බලශක්ති ඇමැති උදය ගම්මන්පිල රැක ගන්න ‘ආණ්ඩුවේ සුළු පක්ෂ 08කින්‘ ඒකාබද්ධ නිවේදනයක්
පසුගිය 11 වැනිදා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ කර මත පැටවීමේ වෑයම හෙළාදකින බවට සඳහන් කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 8ක නියෝජිතයින් විසින් අද (14) දින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය මගින් පක්ෂ නායකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට හේතු වන …
Continue Reading
ගාල්ලේ එන්නත් ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය අධිකරණයෙන් ඉල්ලයි
පසුගිය 07 වැනිදා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ලබා දෙන ලෙස අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා විසින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට නියෝග කළේය. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝග ලබාදුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන …
Continue Reading
‘කොවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය‘ හා සංචරණ සීමා ගැන ගන්න තීන්දුව කුමක් ද ? ප්‍රකාශ 03ක්
ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කර ඇති සංචරණ සීමා ඉවත් කරනවාදැයි තීන්දු කිරීමට සිදුවන්නේ මේ සතියේදී ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය සේවා ජනරාල්වරයා, ‘‘මේ දිනවල ක්‍රියාත්මක වන සංචරණ සීමාවල ප්‍රතිඵල බලා …
Continue Reading
රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් කාරුණික ඉල්ලීමක්
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන්ට අනුගතව නාරාහේන්පිට ජාතික රුධිර පාරවියලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී අද දින (14) උදෑසන උත්සවයක් පැවැත්විනි. මෙහිදී අදහස් දැක් වූ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා – “කොවිඩ් වසංගතය හමුවේ විටින් විට සංචරණ සීමා දැමීමත් සමග රුධිර සංචිත පවත්වාගෙන යාමට මෙරට රුධිර පරිත්‍යාගශීලීන් විශාල සහයෝගය දැක්වූවා. ඉදිරියටත් එම සහයෝගය අපි අපෙක්ෂා කරනවා. …
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්හ.
Continue Reading
කාබනික පොහොර වැඩපිළිවෙළට ‘ආණ්ඩුවට සහාය දෙන වමේ පක්ෂවල‘ පූර්ණ සහාය
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර වැඩසටහනට සිය පක්ෂවල සහ සංවිධානවල පූර්ණ සහාය ලබා දෙන බව එම පක්ෂ සහ සංවිධානවලට අයත් නායකයින් අද (14) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහතික වුණා. රජයට සම්බන්ධ වමේ පක්ෂ 11 කින් සැදුම්ලත් සංවිධානයක පක්ෂ නායකයන් හා නියෝජිතයන් අද (14) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමු වූ අවස්ථාවේදීයි ඔවුන් …
Continue Reading
වසවිස නැති රටක් එපා ! ස්විට්සර්ලන්ත ඡන්ද දායකයෝ 61%ක් ‘ජනමත විචාරණයේදී කියති‘
කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (13) ස්විට්සර්ලන්තයේ පැවැති ජනමත විචාරණයෙන් අදාළ යෝජනාව අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්ත ගොවි ප්‍රජාවට සමත් වී ඇත. ඒ සමග කෘත්‍රිම පළිබෝධ නාශක තහනම් කළ ලොව දෙවැනි රට (පළමු රට ලොව කුඩා නොදියුණු රටක් වන භූතානයයි) බවට පත්වීමට ස්විට්සර්ලන්ත පරිසර ක්‍රියාකාරීන් කළ සැලසුම අසාර්ථක විය. කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව …
Continue Reading
විමල් වීරවංශගේ නිවසේදී ‘පොහොට්ටුවේ සුළු පක්ෂ නායකයින්‘ සාකච්ඡා කළේ මොනවාද ?
ඉන්ධන මිල ඉහළ දැමීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකීමභාර ගෙන විෂයභාර ඇමැති උදය ගම්මන්පිල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, ප.ම සාගර කාරියවසම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ පොහොට්ටුව තුළ සිටින සුළු පක්ෂවලට එල්ල වී ඇති අභියෝග ගැන සාකච්ඡා කිරීමට අද (13 පෙරවරුවේදී) පොහොට්ටුවට සහාය දෙන සුළුපක්ෂ නායකයින් ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසේදී රැස් …
Continue Reading
තරුණ අනාගතය ‘ඩිජිටල් ලෝකය වෙත ගෙනයාමට’ Technology Parks බිහිකිරීම ඇරඹෙයි
තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගන්වමින් මෙරට තාක්ෂණික කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීම අරමුණු කරගනිමින් මෙරට ඉඳිවන ප්‍රථම නව තාක්ෂණික උද්‍යානය පිහිටුවීම ඊයේ (12) දින ගාල්ලේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ලංකාව පුරා …
Continue Reading
ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ‘ඇමැති ගම්මන්පිල‘ හෙළිකළ තිත්ත ඇත්ත
පසුගිය 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් බවත් තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගත් තීන්දුවකට අභියෝග කරමින් නිවේදනයක් පළ කිරීමට තරම් සාගර කාරියවසම් මහතාට ශක්තියක් ආවේ කෙලෙසදැයි සොයා බැලීමට ‘ජනාධිපති කොමිසමක්’ පත් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය උදය …
Continue Reading