ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ‘විදේශීය වෛද්‍ය උපාධි’ 7ක් අවලංගු කිරීමට තීරණය කළේ ඇයි ?

Spread the love
  1. 2010 වසරේ සිට ම ශ්‍රී ලංකාවේ  වෛද්‍ය සභාවේ SLMC වෙබ් අඩවි මගින් සහ පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් මගිනුත් දැනුවත් කර තිබිය දීත්  උසස් පෙළ  C 2 , S 1 ට  වඩා අඩු ප්‍රතිඵල ඇති සහ උසස් පෙළ විෂයන් තුන ම අසමත්  F 3  ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්  වෛද්‍ය උපාධි සදහා ඇතුලත් කරගැනීම 
  2. ලාභ ඉපයීම් මං මත පමණක් පදනම් කරගෙන, ඉතා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතැම්  විදේශීය වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් කර ගැනීම නිසා වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය පවත්වා ගැනීමට නොහැකි වීම Some of  these  Foreign  Medical Schools  had  admitted large number of  Students for Medical Education PURELY on  PROFIT  basis ,  resulted in FAILURE to keep up  with the MINIMUM STANDARDS of  Medical Education .
  3. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින්  වෛද්‍ය අධ්‍යාපනයේ අවම  ප්‍රමිතිය තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයකු ලෙස සේවය කරන වෛද්‍ය වරයෙකු විසින් මේ රටේ රෝගීන් සදහා උපරිම ලෙස තම සේවය ලබා දීමට හැකි වන ප්‍රමිතිගත, ප්‍රශස්ත වෛද්‍යවරයකු බිහිකිරීම අරමුණු කරගෙනයි.

මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව ( GMC ), ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සභාව  (  AMC ) නැත හොත්  ලෝක වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ සම්මේලනය  (  WFME ) වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ ව, ඒ රට වල සෞඛ්‍යය තත්වයන් අනුව යම් යම් ප්‍රමිතීන් (   Minimum Standards of  Medical Education ) අනුමත කරයි .

වෙනත්  රටවල වෛද්‍ය සභා  අනුමත කල   විදේශ  වෛද්‍ය උපාධි  අප  රටත් ඒ අයුරින්ම පිළිගත යුතු යැයි ,ඇතැම් අය නගන තර්ක  මේ නිසා  කිසිසේත්ම පිළිගත නොහැකි ය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් විදේශීය වෛද්‍ය උපාධි පිළි ගැනීමේ දී අනුගමනය කරන  ක්‍රියාමාර්ග වන්නේ එම විදේශීය වෛද්‍ය උපාධිය ලබා ගෙන පැමිණෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු අප රට සේවය කිරීමට කොතරම් ප්‍රමිතියකින් යුක්ත ද යන බව ය .

ඒ අනුව එම වෛද්‍ය උපාධි එම රටවලට ගැලපුනත් අපේ රටේ සේවය කිරීමට අත්‍යවශ්‍ය වන  යම් යම් පාඨමාලා සහ සායනික පුහුණුව (   Public  Health , Forensic Medicine ,Clinical Training  etc )   සම්පූර්ණ කර නොමැති වීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට, ඇතැම් වෛද්‍ය උපාධි පිළි ගැනීමට නොහැකි ය.
එය හුදෙක් රෝගී  ජීවිත  සුරක්ෂිත කිරීමේ  තම  මූලික වගකීම ඉටු කිරීමට බැඳී ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් පියවරකි.

4.මෑතකදී රටවල් 7 ක ම විදේශීය වෛද්‍ය උපාධිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව භාවිතා කරන  ලද්දේ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ  වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අනුගමනය කළ  ක්‍රමවේදයයි .

අනිකුත් රටවල් ගැටලුවකින් තොරව මෙම ක්‍රම වේදය පිළිගනිද්දී   ,රුසියානු වෛද්‍ය උපාධි තුන අවලංගු කිරිම  රාජ්‍ය තාන්ත්‍රික  ගැටළුවක් දක්වා  වර්ධනය වීමට කවර හෝ සාධාරණ හේතුවක් නැති අතර මීට ,  මීට බලපෑම් ඇති කරන බලවේග පිළිබඳව වෙනම සොයා බැලිය යුතුය .

විදේශීය වෛද්‍ය උපාධි විකිණීම මේ වන විට ජනප්‍රිය ලාභ ලබන ජාවාරමක් බවට පත් වී ඇත.ඉතා විශාල වශයෙන් කොමිස් ලබා ගනිමින් ඇතැම් පාර්ශව කර ගෙන යන මේ ව්‍යාපාරයට පහරක් වැදී ම  මීට ප්‍රධාන හේතුව බව පෙනී යයි.

අවසාන වශයෙන් කිව යුත්තේ රාජ්‍ය මැදිහත් වීමකින් යුක්තව වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ( National  Policy  on  Medical Education  ) සැකසිය යුතු අතර ,මෙම වෛද්‍ය උපාධිය විකිනීමේ ජාවාරමටද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මහජන යුතුකම් කේන්ද්‍රය 

RSL

Related Posts