‘ලෝකයේ අරුම පුදුම ස්ථාන’

නෙවාඩා හි ‘පියාඹන ගීසරවල  Fly Geyser සිට තුර්කෙනිස්තානයේ Gates of Hell දක්වා ස්ථාන කිහිපයක් වෙනත් ග්‍රහලෝකයක මෙන් සම්පූර්ණයෙන්ම ආශ්චර්යමත් තත්වයට පත්වේ. ලෝකය සුන්දර වන්නා සේ ම අරුම පුදුම දේවලින් ද කිසිම අඩුවක් නැත. මේ අරුම පුදුම ස්ථාන දකින ඕනෑම කෙනෙනක් සිතන්නේ ‘මේවා නම් අපේ පෘථිවියේ ඒවා විය නොහැකි‘ බවයි. මේ අරුම පුදුම ස්ථාන අතර ඉහළ ඡායාරූපයේ දැක්වෙන නෙවාඩා‘ පියාඹන ගීසරවල  Fly Geyser වලසිට ටර්ක්මෙනිස්තානයේ ගේට්ස් ඔෆ් …

Continue Reading

PCR පරීක්ෂණ කරන්න තවත් රෝහල් 10කට අනුමැතිය

රජයේ රෝහල් පහක් සහ පෞද්ගලික රෝහල් පහක් ඇතුළු රෝහල් 10කට පී.සී.ආර් පරීක්ෂණ කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.   මෙහි අරමුණ වන්නේ මේ වන විට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම බවයි රත්නායක මහතා සදහන් කළේ. මේ වන විට දෛනික PCR පරීක්ෂණ ධාරිතාවය 13,000- 14,000 වන …

Continue Reading

රුසියාව Covid එන්නත ලබාදීම ආරම්භ කරයි

රුසියාව විසින් සිය කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් සිටින අතර, මොස්කව් අගනුවර සායන මගින් වෛරසයෙන් වැඩි අවදානමක් ඇති අයට එන්නත් කරනු ලැබේ. අගෝස්තු මාසයේදී ලියාපදිංචි කරන ලද ස්වට්නික් V ( Sputnik V) නම් එන්නත භාවිතා කරනු ලැබේ. සංවර්ධකයින් පවසන්නේ එය 95% ක් ඵලදායී වන අතර විශාල අතුරු ආබාධ ඇති නොවන නමුත් එය තවමත් විශාල පරීක්ෂණයකට භාජනය වෙමින් පවතින බවයි. …

Continue Reading

ලෝකයේ ‘විශිෂ්ඨතම’ ගුප්ත විද්‍යාඥයෝ සහ අනාවැකිකරුවෝ

‘ගුප්ත විද්‍යව‘ ගැන ලංකාවේ අපිට අලුතින් කියන්න දෙයක් නැහැ. ලෝකයේ වැඩියෙන්ම ගුප්ත විද්‍යාව අදහන රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. සමහර විට ලෝකයේ අංක 01 වෙන්නත් පුළුවන්. ඒත් ගුප්ත විද්‍යාම සමග තවත් බොහෝ අංශ බැදී තිබෙනවා. ඒවා අඩුවැඩි වශයෙන් ලංකාවෙත් තිබෙනවා. ඒ අතර විශ්වශක්තිය, අනාවැකි කීම, දෙවියන් සමග කතා කිරීම / සන්නිවේදනය මෙන්ම රෝගීන් සුව කිරීම ආදිය ද තිබෙනවා. ඒත් අපි …

Continue Reading

මහර සිරකරු ඝාතන සහ සමාජ හෘදසාක්ෂිය ගැන කතාවක්

ඉහළ ඡායාරූපය – සිය ඥාතීන් දැක බලා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබිණි මහර බන්ධනාගාර ඛේදවාචකය, ශ්‍රී ලංකාවේ දක්නට ඇති වින්දිතයාටම වරද පැටවීමේ (Victim blaming) සංස්කෘතියේ තවත් දිගුවක් බව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් වන අචලා සෙනවිරත්න පවසයි. “ඉතිහාසයේ සිට මේ දක්වාම …

Continue Reading

දඹුල්ල වයිකින්ස් කළින්ම අවසන් පූර්ව වරම් ලබයි

රැක ගත යුතුම උඩ පන්දු 4 ක් ගිලිහී ගියද අන්වර් අලී ප්‍රධාන පන්දු යවන්නන්ගේ නොපසුබට උත්සාහය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ග්ලැඩියේටර් පිලට පිට පිටම පස්වැනි පරාජයත් අත්කර දීමට දඹුල්ල වයිකින්ස් ක්‍රීඩකයෝ අද (05 දා) සමත්වූහ. ලකුණු 208 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 198 කට සීමා කිරීමට දඹුල්ල පන්දු …

Continue Reading

කැන්ඩි ටස්කර්ස් අසරණ කොට කලම්බු කිංග්ස් අවසන් කණ්ඩායම් 4ට

කඩුලු අතර සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට පිතිකරුවන් අපොහොසත් වීම මත “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ කලම්බු කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක වේදනාත්මක පරාජයක් අත්විඳීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (05 දා) සිදුවිය. මෙම ජයග්‍රහණයත් සමඟ ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම් සමඟ අවසන් කණ්ඩායම් 4 ට සුදුසකම් ලද තෙවැනි කණ්ඩායම බවට කලම්බු කිංග්ස් කණ්ඩායම පත්විය.   …

Continue Reading

ධනවාදයේ නව නෝමල්සියා පෙරහැර

කෝවිඩ් වසංගතය නිසා ලෝකය ප්‍රති-ව්‍යුහගත විය. එනම් යළි සැකසිණ. නැතහොත් සැකසෙමින් පවතී. කෝවිඩ් සහිත ලෝකය කලින් තිබු ලෝකය නොව අලුත් හෝ වෙනස් එකක් ය. සෞඛ්‍ය, ආර්ථික, නිෂ්පාදන, වෙළඳපොළ, දේශපාලන, සමාජ, සංස්කෘතික, සාහිත්‍ය-කළා, අධ්‍යාපන කී නොකී සියලු ක්ෂේත්‍ර ඇතුළු සියලු මිනිස් සබඳතා පෙර ඒවා නොව අලුත් ඒවා ය. අලුත් ව්‍යවහාර මෙන්ම අලුත් වචන සහ සංකල්ප ද ආවේය. නව සාමාන්‍යතාව නැතහොත් ‘නිව් …

Continue Reading

කෙලින්කන්ද 4G තාක්ෂණයෙන් බලගැන්වේ

කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලැබිණ. විදුලි සංදේශ නියාමන කොමිසමේ  අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පළකර තිබිණ. එය දුටු විදුලි සංදේශ නියාමන කොමිසම සති දෙකක් තුළ 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් කෙලින්කන්ද ප්‍රදේශයට …

Continue Reading

මෙරට කොවිඩ් තුරන් කිරීමේ යාන්ත්‍රණය ගැන විදේශ ඇමැති ලෝකයට කියයි

කොවිඩ්-19 මෙරටින් තුරන් කිරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විත බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් නොබැඳි ව්‍යාපාරයේ මහ මණ්ඩලයේ විශේෂ සැසියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. පසුගිය 03 හා 04 යන දෙදින පැවැති මෙම විශේෂ සැසියට අන්තර්ජාලය හරහා සම්බන්ධවෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.  “නොබැඳි ව්‍යාපාරය සහ එහි සභාපතිත්වය දරන අසර්බයිජානය විසින් යෝජනා කරන ලද පරිදි කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් මෙම විශේෂ සැසිය කැඳවීම …

Continue Reading