වෛද්‍ය සභාව සම්බන්ධ කමිටු වාර්තාව “ස්වාධීන වාර්තාවක්“ වෙයිද ?

ශ්‍රී ලාංකික සිසුන්ට හට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානුවේ ප්‍රමුඛතම රාජ්‍ය වෛද්‍යවිද්‍යාල කිහිපයක් අනුමත ලේඛණයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගන්නා ලද තීරණයත් සමග මහත් අන්දෝලනයකට තුඩු දෙන හේතුවක් විය. එය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් දක්වා මේ වන විට මෙම අර්බුදය දුරදිග ගොස් ඇත. එයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රී ලංකා …

Continue Reading

දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුවේ නව සභාපති අගමැති හමුවෙයි

රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන (2015-2019) කමිටුවේ නව සභාපති ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් අද (18) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර එතුමා කථානායක ධූරයට පත්වීමත් සමඟ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත් කෙරිණි. නව සභාපතිවරයා පත්වීමෙන් …

Continue Reading

රජයේ ඉඩම්වල කළුගල් කැණීම් කර්මාන්තය පිළිබඳ වාර්තාව අගමැතිට භාර දෙයි

රජයේ ඉඩම් තුළ සිදුකරන කළු ගල්  කැණීම් කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (18)  දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී. ඉඩම් කොමසාරිස් ජනරාල්  ආර්. එම්. සී. එම් හේරත් මහත්මියගේ සහභාගීත්වයෙන් යුතු එම කමිටුව, කමිටු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ය. කමිටු වාර්තාව භාරදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා එම කමිටුවේ නිර්දේශ සහ යෝජනාව පිළිබඳ විමසා …

Continue Reading

ජනපති අතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි

කොවිඩ් – 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. 2015 වසරේ සිට කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරු පැදි ලැබී නොතිබිණ. සේවා කාලය තුළ යතුරු පැදි නොලැබුණු, දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක  සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 749 දෙනෙක් හා ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන …

Continue Reading

ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තේ ලෝක වෙළෙඳපොළට සපයන්න – ජනපති තේ කර්මාන්තකරුවන්ට කියයි

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී. සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මගින් වාර්තා වේ. එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී …

Continue Reading

ස්වාමිපුරුෂයන් තම ‘භාර්යාවන්ට වංචා කරන්නේ’ මෙන්න මේ නිසයි

එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ පිරිමින් කාන්තාවන්ට වඩා වංචා කිරීමට වැඩි ඉඩක් ඇති බවයි. මෙම අධ්‍යයනයේ පිරිමින්ගෙන් 20% ක් අවිවාහක සම්බන්ධතාවයක් වාර්තා කර ඇති අතර කාන්තාවන්ගෙන් 13% ක් තමන් වංචා කළ බව පිළිගනිති.  පරතරය යථාර්ථයේ දී එතරම් විශාල නොවූවත්, මෙම ලිපියෙන් රසවත් ප්‍රශ්න රාශියක් මතු කරයි. එසේම ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට වංචා කරන්නේ මන්ද යන මාතෘකාව දෙස බලයි. …

Continue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ‘විදේශීය වෛද්‍ය උපාධි’ 7ක් අවලංගු කිරීමට තීරණය කළේ ඇයි ?

2010 වසරේ සිට ම ශ්‍රී ලංකාවේ  වෛද්‍ය සභාවේ SLMC වෙබ් අඩවි මගින් සහ පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් මගිනුත් දැනුවත් කර තිබිය දීත්  උසස් පෙළ  C 2 , S 1 ට  වඩා අඩු ප්‍රතිඵල ඇති සහ උසස් පෙළ විෂයන් තුන ම අසමත්  F 3  ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්  වෛද්‍ය උපාධි සදහා ඇතුලත් කරගැනීම  ලාභ ඉපයීම් මං මත පමණක් පදනම් කරගෙන, ඉතා විශාල ශිෂ්‍ය …

Continue Reading

ලොව ලාබාලතම බිලියනපතියන් 10 දෙනා ගැන අලුත්ම හෙළිදරව්ව !

කෝටිපතියෙක් වීම ! ඒක හැමෝටම තිබෙන හීනයක්. ඒත් තරුණ වියේදී නම් කෝටිපතියෙක් වෙන්න තියෙන හැකියාව අඩුයි කියලා තමයි අපි හිතන්නේ. ඒත් ලෝකේ තත්ත්වය දෙස බලන විට ඒක වැරදි අදහසක්. මොකද අද ලෝකේ ‘ඩොලර් බිලියනපතියෝ‘ ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් කෝටි 200කට අධික වත්කම් තියෙන තරුණ – තරුණියෝ ඉන්නවා. ඉතිං අපි තීරණය කළ 2020 වසරේදී ලෝකයේ ‘ලාබාලම කෝටිපතියන් නොමෙයි බිලියනපතියන් 10 …

Continue Reading

‘පීදුණු අඹමල් කිනිත්තට’ කෘමිනාශක එපා !

මහළු අඹ ගසට නව ජීවයක් දෙන ‘පුනර්ජනනීය කප්පාදුව ගැනත්, පුනර්ජනනීය කප්පාදුවට ලක් කළ අඹ ගස්වල නව දළුවලට සිදුවන ‘අඹ කීඩෑව’ ගේ හානියට ගත යුතු පියවර ගැනත් අපි පසුගිය ලිපි මගින් ඔබව දැනුවත් කළා. දැන් පුනර්ජනනීය කප්පාදුවට ලක්කරලා …. අඹ කීඩෑ උවදුරිනුත් බේරාගත් අඹගස්වල මල් හැදෙන කාලේ. මේ අවස්ථාවේදී ඔබ විසින් ගත යුතු නිසි විද්‍යාත්මක ක‍්‍රමවේදයන් ගැන දැනුවත් කිරීමක් තමයි අද …

Continue Reading

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘දින 14 නිරෝධායනයක්ම’ඉල්ලන්නේ ඇයි?

කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් සඳහා නිරෝධායන කාලය කෙටි නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් වලින් නැවත නැවතත් ඉල්ලා තිබේ. ගෝලීය සෞඛ්‍ය ආයතනය නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම කොරෝන වෛරසය වැළඳී ඇති හෝ බොහෝ විට ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතා ඇති ඕනෑම අයෙකු නිවසේ හෝ සති දෙකක කාලයක් සමාන ස්ථානයක සිටිය යුතු බවයි. අදහස සරලය. ඒ අනුව, මිනිසුන් අසනීප වුවහොත් ඔවුන්ව අධීක්ෂණය …

Continue Reading