සංචරණ සීමා ඉවත් කිරීම ගැන අවසන් තීන්දුව දෙයි

කොවිඩ්- 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බවත් වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අංශවල නිලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවත් යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. අද (10) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළිකළ යුද හමුදාපතිවරයා රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් …

Continue Reading

සංචරණ සීමා පැනවීමේ ප්‍රතිඵල තිබෙනවා – ආචාර්ය චන්දිම ජීවන්දර

ඉදිරි මාස කීපයේදී මෙරටින් ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ අඩුවේ යැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. කොවිඩ් වසංගත ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ නව සැර වෛරස් ප්‍රභේදයේ නව සොයා ගැනීම් ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ දැනට ක්‍රියාත්මක වන …

Continue Reading

කොවිඩ් ආසාදිතයින් හා මරණ ගැන GMOA විශේෂ හෙළිදරව්වක් කරයි

වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති, වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේය. කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව ද මෙහි …

Continue Reading

‘මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් මරණය‘ තහවුරු කරයි

මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ්-19 මරණය අද (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ දින අටක බිළඳකු බවයි එම වාර්තාව කියන්නේ. මෙම බිළිඳ මරණයට පත්ව ඇත්තේ ඉකුත් මැයි මස 27 වැනිදායි.

Continue Reading

සෞඛ්‍ය නිර්දේශ අනුව එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන්න

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ලොව පුරා සියලු …

Continue Reading

X-Press Pearl: පරිසර හා ආර්ථික ව්‍යසනය ගැන අලුත්ම තත්ත්වය !

X-Press Pearl නෞකාව විනාශයට පත්වීම සමග ඇති වු පරිසර අර්බුදය මේ වන විට ආර්ථික හා සමාජ අර්බුදයක් දක්වාත් මෙරට රාජ්‍ය පරිපාලනයේ අසමත්භාවය මනාව කියාපාන කැඩපතක් බවටත් පත්ව තිබෙනවා. ඒ අතර බී.බී.සී වැනි ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද ලංකාවේ සාම්ප්‍රදායික පුවත්පත්, රූපවාහිනි නාලිකා සහ අන්තර්ජාල අඩවි පළ කරන වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් X-Press Pearl විනාශය ගැන ගැඹුරු විශ්ලේෂණ ඉදිරිපත් කරමින් සිටිනවා. මෙරට සාම්ප්‍රදායික …

Continue Reading

GMOA ලිපියෙන් ‘කොළඹ COVID එන්නත්කරණයට අවුලක්’

කොවිඩ්-19 එන්නත්කරණ රාජකාරීවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට තීරණය කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියයි. හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට හේතු පැහැදිලි කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීන් ද එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවීම අනවශ්‍ය අතපෙවිමක් ලෙස ආර්ථ දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය …

Continue Reading

කෘෂි නවෝදයට මං කියන ‘කාබනික පොහොර විප්ලවය‘

මේ රට අලුත් ගමනකට සුදානම් වෙමින් පවතී. ඒ ගොවියාත් රටත් දිනවන කාබනික වගා සංග්‍රාමයයි. එම වැඩසටහන ගැන විවිධ අදහස් ද මතු වෙමින් පවතී. ඕනෑම ගමනක් සුබ වන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින තරමට ය. කාබනික වගාව අපට අලුත් අත්දැකීමක් නොවේ. එය පාරම්පරික ඥානය යාවත්කාලීන කරමින් ක්‍රියාත්මක කළයුතු අදට ගැළපෙන හොඳම විසැඳුමකි . මේ කාබනික පොහොර විප්ලවය සම්බන්ධයෙන් දේශීය බීජ රැක ගැනීමේ සංවිධානයේ …

Continue Reading

Covid-19: වාර්තාගත මරණ සංඛ්‍යාවක් !

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම කොවිඩ්-19 ආසාදිත මරණ පිළිබද දෛනික වාර්තාව ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම වාර්තාව අනුව පසුගිය මැයි මස 17 වැනි දින සිට ජූනි මස 08 වැනි දින දක්වා කොවිඩ් ආසාදිත මරණ 67ක් වාර්තා වී තිබෙනවා. එම සම්පූර්ණ වාර්තාව පහත පළ වෙනවා.

Continue Reading

Kg 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය ගැන ‘පාරිභෝගික කටයුතු අධිකාරියේ ‘මහදැන මුත්තගෙන්’ අපූරු ගැසට් පත්‍රයක් !

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක් ඊයේ (09) දින නිකුත් කොට ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් චෝදනා කරයි. මෙම ගැසට් පත්‍රයේ සදහන් වගන්ති වලින් හැගෙන කරුණු දෙකම 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ සදහන්ව තිබියදී මෙම …

Continue Reading