කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදන රැසක්

කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. ඒ අනුව පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර …

Continue Reading

LPL නොවැම්බරයේදී

නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. …

Continue Reading

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඇමතිවරුන්ට හා නිලධාරීන්ට දෙහි කපති

ආණ්ඩුවේ සිටින සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන් ජනතාවට නම්‍යශීලි විය යුතු යැයි ‘පැවිදි හඬ සංවිධානයේ’ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති. අද (03) දින පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ මහජන මතයට කන් නොදෙන අමාත්‍යවරුන් හා නිලධාරීන් යහපාලන ආණ්ඩුවට සිදුවූ දේ ආදර්ශයට ගත යුතු බවයි. මෙහිදී වැඩි දුරටත් …

Continue Reading

කොවිඩ් පාලනය කළ රට නැවත අනාරක්ෂිත නොකළ යුතුයි – යුද්ධ හමුදාපති

ගත වු පැය 72ක කාලය තුළ විදේශයන්හි සිට පැමිණි කොවිඩ් 19 ආසාදිතයින් 89ක් හමු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (03) වන විට විදේශ රටවලින් පැමිණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගත් සමස්ථ ගණන 1197ක් වේ. එයට විදේශිකයින් 42ක් සහ ලාංකීකයින් 1155ක් අයත් ය. තවදුරටත් විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් …

Continue Reading

ඇපල් වෙනුවට අපේ ‘රහංගල පෙයාර්ස්’වලට පුරුදු වෙමු !

2018 වර්ෂයේදී ලංකාවට රුපියල් මිලියන 4300ක් වටිනාමින් යුතු ඇපල් ටොන් 27,253ක් ආනයනය කරලා තිබෙනවා. ඊට අමතරව පෙයාර්ස් ටොන් 355ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 50ක් වැය කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි 2018දී ඇපල් සහ පෙයාර්ස් කන්න රුපියල් මිලියන 4350ක විදේශ විනිමය විනාශ කරලා තිබෙනවා. ලංකාව කියන්නේ ‘පලතුරු වත්තක්’. එහෙම රටක තමයි මේ මිලියන 4350ක විදේශ පලතුරු කාලා තියෙන්නේ. පිට රට …

Continue Reading

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. විනාඩි 25කට සීමා වූ සරල උත්සවය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට  රජය තීරණය කළේය. අද රාජ්‍ය සේවයට එක් වූ …

Continue Reading

ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හේතුවෙන් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය වහාම යාවත්කාලීන කරගන්න

Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්‍ෂිත දෝෂ හදුනාගැනීම හේතුවෙන් Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සදහා නවතම යාවත්කාලීන නිකුත් කොට ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Mozilla Firefox වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

Continue Reading

ඉණ අඟල් 40ට වඩා වැඩි පිරිමින්ට ‘පිළිකා මරුවා’ අතවනයි !

ඉණ වට ප්‍රමාණය අඟල් 40ට වඩා වැඩි පිරිමින් ඊට වඩා අඩු ඉණ වට ප්‍රමාණයක් ඇති පිරිමින්ට වඩා පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මියයාමට ඇති සම්භාවිතාව 35%ක් බවයි මෙහිදී ඔවුන් හදුනාගෙන තිබෙන්නේ. ඉණ වටා වට ප්‍රමාණය අඟල් 40ට වැඩි පිරිමින් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මිය යාමේ වැඩි අවදානමක් ඇතැයි නවතම පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා. ඉණ අඟල් 40 (සෙන්ටිමීටර් 103) හෝ ඊට වැඩි පිරිමියෙකු ඉණ …

Continue Reading

ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු – ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනයට

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද, වගා කටයුතු කළ ද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී. ප්‍රශ්නය විසඳීමට …

Continue Reading

දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවේ වාර්තාව අගමැතිට

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන් (2015-2019) පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අද (02) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාර දෙන ලදී. 2015-2019 කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන්  දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පුද්ගලයින් 6952 දෙදෙනෙක් මේ වන විට මෙම කමිටුවට අභියාචනා ඉදිරිපත් කර තිබේ. ඒ අතුරින් 1152 දෙදෙනෙකුගේ අභියාචානාවලට අදාළ පරීක්ෂා කිරීම්, නිරීක්ෂණ හා ඉදිරි …

Continue Reading