දිවයිනේ විවිධ ප්‍රදේශවලින් COVID අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක්

නව ආසාදිතයින් හඳුනාගන්නා ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා කිරීම් අප්‍රමාදව සිදුකළ යුතු බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බවත් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප්‍රදේශවලින් ද මේ වනවිට යළිත් නව ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවත් ඔහු සදහන් කළේය. විශේෂයෙන් කොළඹ මහනගර සීමාවෙන් ආසාදිතයින් වැඩි …

Continue Reading

ලංකාවෙන් තෑගි දුන් අලියෙක් ‘වසර 35ක් තිස්සේ’ පාකිස්ථානයේ විදින අපාදුක

මේ තවත් අලි කතාවක් නොවේ ! ‘මැණිකා‘ ගැන කතාව ඔබට මතක ඇති. ඒ වගේම දෛනිකව සිදුවන අලි මරණ ගැනත් ඔබට යම් අවබෝධයක් ඇති. ඒත් යුද්ධයට දැක් වූ සහායට කෘතගුණ සැලකීමක් ලෙස 1985දී පාකිස්ථානයට තෑගි දුන්න අලි පැටවා වින්ද දහදුක් ගැන ඔබ කිසිම දෙයක් නොදන්නවා විය හැකිය. මේ වසර 35ක් පුරා ‘කාවන්‘ නම් මේ අලියා පාකිස්ථානයේදී විදි අපමණ දුක් කන්දරාව පිළිබද …

Continue Reading

‘මගේ මිතුරන් විශ්වාස කරන ආහාර මිථ්‍යාවන් මාව පිස්සු වට්ටනවා’

ආහාර සම්බන්ධ මිත්‍යාවන් ඕනෑම සමාජයක බහුල අතර උගත් – නූගත්, දුප්පත් – පොහොසත්, තරුණ – මහළු පමණක් නොව ගැහැනු පිරිමි වශයෙන් ද ඒවා බහුලව විශ්වාස කරනවා. මීට කලකට පෙර මේ මිත්‍යාවන් පැවත ආවේ හෝ පැතිරුණේ පාරම්පරික විශ්වාස, ජනමාධ්‍ය සහ සංස්කෘතික තත්ත්වයන් මත වුණත් දැන් ආහාර සම්බන්ධ මිත්‍යාවන්ට ගෝලීය වශයෙන් පවා පැතිරයාමට ගත වන්නේ මොහොතක් පමණයි. ඒකට අවශ්‍ය බූස්ටර් එක බවට …

Continue Reading

විලාසිතා ලෝකයේ ජනප්‍රියම වර්ණයෙන් විලාසිතා කරමුද ?

‘වර්ණ‘ ගැන ඔබට විවිධ අදහස් සහ ආශාවන් තිබිය හැකිය. ඒ ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් ඒ වර්ණ ‘අදාළ‘ විය යුතුය. නැතිනම් ඔබට කිසිවක් නොලැබෙනු ඇති අතර ඔබව බලාගත් අත බලාගෙන සිටීමට සිදුවනු ඇත. දැන් අපි ප්‍රශ්නය වෙත එමු. ඔබ වඩාත්ම විශ්වාස කරන්නේ කුමන වර්ණයද?  රාත්‍රී සාදයක් හෝ උත්සවයක් සඳහා පිටත්ව යන විට ඔබේ මතකයට එන පළමු වර්ණ තේරීම කුමක්ද?  අපට ඉදිරියට …

Continue Reading

පරමාණු විද්‍යාඥයාගේ ඝාතනයට ‘පළිය ගන්නා බවට’ ඉරානය දිවුරයි

ඊයේ (27 වැනි සිකුරාදා) ටෙහෙරානය අසලදී ඝාතනයට ලක්වූ සිය ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා වන මොහ්සන් ෆක්රිසාඩේ Mohsen Fakhrizadehඝාතකයින්ගෙන් පළිගන්නා බවට ඉරානය පොරොන්දු වී තිබේ. දමවාන්ඩ් ප්‍රාන්තයේ අබ්සාඩ් හි සිදුවූ ප්‍රහාරයකින් ෆක්රිසාදේ රෝහලේදී මිය ගියේය. උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ හමුදා උපදේශක හුසේන් ඩෙහාන් දැඩි ස්වරයෙන් ප්‍රතිඥා දුන්නේ ‘මෙම ඝාතනය කළ අපරාධකරුවන්ගෙන් ලේ පළිය ගන්නා බවයි. රහසිගත ඉරාන න්‍යෂ්ටික අවි වැඩසටහනක් පිටුපස …

