රාජපක්ෂලාගේ කුණු අදින ලොරි බවට සජබ කිසිවකු පත් වන්නෙ නෑ

රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ  රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. අද මුළු රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර උරා ගැනීමේ හේතුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රක්වාන සමගි …

Continue Reading

අර්බුදයෙන් ගොඩයන්න තවම වැඩපිළිවෙළක් නෑ

ජනාධිපතිවරයා පත්වී සැළකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද  පැවසීය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක් ,දළ අදහසක් ඉදිරිපත් කළත් කළ යුත්තේ කුමක්ද? කෙසේද ? කවදා ද? යන්න සම්බන්ධයෙන් කිසිවක් දැනුවත්ව නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ණය …

Continue Reading

වියදම් සීමා කරන්න ජනපතිගෙන් නියෝග

රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ. වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද  දැනුම් දී ඇත. රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ …

Continue Reading

කෝප් සහ කෝපා සභාපති ධුර සඳහා සජබයේ නම් යෝජනා වෙයි

නව වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූර සඳහා විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ නම් දෙකක් යෝජනාවී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යෝජනාවී ඇති බවයි සඳහන් වන්නේ. එසේම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය …

Continue Reading

ජීවන්ත පීරිස් පියතුමාට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  අද  නියෝග කළේය. සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හෙට දින (13) ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම …

Continue Reading

දේශපාලන සිරකරුවන් 46කට කඩිනමින් නිදහස

සුළු සුළු වැරදිවලට බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීම සඳහා වන මුලික වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත පවසා ඇත. මෙම සිරකරුවන් සම්බන්ධයෙන් හිටපු අග විනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවත් අමාත්‍යවරයා තමාට පැවසු බවද විග්නේෂ්වරන් මහතා සදහන් …

Continue Reading

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙක් යළිත් රිමාන්ඩ් කිරීමට නියෝග

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදුකිරීමේ චෝදනාවට අදාළව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. අදාළ නඩුව අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර …

Continue Reading

චීන නැවට අවසර දෙන ලෙස ස්වාධීන පක්ෂ එකමුතුව රජයෙන් ඉල්ලයි

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ​ඒ අනුව ශ්‍රී ලංකා-චීන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මඟින් මතුව ඇති ගැටලුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ …

Continue Reading

මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් තොගයක් දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක තොගයක් ඊයේ (11) රාත්‍රියේ කොළඹට පැමිණී ඇති බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව අද (12) දිනයේ ගොඩබෑම සිදු කිරීමට නියමිත බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇති ව මේ මස (10) පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් අවසන් කර තිබෙනවා.

Continue Reading

ගෝඨාභය තායිලන්තයට පැමිණෙයි

සිංගප්පූරුවෙන් පිටත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තායිලන්තය වෙත පැමිණ තිබෙනවා. ඒ් අනුව ඔහු තායිලන්තයට පැමිණි අවස්ථාවේ ලබාගත් ඡායාරූප පෙළක් BBC සිංහල සේවය වාර්තා කර තිබුණා. එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණු අතර පසුව ඔහු ඊයේ (11) දිනයේ තායිලන්තයට පැමිණියා.

Continue Reading