ලෝක සෞඛ්‍ය සංවිධානය ‘දින 14 නිරෝධායනයක්ම’ඉල්ලන්නේ ඇයි?

Spread the love

කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් සඳහා නිරෝධායන කාලය කෙටි නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් වලින් නැවත නැවතත් ඉල්ලා තිබේ.

ගෝලීය සෞඛ්‍ය ආයතනය නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම කොරෝන වෛරසය වැළඳී ඇති හෝ බොහෝ විට ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතා ඇති ඕනෑම අයෙකු නිවසේ හෝ සති දෙකක කාලයක් සමාන ස්ථානයක සිටිය යුතු බවයි.

අදහස සරලය. ඒ අනුව, මිනිසුන් අසනීප වුවහොත් ඔවුන්ව අධීක්ෂණය කිරීම, කොවිඩ් -19 රෝගීන් කලින් හඳුනා ගැනීම, වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට මෙමගින් හැකියාව ලැබේ.

නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ (වඩාත් විශ්වාසනීය වර්තමාන අධ්‍යයනයන් මත පදනම්ව) යමෙකු රෝග ලක්ෂණ හදුනා ගැනීමට නිරාවරණය වන කාලය දින දෙකත් 14 ත් අතර විය හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිටුපස ඇත්තේ මෙවැනි සාක්ෂි ය.

එක්සත් රාජධානියේ දී ඔබට කොවිඩ්-19 වෛරස් ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති බව ටෙස්ට් සහ ට්‍රේස් ක්‍රමය මඟින් ඔබට පැවසුවහොත්, ඔබ දින 14 ක් හුදෙකලා විය යුතුය.

එහෙත් ප්‍රංශය ඊට වෙනස් ප්‍රවේශයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එය හුදකලා කාලය දින 14 දහහතරේ සිට හත දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. එයට හේතුව එහි සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ බහුතරයකට සති දෙකක කාලයක් හුදෙකලා වීමට අපහසු බවයි. මිනිසුන් ආසාදනය වීමට බොහෝ දුරට ඉඩ ඇති විට මෙය සිදු වන බව ද ඔවුහු කියති.

රෝග ලක්ෂණ ඇති පළමු සතිය තුළ මිනිසුන්ට වෛරසය වැළඳීමට බොහෝ දුරට ඉඩ ඇති බවට යෝජනා කරන කුඩා අධ්‍යයන කිහිපයක් ද තිබේ. නමුත් තොරතුරු තවමත් මතුවෙමින් පවතින අතර ලොව පුරා විද්‍යාඥයින් එකඟ වන්නේ තවමත් බොහෝ අවිනිශ්චිතතාවයන් පවතින බවයි.

විවිධ රටවලට විවිධ ප්‍රවේශයන් ඇත්තේ එබැවිනි. සෑම කෙනෙකුම සාක්ෂි, නොදන්නා දේ සහ පුරවැසියන්ට වඩාත් සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණීමේ අවස්ථාව සමතුලිත කළ යුතුය.

RSL

Related Posts