Update: මහර ගැටුමෙන් මියගිය ගණන 08 ක්, තුවාල ලැබූ ගණන 71ක් දක්වා ඉහළට

ඊයේ (29) රාත්‍රිෙය් මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුලාව ලැබූ තවත් සිරකරුවන් දෙදෙනකු මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ඒ අනුව 08 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි. අද (30) පෙරවරුවේ දෙරණ රූපවාහිනී …

Continue Reading

දිවිනැගුම නඩුවෙන් බැසිල් ඇතුළු 04ක් නිදොස් කොට නිදහස් කරයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුණසිංහ මහතා විසින් අද (30) නියෝග කළේය. 2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එවකට ආර්ථික …

Continue Reading

මහර බන්ධනාගාර ගැටුමෙන් 06ක් මරුට – 43කට තුවාල

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබෙන බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේය. ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලත් පුද්ලයින් 43 දෙනකු ද ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (29) රාත්‍රි …

Continue Reading

Covid-19: අද දින මරණ 07ක් සමග මුළු මරණ 116 දක්වා ඉහළට – නව ආසාදිතයින් 498ක්

අද (29) දින කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 07 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 21.20ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වෙනවා. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි සිවු දෙනෙක් සිටින අතර මියගිය පුද්ගලයින් අතර අකුරැස්සේ (51 හැවිරිදි කාන්තාවක්) සහ හලාවත (70 හැවිරිදි පිරිමියෙක්) පුද්ගලයින් දෙදෙනෙක් සිටිනවා. සෙසු 05 දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි අදාළ ප්‍රවෘත්ති …

Continue Reading

‘බෝග 16 රට ස්වයංපෝෂිත කරන්න’ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැවැන්ත වැඩපිළිවෙළක්

බෝග 16 කින් රට ස්වයංපෝෂිත කරන්න ප්‍රායෝගිකව වැඩ කරන්න බෝග 16 කින් වසර 03 කින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික කෘෂිකර්ම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. අදාල සියලු නිලධාරීන් ඊට කැඳවනු ලැබුවා. සැලසුම් හා පොතපතේ කාරණාවලට සීමා නොවී ගොවිබිමට ගොස් ගොවි ජනතාවගේ ප්‍රායෝගික ගැටළු සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී …

Continue Reading

සිඩ්නි නුවර උණුසුම්ම නොවැම්බර් රාත්‍රිය වාර්තා කරයි

ඊයේ (28) සිඩ්නි නුවර උණුසුම්ම නොවැම්බර් රාත්‍රිය වාර්තා කළ බව බී.බී.සී වාර්තාවක සදහන් වේ. සිඩ්නි නගරයේ අවම රාත්‍රී උෂ්ණත්වය 25.4C ලෙස සටහන් වූ අතර අද (29) දින දිවා කාලයේදී 40C දක්වා ඉහළ ගියේය. සිඩ්නි හි වාර්තාගත උෂ්ණත්වය මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ නිරීක්ෂණාගාරය වන ‘හීල්‘  (Hill in the Central Business District) හි වාර්තා විය. 04:30 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ …

Continue Reading

රසල්ගේ වාර්තාගත ඉනිමක් – ‘කලම්බු කිංග්ස්’ දෙවැනි ජයත් ලබයි

පන්දුවාර විස්සයි-20 ලීග් තරග රටාවේ 5 වැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී ඇන්ඩ්‍රෙ රසල්ගේ වෙඩි වරුසාවක් බඳු වූ පිතිහරඹය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (28 දා) රාත්‍රියේ පැවැති තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිල පරදවා ලකුණු 34 ක  දැවැන්ත ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්විය. අදාළ තරග ජය කලම්බු කිංග්ස් පිලේ දෙවැනි ජයග්‍රහණයද ගෝල් ග්ලැඩියේටර්හි දෙවැනි පරාජය ලෙසින්ද …

Continue Reading

කොළඹ වරායට අති තර්ජනය දරුණුයි – වරාය අධිකාරියේ සභාපති

මහජන පරීක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමටකින් තොරව කොවිඩ්-19 ආවේක්ෂණ ක්‍රියාවලිය ඉදිරියට යා නොහැකි බවත් කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. රෝහල් පද්ධතිය තුළ කොවිඩ් උප පොකුරු ඇති වීමේ අවදානමක් වර්ධනය වෙමින් පවතින බව කී අලුත්ගේ මහතා ඒවා පාලනය කිරීම …

Continue Reading

කොවිඩ් සමයේ වුවත් ‘කලට වේලාවට’ පොහොර ටික ගොවිබිමට දෙන්න – කෘෂිකර්ම ඇමති

පොහොර ගෙන්වීමේ කටයුතු කොළඹ වරායට ගොස් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28) නිරීක්ෂණය කළේය. රාජ්‍ය පොහොර සමාගම් දෙක මඟින් ගෙන්වන ලද නැව් දෙකකින් පොහොර බෑමේ කටයුතු ද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.   අධික අවධානමක් පැවතිය ද සේවයේ නියුතු කම්කරුවාගේ සිට සියළු නිලධාරීන්ගේ ගැටළු අමාත්‍යවරයා මෙහිදී ළඟටම ගොස් විමසා සිටි අතර එම සේවයේ නිරත සේවකයන්ට රජය වෙනුවෙන් ප්‍රසාදය හා ස්තූතිය අමාත්‍යවරයා …

Continue Reading

The week in wildlife: ලෝකයේ සුන්දරතම වනජීවී ඡායාරූප

ලංකාවේ වෙබ් අඩවි බොහොමයක් සිතාගෙන සිටින්නේ දේශපාලනය හා දේශපාලන ඕපාදූප සන්නිවේදනය කිරීම තමන්ගේ ප්‍රධාන කාර්යභාරය බවයි. එහෙත් ලෝකයේ බලවත් සහ ජනප්‍රිය වෙබ් අඩවි ඉතා පුළුල්ව තම පාඨකයින් දැනුවත් කිරීමට ප්‍රවෘත්ති, ප්‍රවෘත්ති විශේෂාංග සහ විශේෂාංග පළ කරනවා. ඒ තුළ පරිසරය, ස්වභාවධර්මය, කෘෂිකර්මාන්තය වගේම විද්‍යාත්මක සෞඛ්‍ය ගැන ද අසීමිතව තොරතුරු තිබෙනවා. මේ අතර ඡායාරූප විශේෂාංග පළ කිරීම ද මේ ප්‍රකට වෙබ්අඩවි විසින් …

Continue Reading