Covid-19 මරණ සගවන්න ආණ්ඩුවෙන් අමුතු මාධ්‍ය නිවේදනයක් – ඊයේ මරණ කිසිවක් නෑලු !

ජූනි මස 02 වැනි දිනට අදාළව කොවිඩ්-19 මරණ පිළිබද නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) රාත්‍රී 22.30ට නිකුත් කළා. එම නිවේදනය අනුව මැයි 17 වැනි දින සිට ජූනි 01 දින දක්වා කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා වී ඇති අතර ජූනි 02 වැනිදා එක් මරණයක් හෝ වාර්තා වී නැහැ. මෙදින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ විශේෂත්වයක් …

Continue Reading

‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

අද (02) පස්වරු 08.00 වන කොවිඩ්-19 ආසාදිතයින් 3306 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා වුණා. මේ අතර දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 …

Continue Reading

මහාචාර්ය අර්ජුන ද සිල්වා ‘සංචාරක ඇමැතිගෙන්’ ‘වැඳලා කළ ඉල්ලීම

”වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා‘ සංචාරක ඇමැතිවරයාගෙන් මේ ආයාචනය කළේ මෙරට ප්‍රමුඛ මහාචාර්යවරයෙක් වන අර්ජුන ද සිල්වා මහතායි. අද (02) දහවල් දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වු “BIG FOCUS”වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙම බැගෑපත් ඉල්ලීම කළා. වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් …

Continue Reading

ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතැබිය යුතුයි – ජනපති ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියයි

කර්මාන්ත සහ සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩවපවත්වාගෙන යාමට සහාය වන්න   ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති …

Continue Reading

සංචරණ සීමා ජූනි 14 දක්වා යළි දීර්ඝ කරයි

දැනට බල පැවැත්වෙන සංචරණ සීමා ජූනි 14 වැනිදා අළුයම 04.00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (02) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

Continue Reading

X-Press Pearl ගිලී යාම ගැන ජාත්‍යන්තර මාධ්‍ය උණුසුම් පුවත් මවයි ! (Photos & Videos)

විශාල පාරිසරික ව්‍යසනයක භීතිය මධ්‍යයේ රසායනික ද්‍රව්‍ය පටවන ලද X-Press Pearl නෞකාව ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් ගිලී යමින් තිබෙන බව ලෝ ප්‍රකට බී.බී.සී ජාත්‍යන්තර වෙබ් අඩවිය අද (02) වාර්තා කළේය. සිංගප්පූරුවේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන X-Press Pearl සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගිනිගනිමින් තිබෙන බවයි එම වාර්තාව සදහන් කරයි. නැව ගිලුණහොත් සමුද්‍ර ජීවීන්ට සහ කොරල්පරවලට දැවැන්ත හානියක් සිදුවිය හැකි …

Continue Reading

X-PRESS PEARL නෞකාව මුහුදුබත් වෙයි !

X-PRESS PEARL නෞකාව ඈත මුහුදට ඇදගෙන යාමේ කටයුතු අද (02) දින පෙරවරුවේදී ආරම්භ වුවත් එය අසාර්ථක බව වාර්තා වෙනවා. ඒ නෞකාව මුහුදුබත් වීමට පටන් ගෙන ඇති නිසයි. අදාළ කටයුතුවලට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කළ පහත ඡායාරූපවලින් ඒ බව පැහැදිලිව දැකගත හැකියි.

Continue Reading

එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව වහාම ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝග

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කෙරිණ. මැයි මස 09 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 19 වනදා කොළඹ වරාය ආසන්නයට නෞකාව පැමිණීම දක්වා සියලු තොරතුරු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අනාවරණය කළේය. ආපදාවට …

Continue Reading

සගවාගෙන සිටින රසායන පොහොර වහාම වෙළෙදපොළට නිකුත් කරන්න – රජය ඉල්ලයි

රජය විසින් රසායනික පොහොර ආයනයනය තහනම් කිරීමෙන් පසු ඇතැම් වෙළෙදුන් තමන් සතුව තිබූ රසායන පොහොර තොග සගවා ගෙන සිටින බවත් වහාම එම පොහොර තොග වෙළෙද පොළට නිකුත් කරන ලෙසත් රජය වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) දින නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ. අදාළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

Continue Reading

චීන CoronaVac එන්නත ලබාදීමෙන් පසු ‘වැඩිහිටි මරණ සංඛ්‍යාව‘ 95%කින් අඩුවෙලා !

අත්හදා බැලීමේ කොටසක් ලෙස වැඩිහිටියන් සියල්ලටම පාහේ කොවිඩ්-19 එන්නත් ලබා දීමෙන් පසු බ්‍රසීලියානු නගරයක කොවිඩ් -19 මරණ 95% කින් අඩුවී ඇතැයි පර්යේෂකයෝ පවසති. 45,000 ක ජනගහනයක් සිටින ගිනිකොනදිග සාඕ පවුලෝ ප්‍රාන්තයේ සෙරානා (Serrana) නගරයේ වැඩිහිටියන් සියලු දෙනාටම චීනයේ නිෂ්පාදිත කොරෝනාවැක් CoronaVac එන්නත ලබාදී ඇති අතර එම එන්නත් ලබාදීමෙන් පසුව රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටී ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ. වෛරසය …

Continue Reading