අවාසනාව දිගටම ශ්‍රී ලංකාව පසුපස පන්නයි – දෙවැනි එක්දින තරගයත් අවසන් මොහොතේ පරාජ වෙයි

පිට පිටම දෙවැනි වතාවටත් ආරම්භක කඩුල්ල වෙනුවෙන් විශාල සම්බන්ධතාවයක් පැවැත්වීමට එවින් ලුවිස් සහ ෂායි හෝප් සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (13 දා) සමත්විය. පන්දු 225 කදී ගොඩනැංවුණු ලකුණු 192 ක සම්බන්ධතාවය හේතුවෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් …

Continue Reading

මානව හිමිකම් කොමිෂම ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවීම ගැන ඇත්ත කතාව කුමක්ද ?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර නැවතත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් එහි සාකච්ඡාවීමත් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමූහයක් තවත් යෝජනාවක් සම්මත කිරීමට සැලසුම් කිරීමත් හේතුවෙනි. කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ හා මලාවි යන රටවල් ද අදාළ සමූහයට අයත් වේ. එම …

Continue Reading

පැයක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 05ක් සහල් කළ හැකි ‘ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක් එයි’

පැයක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 05ක් සහල් කළ හැකි ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක් නව නිපැයුම්කරුවෙකු වන විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා විසින් අද (12) කෘෂිකර්ම අමාතය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හඳුන්වා දුන්නා. ඒ කෘෂිකර්ම අමාතයාංශයේදී. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ද එම අවස්ථාවට එක් වුණා. නව නිපැයුම්කරුවකු වන දිඹුල්ගස්තැන්න මහතා හඳුන්වා දෙන මෙම නව යන්ත්‍රය මඟින් තෙත වී වියලා …

Continue Reading

සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු

“සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරන අතර මැයි මාසයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට ත් බලාපොරොත්තු වෙනවා”. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ අද (10) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයක් වන කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී ‍වීමෙන් අනතුරුව ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද අ.පො.ස සාමාන්‍ය පෙළ අවසාන …

Continue Reading

මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: බකිංහම් මාලිගය කියන්නේ කුමක් ද ?

ඔප්රා වින්ෆ්‍රී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් මතු කරන ලද වාර්ගිකත්වය පිළිබඳ ගැටලු “සැලකිල්ලට භාජන” වී ඇති අතර “ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ” යනුවෙන් බකිංහම් මාලිගය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මාළිගාව පැවසුවේ “මතකයන් වෙනස් විය හැක” නමුත් අදාළ කරුණු පෞද්ගලිකව විසඳනු ඇති බවය. මේගන් ඔප්රා ට පැවසූ පරිදි, නම හෙළි නොකළ පවුලේ සාමාජිකයෙකු හැරීගෙන් විමසා …

Continue Reading

ආණ්ඩුව ගැන කලකිරිච්ච නැති ගෙයකින් අබ මිටක් ගෙනත් දෙන්න – මුරුත්තෙට්ටුවේ හිමියෝ ඉල්ලති

‘හොදයි දියණිය ! මම දරුවාට ප්‍රාණය ලබා දෙන්නම්. ඔබ ගිහින් කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්න‘ මේ කතාව කිව්වේ බුදු රජාණන් වහන්සේ කිසා ගෝතමියට. එදා සිට අතිෂය දුර්ලභ, නැති නම් සොයා ගත නොහැකි දෙයක් ගැන කතා කරන විට අපි බොහෝ විට ‘නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම‘ කතාව කියනවා. පසුගිය දා මෙරට ප්‍රමුඛ භික්ෂුවක් වන, වත්මන් ආණ්ඩුව බලයට ගෙන …

Continue Reading

සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට රු මිලියන 10,000ක්

සමෘද්ධිලාභීන් ආදායම් ලාභීන් බවට පත්කිරීම සදහා වන  වැඩපිළිවෙල යටතේ රු මිලියන 10,000ක මුදලක් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සදහා මේවන විට වෙන්කොට ඇති බව සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවසීය. අද පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා  පවසා සිටියේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ …

Continue Reading

රේවත ඇතා විදුලි වැටට බිලි – දින 68ට අලි මරණ 61ක්

ශ‍්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුමේ තවත් ඛේදවාචකයක් සටහන් කරමින් කලාවැව හා බලලු වැව රක්ෂිතයේ ‘රේවත’ නමින් ප්‍රසිද්ධ ඇතා විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. කැකිරාව, අලියාවැටුණු වැව ප්‍රදේශයේ බඩඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පෙරේදා (08) රාත්‍රියේ රේවත ඇතා මියගිය බවට සැකකරන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. රේවත ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු එම ස්ථානයේදී වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ …

Continue Reading

පාර්ලිමේන්තුව සතු මුදල් බලතල අභියෝගයට ලක්වෙලා – කෝප් සභාපති

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේ වර්තමානය වන විට රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධික්ෂණය කිරීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවලදී අභියෝගයට ලක්ව ඇති …

Continue Reading

පාස්කු ප්‍රහාරය ගැන ‘ඇමති සරත් වීරසේකර’ මැති සබේදී කළ විශේෂ හෙළිදරව්ව

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අද (10) දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් පාස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය අපේ අහිංසක සහෝදර ජනතාව වෙනුවෙන් එම සාහසිකයන්ට සහ එය සැලසුම්  කළ අපරාධකරුවන්ට නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අප විසින් ගන්නා ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය වගේම අපේ ජනාවගේ ඉදිරි ආරක්ෂාව …

Continue Reading