බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට – ආර්ථික සංවර්ධන කැබිනට් ඇමැතිකමත් සූදානම් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජූනි මස 06 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රමුඛ දේශපාලන වෙබ් අඩවි කිහිපයක් අද (25) වාර්තාකර තිබෙනවා. තහවුරු නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් එම වෙබ් අඩවි සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පත්වීමට ඉඩ දී මේ වන විට ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර …

Continue Reading

T20 තරගාවලිය ‘කලින්ම’ එංගලන්තය ජයගනී

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදී අපරික්ෂාකාරී ලෙස පිති හැසිරීම නිසා කාඩිෆ්  නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද එංලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 දා) අත්වින්දේය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්වූවේය. පළමු තරගයේ කාබන් කොපියක් බඳු ලෙසින් දුර්වල ලෙස පිති හැසිරවූ ශ්‍රී ලංකා …

Continue Reading

‘ඝාතකයා නිදහස් කළා‘ භාරත ප්‍රේමචන්ද්‍රගේ වැන්දඹු බිරිය විරෝධය පළ කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ජනාධිපති සමාවක්‘ ලැබූ දුමින්ද සිල්වා නිදහස් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේම්චන්ද්‍රගේ වැන්දඹුව අද (24) සමාජ මාධ්‍ය ඔස්සේ සිය කෝපය ප්‍රකාශ කළාය. “ඝාතකයා නිදහස් කර ඇත. යුක්තියට ගරු නොකරන රටක් මත හිරු බබළන්නේ නැත” යනුවෙන් ඇය පැවසුවාය.  මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දුවලට අගෞරව කරමින් අධිකරණයට ගරු නොකරන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වී ඇති බව …

Continue Reading

1818 දී ඉංග්‍රීසීන් විසින් කළ ‘අංගම්පොර තහනම‘ ඉවත් කරන බව ක්‍රීඩා ඇමැති නාමල් කියයි

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. කොරතොට අංගම් සටන් පාසල නැරඹීමට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා මේ බව සඳහන් කළේය. මෙරට සාම්ප්‍රදායික අංගම්පොර සටන් …

Continue Reading

දුමින්ද සිල්වාට ‘ජනාධිපති සමාව‘ දීම අනුමත කරන්න බෑ – ඇමෙරිකාව

මරණ දඩුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව ලබාදීම මගින් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් Alaina B Teplitzමහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව …

Continue Reading

දුමින්ද සිල්වට ජනපති සමාව ලබාදීම – ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න ජනපතිවරයා විසින් රටට හෙළි කළ යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් අද (24) දින නිකුත් කර ඇති නිවේදනයක සදහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය යටතේ එවැනි සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබුණ ද එය …

Continue Reading

කාබනික ගොවිතැන පරිසරයට ප්‍රයෝජනවත් වන ආකාරය

ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතයට සම්පූර්ණයෙන් යොමු කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ අනුව ඉදිරි යල කන්නය කාබනික පොහොර මගින් සිදුකිරීමයි අපේක්ෂා කරන්නේ. ඒත් මේ තීන්දුවට එරෙහිව ප්‍රබල විවේචන පවතිනවා. ඒ අතර අස්වැන්න අඩුවීම, නාගරික කසළ භාවිතය, නිෂ්පාදන පිරිවැය හා මිල ඉහළ යාම වැනි චෝදනා තිබෙනවා. ඒත් මේ සියල්ල සමග තවත් කණ්ඩායමක් කාබනික ගොවිතැන වෙනුවෙන් …

Continue Reading

දුමින්ද සිල්වාට ‘ජනපති සමාව‘

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති සමාව ලැබීමෙන් පසු දුමින්ද සිල්වා අද වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය. අද (24) පෙරවරු 10ට පමණ දුමින්ද සිල්වාව වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කළ බව බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක තහවුරු කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේමචන්ද්‍ර ඝතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින් වැරදිකරු වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට 2016 සිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය

Continue Reading

‘මංගල T20 තරගයෙන්‘ එංගලන්තයට කඩුළු 08ක පහසු ජයක්

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද (23 දා) රාත්‍රියේ පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ සත්කාරක එංගලන්ත කණ්ඩායම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. විස්සයි-20 තරගයක් ජය ගැනීමට තරම් ප්‍රමාණවත් නොවුණු අතිශය දුර්වල වූ ලකුණු 130 ක ඉලක්කයක් හඹා ගිය ජොස් බට්ලර් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ 17 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී සපුරා ගන්නා ලද්දේ …

Continue Reading

අස්ට්‍රාසෙනිකා ‘අවුල ලිහා ගන්නා හැටි’ පවිත්‍රා හෙළිකරයි

කොරෝනා මර්දන  අස්ට්‍රාසෙනිකා එන්නතේ  දෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත  පාවිච්චි කිරීම සඳහා සෞඛ්‍ය විද්වත් මණ්ඩලයේ සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා  කමිටුවේ නිර්දේශ ඉදිරි දෙසතියේදී ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළාය. සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අමාත්‍යවරිය මෙසේද පැවසුවාය, ‘‘අස්ට්‍රාසෙනිකා  …

Continue Reading