ලංකා ඉතිහාසයේ ඉහළම වී අස්වැන්න මේ වසරේ වාර්තා වෙයි

පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 7,42,000ක් අස්වද්දා ඇති අතර එමගින් වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක අස්වැන්නක් අපේක්ෂා කරන අතර, යල කන්නයේදී එය මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් වනු ඇති බවත් ඒ අනුව අපේක්ෂිත මුළු අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5ක් බවත් එය ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. වී මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කොට …

Continue Reading

කොදෙව්වන්ට එරෙහි අපරාජිතත්වය රැක ගැනීමේ වැඩි වගකීම ‘වනිඳුගේ කර මතට’

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. …

Continue Reading

සීනි බදු වංචාව කෝටි 15,900ක් – මුදල් අමාත්‍යාංශ වාර්තාවක් කියයි

ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය අද (09) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් මගින් අනාවරණය වුණා. 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ එක් ආයතනයක් මෙරට සීනි ආනයනයෙන් …

Continue Reading

‘උඹට බඩුමිල වැඩි එක දරා ගන්න බැරි වුණාට මිනිසුන්ට පුළුවන්’ – ඇමති බන්දුල

2005-2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් දරමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි කී වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන අද (9) ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය වේදියෙකුට නින්දා කරමින් බැණ වැදුණා. කහ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයාගෙන් අද පැවැති මාධ්‍ය …

Continue Reading

මාතර නගරය විධිමත් කිරීමට අගමැති අවධානයට

මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කරමින් එහි පරිපාලන නගරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින උපදෙස් දුන්නේය. මාතර නව නගරය, අකුරැස්ස, දෙවිනුවර, දික්වැල්ල, කඹුරුපිටිය, කිරින්ද-පුහුල්වැල්ල, තිහගොඩ සහ වැලිගම නගරවල නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 02හි පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව …

Continue Reading

මානාළියක් වීමට සැරසෙන ඔබ දැනගත යුතුම ස්වර්ණමය රීති

සුන්දර මනාලියක් වෙන්න හැම යුවතියක්ම හීන දකින බව අපි දන්නවා. ඒ වගේම ඔබ ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සකසනවා වගේම සූදානම් වෙනවා. ඔබේ ජීවිතේ සොදුරුම දවසෙ ඔබ සුවිශේෂී ලෙස දකින්න හැම යුවතියක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඔබ බොහෝ මුදල් වගේම කාලය ශ්‍රමය වැය කරනවා නේද? ඒ නිසාමයි ඒ දවස තවත් ලස්සන කරගන්න ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක වන, මාළඹේ, Salon AKROO හි ප්‍රවීණ රූපලාවණ්‍ය …

Continue Reading

PCOS: සෑම කාන්තාවන් 5/1ක් මුහුණ දෙන සුලභ කාන්තා රෝගය

“මගේ කොණ්ඩය අසාමාන්‍ය විදිහට වැටෙන්න ගත්තා. ඒ වගේම ඇඟේ බර හොඳටම වැඩි වුණා. උසට හරියන බරට වඩා කිලෝ දහයක් වැඩි වුණා. මම මහා ගොඩක් කෑම කන කෙනෙක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන එකත් මාස හතරකට නතර වුණා,” වෙනූ ලෙස හඳුන්වන මෙන් ඉල්ලීමක් කළ කාන්තාවක සිය අදහස් බෙදා ගත්තාය. “අදාළ ටෙස්ට් කළ පසු මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියන රෝග තත්වය තියෙනවා කියලා දොස්තරලා …

Continue Reading

මාර්තු 15 බස්නාහිර පන්ති තුනක් පමණයි – සියලු පන්ති අප්‍රේල් 19 දා

මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් වන අතර සෙසු පන්ති සඳහා පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසු අප්‍රේල් 19වන දින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (09) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද අප …

Continue Reading

COPE නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. එම වාර්තාවට කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඇතුළත් වනු ඇත. 2009 වසරේ සිට 2016 ජූනි දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සිමාසහිත ලංකා ගල් …

Continue Reading

මාසයක් තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් මිලදී ගන්නවා – කෘෂිකර්ම ඇමති

රජයේ වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමීව පසුගිය 07 වැනිදා දියත වැඩපිළිවෙළ යටතේ මේ වන විට වී මෙට්‍රිික් ටොන් 5000ක් මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (09) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. වී මිලදී ගැනීම වෙනුවෙන් මාර්තු 07වැනිදා සිට අප්‍රේල් 08වැනිදා දක්වා මාසයක ක්‍රියාන්විතයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දියත් කර ඇත. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේද පැවසුවේය. …

Continue Reading