2020 අපොස සාපෙළ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ මතය ජී.එල් හෙළිකරයි

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අද (03) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. හැකිතාක් ඉක්මනින් අපේක්ෂකයින්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රැකගනිමින් සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමේ හැකියාව සොයාබැලීම රජයේ ප්‍රයත්නය වන බව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මාර්තු මාසයේ අපොස සාමාන්‍ය පෙළ …

Continue Reading

2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක්

2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව ඊයේ (02) පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කළ විමසීමකදීය. මෙම හිඟ ආදායම්වලින් බහුතරය රාජ්‍ය ආයතන විසින් ගෙවියයුතු ඒවා බවද, එම සමහර ආයතන අදාළ  බදු ගෙවීම සඳහා සුදුසු මූල්‍ය තත්ත්වයක දැනට නොසිටින බව ස්වාධීන මණ්ඩලයක් විසින් තීරණය කර …

Continue Reading

හිටපු සෞඛ්‍ය ඇමතිනී රේණුකා හේරත්ගේ ජල ව්‍යාපෘතියට මුල්ගල තබයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ මැතිවරණ කොට්ඨාශයේ මඩුල්ල ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක්ව පැවැති පානීය ජලය ප්‍රශ්නයට විසඳුමක් ලැබි ඇත. ඒ දිවංගත හිටපු සෞඛ්‍ය ඇමතිනී රේණුකා හේරත් මහත්මියගේ යෝජනාවක් අනුව ලෝක බැංකු ආධාර යටතේ මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට හැකිව ඇත. මෙම ජල ව්‍යාපෘතිය මගින් මඩුල්ල ප්‍රදේශයේ ජීවත් වන පවුල් දහසකට පමණ සෙත සැලසේ. මෙම ජල ව්‍යාපෘතියේ මුල්ගල තැබීම සමගි ජනබලවේගයේ …

Continue Reading

ඉන්දීය ගොවීන් දිල්ලිය වටලයි – මෝදිගේ කෘෂිකර්මික ප්‍රතිසංස්කරණවට විරෝධය

‘ලොකු මාළු කුඩා මාළු කනවා සේම, මහා ව්‍යාපාරිකයන්ද දැන් අපව ආහාරයට ගනු ඇතැයි‘‘ ඉන්දියාවේ අගනුවර වන දිල්ලියෙන් පිටත කඳවුරු බැඳ සිටින ගොවියෙකු වන රාකේෂ් වියාස් පවසයි. අසල්වැසි ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානාහි වියාස් වැනි ගොවීන් දස දහස් ගණනක් දැන් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ රජය සමඟ දැඩි ගැටුමක පැටලී සිටින අතර වෙළඳපොල හිතකාමී නීති තුනක් අවලංගු කරන ලෙස ඉල්ලා සිටිති.  එකට …

Continue Reading

රට කිරිවලින් ‘ස්වයංපෝෂිත කිරීමට’ කෘෂිකර්ම ඇමැතිගෙන් නව යෝජනා

පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගතිය හා 2021 ඉදිරි වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචනය පිළිබද විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැත් විණි. මේ සාකච්ඡාව සදහා අදාළ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කැදවා තිබුණේය. මෙහිදී නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ කාර්යක්ෂම …

Continue Reading

ලෝකයේ සුන්දරම විලාසිතා 09k තෝරා ගනිමුද ?

කීර්තිමත් පුද්ගලයන් (Celebrities) බොහෝ විට විලාසිතාවේ ආශ්වාදයක් ලෙස දැකිය හැකිය. ඔවුන් අපට වඩා ඇඳුම් ඇඳීමට පෙළඹෙන අතර ඔවුන්ට ඒවා පැළඳීමට තවත් අවස්ථා තිබේ. ඉතින් ඔබ රළු ලෙස හැසිරී ඔබේ ශෛලිය ගැන කම්මැලි නම්, කීර්තිමත් පුද්ගලයින්ගෙන් ආශ්වාදයක් ලබා නොගන්නේ මන්ද?  ඉතිං, අද අපි හිතුවේ කීර්තිමත් විලාසිතා නිරෑපිකාවන් දෙදෙනකු වන ඩුවා ලීමා සහ කෙන්ඩල් ජෙනර්ගේ ශෛලිය (compare the style of Dua Lima and Kendall Jenner)) …

Continue Reading

ලෝක ඉතිහාසයේ උණුසුම්ම වසර 2020 ?

2020 වසර ලෝකය මුහුණ දුන් උණුසුම්ම වසර වනු ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය World Meteorological Organization (WMO) උපකල්පනය කර ඇත. එහි තාවකාලික තක්සේරුව අනුව මෙම වර්ෂය 2016 සහ 2019 ට වඩා උණුසුම්ම වසර බවට පත්වනු ඇත. 1850 දක්වා දිවෙන ගෝලීය වාර්තා වල උණුසුම්ම The warmest වසර 6 වාර්තා වී ඇත්තේ 2015න් පසුවය. වඩාත්ම කැපී පෙනෙන උණුසුම සයිබීරියානු ආක්ටික් ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියය් අංශක 5ඉහළ …

Continue Reading

දකුණු අප්‍රිකාවේ කළු LGBTQIA + ප්‍රජාව – කැමරාව කතා කරයි

ඉහළ ඡායාරූපය – “ජුලීල් අයි, පාක්ටවුන්, ජොහැන්නස්බර්ග්” (2016) “අපගේ පැවැත්ම, ප්‍රතිරෝධය සහ නොනැසී පැවතීම පිළිබඳව ලෝකයට දැන ගැනීම සඳහා මම දකුණු අප්‍රිකාවේ කළු දෘශ්‍ය ඉතිහාසයක් නැවත ලියමි” යනුවෙන් ශනෙලේ මුහෝලි Zanele Muholi පවසයි. කොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් ප්‍රමාද වූ ඡායාරූප ශිල්පියාගේ විශාලතම ප්‍රදර්ශනය බදාදා ලන්ඩනයේ ටේට් නූතන ගැලරියේ දී  (London’s Tate Modern gallery) විවෘත වේ. “අපි නොවැම්බර් මුල සිට සූදානම්” යැයි ටේට් ජ්‍යෙෂ්ඨ …

Continue Reading

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර නෑ

තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.  මෙම අදහස් පළ කළේ අද (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවය

Continue Reading

Covid-19: නව ආසාදිතයින් 878ක් සමග මරණ 02ක්

අද (02) දින පස්වරු 23.12 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 878 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය සදහන් කරයි. ඒ අනුව මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 25,410 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 6982ක. රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් ගණන 467 දෙනකු …

Continue Reading