් පිටත ඊයේ (සෙනසුරාදා) වාර්තා වී ඇත්තේ රෝගීන් තිදෙනකු පමණක් වන අතර වූහන් නගරයෙන් …

Continue Reading

අගමැති අයියා එක්ක වැඩ කරන්න බෑ කියලා ජනපති මල්ලි කියනවා – බිමල් රත්නායක

මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැකියා ලක්‍ෂයේ වැඩපිළිවෙළත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනත් විශාල අර්බුදයකට ලක්වෙලා. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ මෙම රැකියා ලබාදීමේ වැටසටහන ගැටලූ ගණනාවක් මතුකර තිබෙනවා. රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබානොදුන් නිසා විශාල ප‍්‍රමාණයක් රැකියා විරහිතවත් ඌණ රැකියාලාභීන් ලෙසත් සිටිනවා. උපාධියට ගැලපෙන රැකියාවක් ලබාදෙන්න ආණ්ඩුවලට වැඩපිළිවෙළක් නැති නිසා උපාධිධාරීන් දැඩි පීඩාවකට ලක්වෙලා. ඇතැම් උපාධිධාරීන් රැකියාවක් ලබාගැනීමේ අරමුණින් ගෝඨාභය …

Continue Reading

සජිත්ට ප්‍රසන්නගෙන් ලකුණක්

ලකුණක් සොයා ගත නොහැකිව අසරණ වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලකුණක් යෝජනා කළේය. අද (08) මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මධ්‍යම බල මණ්ඩල රැස්වීමේ දි ඇමතිවරයා කීවේ එක්සත් ජාතික පක්ෂය අද ලකුණවලට රණ්ඩු වන බවයි. එක් පාර්ශවයක් අලියා ඉල්ලද්දි අනෙක් පාර්ශවය හදවත ඉල්ලන බව තවත් පාර්ශවය දුරකතනය …

Continue Reading

කුවේට් ගුවන් ගමන් සතියකට තාවකාලිකව අත්හිටුවයි

කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව,ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් රට  වෙත පැමිණෙන හා පිටත්ව යන සියළු ගුවන් ගමන් 2020 මාර්තු 06 වන දින සිට සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ …

Continue Reading

Political Week Review: බැදුම්කර හොරු නිදැල්ලේ ඉන්න කොට දේශපාලන වුවමනාවට රවී දඩයමක් කරලා

සටහන – ගජබා නාගහවත්ත මහා මැතිවරණය විතරක් මූලිකත්වය අරන් වැඩකරන්න දැන් වෙලාවක් නෑ. දෙපාර්ශවයම නොබෙදී  එකම ලයිස්තුවකින් තරඟ කරන්න සුදානම් නම් මට ඕනෑම මැදිහත්වීමක් කළ හැකියි. ඒත් සමගියක් ඇති නොවන තැනක මට මැදිහත් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි පාර්ලිමේන්තුව විසුරුවා නාම යෝජනා කැදවීමට දින නියම වී තිබුණ ද එ.ජා.ප අර්බුදයට විසදුමක් ලැබී නැත. එහෙත් විපක්ෂ නායක සජිත් පසුගිය සදුදා නෙළුම් පොකුණේ …

Continue Reading

Political Week Review: සිරිසේනට එරෙහි ගම්පහ ලීඩර්ගේ සටන දිගටම

මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයෝ ලහි ලහියේ සුදානම් වෙන්නේ ඉදිරි මැතිවරණටය. හිටපු මැති ඇමතිවරු මෙන්ම අලුත් අපේක්ෂකයෝ ද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනටමත් ප්‍රචාරක කටයුතු ද අරඹා ඇත්තේ මැතිවරණ දින නියම වීමත් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු සීමා වන නිසාය. ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය බදාදා සිය මැතිවරණ ඡායාරූප ගන්නට ගියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පි ප්‍රසන්න හෙන්නායක ලගටය. ප්‍රසන්නගේ පියා වන රෙජීගේත් මැතිවරණ වලට …

Continue Reading

කොරෝනා වැළැක්වීමේ පියවර පිළිබඳව විදේශ ඇමති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දෙයි

COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය සහ එය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගැනීමට අපේක්ෂා කරන පියවර පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට විස්තර කළේය. මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර රජය විසින් ගෙන ඇති බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මාධ්‍යයේ කාර්යභාරය අගය කළ එතුමා, වෛරසයෙන් එල්ලවන අන්තරායන් පිළිබඳව සැලකිලිමත් වන අතරම, නිවැරදි තොරතුරු සාමාන්‍ය ජනතාව …

Continue Reading