Continue Reading

ගෝල් ග්ලැඩියේටර් VS ජැෆ්නා ස්ටැලියන්ස් ගැටුමට සියල්ල සූදානම්

සුපිරි පන්දුවාරය දක්වා දීර්ඝ වී ගිය පළමු තරගයේ උණුසුමත් සමඟම ආකර්ශණීය තරගාවලියක පෙර නිමිති පහළ කරමින් ආරම්භ වුණු “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත්, ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරගය මෙම 27 වැනිදා රාත්‍රී තරගයක් ලෙසින් ප.ව. 7.30 ට ආරම්භ වේ. ලොව අංක එකේ පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලීන් අතරට නොවැම්බර් 26 වැනිදා එක් වුණු …

Continue Reading

අදත් කොවිඩ් ආසාදිත මරණ 08ක් – 36 වියැති පුද්ගලයෙක් ද ඒ අතර

අද (27) දින තවත් කොවිඩ්-19 රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 22.40ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 107ක් දක්වා වර්ධන වී තිබෙනවා. මියගොස් ඇති අය අතර කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් වන අතර 36 හැවිරිදි …

Continue Reading

සනීපාරක්ෂක තුවා භාවිතය සහ ලංකාවේ ඇත්ත කතාව

සනීපාරක්ෂක තුවා සඳහා බද්ද 2018 සැප්තැම්බර් වන තෙක් පැවති බදු ප්‍රමාණය 101.2% ක් විය. ඒ 30% ක අනයන බද්දක් 15% ක වැට්, 7.5% ක පැල් (PAL), 2% ක ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සහ 30% හෝ කිලෝග්‍රැමයකට රුපියල් 300 ක සෙස් යනාදිය ද ඇතුළත් සියලු බදු වල එකතුවක් ලෙසිනි. ලංකාවේ සිසුවියන්ගෙන් 60% ක් ඔසප් දිනවල පාසලට පැමිණෙන්නේ නෑ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන …

Continue Reading

COVID-19 එන්නත් ‘ලොව සැමට ලබා දීමේ’ දැවැන්ත අභියෝගය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට එසේ මහජන මුදලින් අත්තිකාරම් ගෙවා කල්තබා එන්නත් වෙන්කර ගැනීමට ඇති හැකියාව ඉතා සීමිතයි. එසේම එන්නත පිළිබඳ සියලු විද්‍යාත්මක දත්ත ප්‍රකාශයට පත් කරන තුරු ඖෂධ නියාමන බලධාරීන්ට එය භාවිතයට අනුමැතිය දිය නොහැකියි නාලක ගුණවර්ධන COVID-19 කොරෝනා වසංගත රෝගයෙන් බේරී සිටීමට එන්නතක් නිපදවීමට ලොව වටා සිටින වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් දුසිම් ගණනක් 2020 වසරේ මුල පටන්ම උත්සාහ කරනවා.  මේ සමහර ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵල සාර්ථක වෙමින් …

Continue Reading

කැලණි ගඟ දැඩි ලෙස දූෂණය වී ඇති බව කෝප් කමිටුවේ දී තහවුරු වෙයි

අනවසර ඉදිකිරීම්, පාරිසරික බලපත්‍ර රහිත කර්මාන්තශාලා, ආපනශාලා සහ හෝටල් හේතුවෙන් කොළඔට ජලය සපයන හා මෙරට ප්‍රධාන ගංගාවක් වන කැලණි ගඟ දැඩි ලෙස දූෂණය වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.   මෙම දූෂණය වීම වැලැක්වීම සඳහා පරිසර අමාත්‍යංශය, ජලසම්පාදන අමාත්‍යංශය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව යාන්ත්‍රණයක් සකස් කිරීමට ඉක්මනින් කටයුතු කළ යුතු බව කොප් කමිටුව ඊයේ …

Continue Reading