මාතලේ රෝහිණීට සජිත් පිළෙන් කැපිල්ලක්: ඇත්ත හේතුව රෝහිණීම කියයි

සජිත් පේ‍්‍රමදාස නිවාස ඇමැතිකම් දරන සමයේ බෙදා දුන් සිමෙන්ති ගෙවල්වලින් රුපියල් 500 බැගින් එකතු කර නොදුන් නිසා තමාට එරෙහිව මාතලේ දිස්ත‍්‍රික්කය තුළ දේශපාලන කැපිල්ලක් ක‍්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ තව දින කිහිපයකින් දැඩි තීන්දුවක් ගැනීමට තමාට සිදුවන්නේ යැයි මාතලේ දිස්ත‍්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණි විජේරත්න මහත්මිය පැවසුවාය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජේරත්න මහත්මිය කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු …

Continue Reading

රනිල් – සජිත් සමගි කරන්න ‘කරූගේ නිවසේ පැවැති’ සාකච්ඡාත් කොටඋඩ

එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පසුගිය 08 වැනිදා සහ 09 වැනි දින පෙරවරුවේ හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන්  ඒ් මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී පැවැත්විණි. 08 වැනි දින පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද 09 වැනිදා පෙරවරුවේ පැවති සාකච්ඡාව …

Continue Reading

ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවෙන් එන ගුවන් මගීන් හෙට සිට නීරෝධායනයට

නව කොරෝනා වෛරස රෝග තත්වය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නීරෝධායනය කිරීම හෙට (10) අලුයම 4.00 සිට ආරම්භ කිරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා. ඔහු සදහන් කළේ හෙට දින අලුයම 4.00ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන පළමු ගුවන් යානය වන කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- …

Continue Reading

එජාප මැතිවරණ ඉතිහාසයේ ‘කැතම පාවාදීම’ පේ‍්‍රමදාසගේ පුතා කරයි

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් සදහන් කළේ එජාපයේ දුර්වලම පුද්ගලයා වන සජිත් පේ‍්‍රමදාස දුරකථනයෙන් නොව මිසයිලයෙන් ආවත් ඔහුව අන්ත පරාජයකට පත් කිරීමට මෙරට ජනතාව පුුල පුලා බලා සිටින බවයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ව මැතිවරණ …

Continue Reading

සෞදියේ කුමාරවරුන්ගේ යුද්ධය

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු තමාට අභියෝගයක් විය හැකි යැයි විශ්වාස කරන රාජකීයයන්ට සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව නව මර්දනයක් දියත් කර ඇත. ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ට ඇති බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇතැයි විශ්වාස කෙරේ. මෙම මර්දනයට ලක්වූවන් අතර වඩාත් කැපී පෙනෙන රාජකීය පවුලේ සාමාජිකයන් දෙදෙනෙකි: ඒ සවුදි …

Continue Reading

ගුරු – විදුහල්පතිවරු දින 3ක අඛණ්ඩ වැඩ වර්ජනය 16 දා සිට

වැටුප් විෂමතා ඉවත් කිරීමල විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු – විදුහල්පතිවරු මෙම මස 16 වැනිදා සිට දින තුනක අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේය. ජයසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේ කොල්ලුපිටිය සී.එම්.යූ ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදීයි. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් …

Continue Reading

ITSSL අනාවරණයට ප්‍රතිචාර දක්වමින්, සම්පත් බැංකුවේ ATM යන්ත්‍රවල ආරක්‍ෂිත බව දන්වයි

සම්පත් බැංකුව විසින් අප පෙබරවාරි 27 දින සිදුකරනු ලැබු මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සම්පත් බැංකුව විසින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ලිඛිතව ඔවුන්ගේ ATM යන්ත්‍රවල ආරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් දැනුම් දී ඇත.  එමඟින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට පිළිගත් වාණිජ බැංකුවක් ලෙස සම්පත් බැංකුව තම සියලුම ගනුදෙනුකරුවන්ගේ දත්ත සුරක්ෂිත භාවය සහ ATM යන්ත්‍රවල සුරක්ෂිතභාවය වගකීමෙන් යුතුව තහවුරු කර සිටින …

Continue Reading

වසර 16කට පසු අඩුම බොරතෙල් මිල වාර්තා වෙයි

මිල යුද්ධයක ආරම්භය ලෙස විශ්ලේෂකයින් පවසන පරිදි සඳුදා (9) ආසියාවේ තෙල් මිල 30% කින් පමණ කඩා වැටී ඇතැයි බී.බී.සී ලෝක සේවය නිකුත් කළ මාධ්‍ය වාර්තාවක සදහන් වේ. ලෝකයේ ප්‍රධාන තෙල් අපනයන කරුවෙකු වන සෞදි අරාබිය පසුගිය සති අන්තයේ සිය තෙල් මිල අඩු කළ අතර ඊට හේතු වුණේ තියුණු නිෂ්පාදන කප්පාදුවලට සහාය දෙන ලෙස පසුගිය සිකුරාදා (7) රුසියාවට ඒත්තු ගැන්වීමට අපොහොසත් …

Continue Reading

පොහොට්ටුවෙන් ද ? තනියමද ? ශ්‍රීලනිපය තීරණය බදාදා

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේන සහ පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් පොහොට්ටුවේ නායකයින් විසින් සංවිධානාත්මකව දියත් කර ඇති බැවින් පක්ෂය සහ පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීම සදහා ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කළ යුතු බවට දයාසිරි ජයසේකර ඇතුළු ප‍්‍රබලයින් පිරිසක් පක්ෂ සභාපති සිරිසේනට දැඩිව බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. එම වාර්තා කියන්නේ පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතුය …

Continue Reading

දඹදිව වන්දනා ගමන් තාවකාලිකව නතර කිරීමට පියවර

කොරෝනා වෛරසය ලෝව පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන හෙයින් ආරක්ෂාකාරී පියවරක් ලෙස දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය. මේ පිළිබදව වන්දනා ගමන් සම්බන්ධව කටයුතු සංවිධානය කරන ආයතන සහ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි ද බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.

Continue Reading