රංජන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළ අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශය ජනපතිට යොමු කරයි
-
RSL
-
August 12, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස්ද ලබාගත් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ් අනුව බන්ධනාගාර කොමසාරිස්වරයාගේ වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව කොන්දේසියකට යටත්ව ජනාධිපති සමාව ලබාදීම සඳහා නිර්දේශයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති …
Continue Reading
ස්වාධීන වූ පක්ෂ 10න් සෑදෙන නව සන්ධානයේ නම 21 වනදා එළිදකී
-
RSL
-
August 10, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහයේ එකතුවෙන් සෑදෙන නව සන්ධානයේ නම ලබන 21 වනදා එළිදැක්වන බව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පවසනවා. එම පක්ෂ 10 නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්දයෙන් එම සාකච්ඡාවේදී අවදානය යොමු කළ බවයි වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
22 අද මැති සබයට
-
RSL
-
August 10, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. ඒ පිළිබඳ විවාදය පසුව පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාද යයි.
Continue Reading
විරෝධතා මර්දනයට හදිසි නීතිය නැවත නැවත භාවිතය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළාදකියි
-
RSL
-
August 9, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ජනතාවගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසනවා. පසුගිය අප්‍රේල් මස 02 වන දින ශ්‍රී ලංකා බලධාරීන් පළමු වරට හදිසි නීතිය ප්‍රකාශය පත් කළ බවත්, ජුලි 15 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමෙන් පසු ජුලි මස 17 වනදි න යළිත් වරක් හදිසි …
Continue Reading
විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද
විදුලි ගාස්තු සංශෝධනය අද (09) දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ. මෙම සංශෝධනයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවන අතර අඩු ආදායම්ලාභීන් සඳහා විදුලි බිලට සහනයක් ලබාදීමට සැලසුම්කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
Continue Reading
අද රට පුරා උද්ඝෝෂණ මාලාවක්
-
RSL
-
August 9, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද (09) කොළඹ නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. වත්මන් පාලන තන්ත්‍රයට සහ අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට එරෙහිව විරෝධය පළ කරමින් අද පස්වරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි. මෙයට සමගාමීව දිවයිනේ ප්‍රධාන නගරවලද විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වනවා.
Continue Reading
අයවැය සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට
-
RSL
-
August 9, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද (09) ආරම්භවීමට නියමිතයි. ඒ අනුව අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එසේම අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
Continue Reading
අද පැවැත්වෙන විරෝධතාවකට එරෙහිව පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
-
RSL
-
August 9, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
අද (අගෝස්තු09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතුව එක්ව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත අතර එයට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. කෙසේ නමුත් එම විරෝධතාවලදී යම් …
Continue Reading
ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට
-
RSL
-
August 8, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැයි මස 19 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවකට අදාළව ඔහු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරන්නේ, ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් මංගල …
Continue Reading
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද සවස
-
RSL
-
August 8, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (8) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
Continue Reading