කොවිඩ් වසංගත මැද ‘ලෝකය පුරාම‘ කෝටිපතියෝ මිලියන 5.2ක් බිහි වෙලා !

කොවිඩ් -19 වසංගතය නිසා ලංකාවේ විශාල පිරිසකට ‘යන එන මං‘ නැති වුණත් තවත් විශාල පිරිසක් අසීමිත ධනයක් උපයා ගත බව අපි කාටවත් රහසක් නොවෙයි. ඒ නිසා කොවිඩ් ඇතැමුන්ට නම් ‘ඉල්ලමක්‘ බව නොකියා බැහැ. ලංකාවේ වගේම ලෝකය පුරාම කොවිඩ් වසංගතයෙන් ‘ගොඩගිය‘ ලක්ෂ ගණනක් නොව මිලියන ගණනක් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය කියනවා. බී.බී.සී වාර්තාවකය අනුව ‘කොවිඩ් -19 වසංගතයෙන් ලෝකය පුරා මිලියන පහකට …

Continue Reading

රනිල්ගේ මංගල කතාව: ‘රට හමුවේ ඇති අර්බුදයට එකම පිහිට IMF එක

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයට ඇති ඒකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීම බවත් විකල්පයක් නැතුව සංඛ්‍යාලේඛන කතා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් අත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.  මෙහිදී වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය ගැන සිය අදහස් ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා මෙම ආර්ථික …

Continue Reading

ඉක්මනින් පාසල් විවෘත කිරීමේ හැකියාවක් නෑ – GL

කොවිඩ්  වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (23) පාර්ලිමේන්තුවේ පැවසුවේය. අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ  සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවයි. කොවිඩ් වසංගතය සමග පාසල් පද්ධතිය අර්බුදයට යාම ශ්‍රී ලංකාවට …

Continue Reading

‘දැඩි නීති පනවා හෝ කොවිඩ් රෝගය මර්දනය කළ යුතුයි‘ – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා

‘මාර්ගෝපදේශ නොපිළිපදින අය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය එකතු වෙලා තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.  ඒ සදහා දැනට තිබෙන රුපියල් 5000 දඩය ගැසට්ටුවකින් රුපියල් 50,000 ක් ලෙස වෙනස් කරලා හරි මේ රෝගය මර්දනය කරන්න අපි ඉළක්කගතව වැඩ කරනවා.”යැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියනවා. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, රුපියල් මිලියන 250 ක වටිනාකමකින් කළුතර නාගොඩ මහ රෝහලේ ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ …

Continue Reading

බිහිසුණු බව කියන ‘කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ‘ රෝග ලක්ෂණ මොනවා ද?

කොවිඩ්-19 වසංගතයේ තෙවන රැල්ලලෙන් පීඩා විදිමින් සිටින ශ්‍රී ලංකාවේ මේ වන විට ‘ඩෙල්ටා‘ ප්‍රභේදය ද වාර්තා වෙමින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය ව්‍යාප්තිය හා ප්‍රතිඵල භයානක බවයි. ඒ තත්ත්වය තුළ ඩෙල්ටා ප්‍රභේදය ගැන ඔබව නිසි පරිදි දැනුවත් කිරීමට අපි තීරණය කළා. මේ ඒ ලිපියයි. හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව …

Continue Reading

බටහිර අධිපතිවාදයට අභියෝග කරන ‘ජනතාවාදී චීනය දෙස‘ විවෘත මනසින් බලමුද ?

දෙවන ලෝක යුධ සමය අවසානයේ  සිට බටහිර ලෝකයා විසින් එම රට  හැදින්වූයේ  අධික ජනගහනයක් සිටින පාපැදි මගින් ගමන් බිමන් යන අපිරිසිදුකම බහුල සාක්ෂරතාවයෙන් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් ලෙසයි. සේද මාවතේ නව පරිච්ඡේදයකට අවතිර්ණවීමට අඩිතාලම දමා ඇති චීනය වර්ථමානය වන විට ලබාගෙන ඇති දියුණුව ඉතා විශාලය. ඉංදියාව, ජපානය, ඕස්ට්‍රේලියාව හා කොරියාව පසෙකට තල්ලුකර දමමින් චීනය ඉදිරියට යන බව එරටෙහි දශක දෙකක් …

Continue Reading

කෘෂි රසායන ද්‍රව්‍යවලින් තොර ‘කාබනික වගාවක්‘ සඳහා බිය විය යුතු ද ?

මහාචාර්ය පාලිත වීරක්කොඩි, සභාපති, ජාතික පසු අස්වනු, කළමනාකරණ ආයතනය වී වගාව මුලික කර ගත් ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අතර එකල පටන් එහි ප්‍රධානතම පරමාර්ථය වී ඇත්තේ දේශීය ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමයි. එකල පටන් ස්වාභාවික ක්‍රමවේදයන් පමණක් උපයෝගි කර ගනිමින් තිරසර ලෙස සිදු කළ කෘෂිකර්මාන්තය 1943 දී ආරම්භ වූ හරිත විප්ලවයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් රසායනික කෘෂිකර්මාන්තය මඟින් ප්‍රතිස්ථාපනය …

Continue Reading

පාර්ලිමේන්තුවට පැමිණි දිනම ‘රනිල්‘ ආණ්ඩුවට හරි පාර කියා දෙයි !

වසරක විරාමයකින් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සිය සුපරුදු කෘතහස්ත දේශපාලන කතා කරනු ඇසුණා. එහිදී වික්‍රමසිංහ මහතා රජයට අවධාරණය කළේ ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ලක් නොකරන ලෙසයි. පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවද ඔහු සදහන් කළා. ‘‘ආණ්ඩුව කළ එකම දෙය ලොකු …

Continue Reading

එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ (යූඑන්පී) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. පසුගිය මහ මැතිවරණයේදී පක්ෂය විසින් ලබාගත් ජාතික ලැයිස්තු ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළ අතර මෙම දිවුරුම් දීම මහ මැතිවරණයෙන් පසු වසරකට අධික කාලයකට පසු සිදුවීම විශේෂත්වයකි. වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික …

Continue Reading

ලෝක කුසලාන තුනකට සත්කාරකත්වය දැරීමට ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සැරසෙයි

2024 වසරේ සිට 2031 වසර දක්වා කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රධාන ලෝක කුසලාන තරගාවලි තුනකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම වෙනුවෙන් වූ ලංසු තැබීමට ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මැයි මස 20 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී පිට පිටම දෙවැනි වතාවටත් සභාපතිවරයා ලෙස පත් වුණු ශම්මි සිල්වා …

Continue Reading