ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන තැනට

ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට ඊයේ වන විට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා පවසයි. රටෙහි සාර්ථක එන්නත්කරණය තුලින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇති බවත් එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළම ජයග්‍රහණයක් බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකෙරෙන නව ඖෂධ කර්මාන්ත ශාලා  තුනක් සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව …

Continue Reading

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරඹේ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඵලකය නිරාවරණය කළහ. අදියර තුනක් යටතේ සිදු කෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතය. හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙහි දිග මීටර් 1,320කි. වැඩ නිම වීමෙන් පසු …

Continue Reading

‘කාබනික වගාවට කඩේ ගිහින් මගේ දේශපාලනය විනාශ වුණා‘ – කෘෂි ඇමැති මහින්දානන්ද

“මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන චෝදනා අසාධාරණයි කියලා මම හිතන්නෙ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා  මගේ වසර 32ක දේශපාලනය විනාශ වුණා. එහෙම වුණත් රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවා” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ අද (11) පෙරවරුවේ කෘෂිකර්ම  …

Continue Reading

ඉන්දියාව ආර්ථික ආශ්චර්යයකට සැරසෙයි !

2022 මාර්තු 31 න් අවසන් වන වත්මන් මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස සිය ස්ථානය නැවත ලබා ගැනීමට සූදානම් වේ. 2022 ජනවාරි 9 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද Khaleej Times එහි වාර්තාව ප්‍රකාශ කළේ, 2030 වන විට ජපානය ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස ඉන්දියාව අභිබවා යාමට ඉඩ ඇති අතර, රටේ දළ දේශීය නිෂ්පාදිතය ජර්මනිය සහ එක්සත් …

Continue Reading

ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් සඳහා විශේෂ හින්දි භාෂා පාඨමාලාවක්

පසුගිය 10 වැනිදාට යෙදුනු ලෝක හින්දි දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා ‘හින්දි ප්‍රවීණතා පාඨමාලාවක්’ දියත් කරන ලදී. මෙම උත්සවය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ (SVCC) පැවැත්විණ. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් බැවසුයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් සේවාවන්හි නිලධාරීන් 70 දෙනෙකු ඊට …

Continue Reading

අධිවේගී මාර්ගයේ පැවැත්වෙන පාපැදි ධාවන තරගාවලිය ලබන 14වැනිදා

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ  අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාවලිය පැවැත්වේ. ජාතික හා …

Continue Reading

2025 දී රබර් නිෂ්පාදන අපනයනය ඩොලර් බිලියන 3 දක්වා වැඩි කිරීමට EDB සැලසුම්

2021 වසරේ රබර් නිෂ්පාදන අංශයෙන් ශ්‍රී ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ආදායමක් ලබා ඇති අතර එය 2025 වන විට ඩොලර් බිලියන 3 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අදහස් කරයි.මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රබර් ආශ්‍රිත නිෂ්පාදන සමාගම් සඳහා හොරණ ප්‍රදේශයේ යෝජිත කර්මාන්ත කලාපය ඉක්මනින් යථාර්ථයක් වනු ඇතැයි EDB අපේක්ෂා කරයි. පසුගිය වසර කිහිපය තුළ …

Continue Reading

තනි ඇහැට අඩන්න හිතෙන ‘කුණු ළුෑණු ජාවාරමේ අලුත්ම කතාව‘

ඉන්දියාවේ සිට මෙරටටට ගෙන්වූ ලොකු ළූණු කිලෝ 5000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට සූදානම් කිරීමේ අරුම පුදුම පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හුදෙකලා ගබඩාවකින් ඊයේ වාර්තා විය. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ජනාවාස වලින් තොර ස්ථානයක පවත්වාගෙන යන මහා පරිමාණ ගබඩා සංකීර්ණයක විදේශ රට වලින් ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළුණු  තොගයක් කාන්තාවන්  යොදා හොඳ ළුණු වලට කලවම් කොට වෙඳපොළ යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන …

Continue Reading

ලොව ප්‍රථම වරට ජාන වෙනස් කළ ඌරු හදවතක් මිනිසකුට බද්ධ කෙරේ

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබේ. බල්ටිමෝර් නගරයේ දී, පැය හතක අත්හදා බැලීමේ ශල්‍යකර්මයකට බඳුන්වූ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට්, දින තුනක් ගතවූ පසුව ද හොඳ සෞඛ්‍ය මට්ටමක පසුවන බව වෛද්‍යවරු පවසති. බෙනට්ගේ ජීවිතය රැක ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස මෙම බද්ධ කිරීම සිදුකෙරුණු නමුත්, එහි දිගුකාලීන බලපෑම කෙසේ වනු …

Continue Reading

ජාතික ගොවි සමුළුවෙන් රජයට යෝජනා 07ක්

මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බව පසුගියදා (10) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති  ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ.  දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුළු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව  ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න මහතා …

Continue Reading