සංචරණ සීමා පැනවීමේ ප්‍රතිඵල තිබෙනවා – ආචාර්ය චන්දිම ජීවන්දර

Spread the love

ඉදිරි මාස කීපයේදී මෙරටින් ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ අඩුවේ යැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ නව සැර වෛරස් ප්‍රභේදයේ නව සොයා ගැනීම් ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් සාර්ථක ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බවයි.

‘‘ අපට පරීක්ෂණ සඳහා ලැබෙන නියැදිවලින් ආසාදිතයන් හමුවීමද අඩුවී ඇති බවක් පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. ඒ කියන්නේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන සංචරණ සීමාවලින් ප්‍රතිඵල ලැබෙන බවයි‘

මෙහිදී නව සැර වෛරසය ගැන කරුණු හෙළිකළ ජීවන්දර මහතා, ‘‘ අප විසින් සිදුකරනු ලබන නව පරීක්ෂණවලින් අලුත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. නව සැර කොරෝනා වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ ගණනාවකින් හමුවුණා. ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයා හමුවී ඇත්තේ සමාජයෙන් නොවෙයි. ඔහු හමුවෙලා තියෙන්නෙ වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් .ඒ නිසා ඔහුගෙන් සමාජයට බලපෑමක් නැහැ. මීට පෙරත් ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයකු හමුවුණා. ශ්‍රී ලංකාවේ රෝගය දැනට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රභේදය පදනම් කරගෙනයි‘

Related Posts