රංජන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළ අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශය ජනපතිට යොමු කරයි

Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස්ද ලබාගත් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ් අනුව බන්ධනාගාර කොමසාරිස්වරයාගේ වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව කොන්දේසියකට යටත්ව ජනාධිපති සමාව ලබාදීම සඳහා නිර්දේශයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ගැන කණගාටුව පළ කර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කළ පසු ජනාධිපතිවරයා විසින් රංජන් රාමනායකට සමාව ලබාදීම සුදුසු බවයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts