කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ – රජය අවධාරණය කරයි
දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී. කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද …
Continue Reading
කොවිඩ් සහ ටීනියා දිලීර රෝගය අතර සෘජු සබඳතාවක් නැහැ – චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති
දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝගයක් මිස කොවිඩ් වසංගත රෝගය සමග සෘජු සම්බන්ධතාවයක් නැතැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. උතුරුමැද පළාත මුල් කරගෙන ශ්‍රී ලංකාව පුරා දිලීර රෝගයක් පැතිර යන බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග කොවිඩ් වසංගතය හමුවේ ජනතාව අතර ව්‍යාකූලතාවක් ඇතිවීම නිසා ටීනියා රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස අද (04) පස්වරුවේ “ Covid සහ ටීනියා දිලීර රෝගය …
Continue Reading
අනපේක්ෂිත ලෙස රෝගීන් ඉහළට – රෝහල් රැසක හදිසි තත්ත්වයක් !
ගාල්ල කරාපිටිය රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර රටේ ප්‍රමුඛ රෝහල් වන මෙම රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතින බවයි වාර්තා වන්නේ. ‘‘රටේ පවතින වත්මන් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. අපේ රෝහලේ කොවිඩ් සඳහා වෙන් කර ඇති ICU ඇඳන් හතරම රෝගීන්ගෙන් පිරී තිබෙනවා. මේ …
Continue Reading
Mrs. World 2021 තරඟය ලංකාවට අහිමි වෙයි
මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ Mrs. World 2021 තරඟය මෙරට COVID-19 තත්ත්වය හේතුවෙන් ලාස් වේගාස් වෙත මාරු කළ බව උත්සව සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා පවසනවා. චන්දිමාල් ජයසිංහ මහතා කියා සිටියේ සෞඛ්‍ය අවදානම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ උත්සව සහ රැස්වීම් තහනම් කර තිබූ හෙයින් Mrs. World 2021 තරඟය සඳහා වූ උත්සව ප්‍රවර්‍ධනයන් ආරම්භ කිරීමට නොහැකි වූ බවයි. කෙසේ …
Continue Reading
රට වසනවාද ? නැද්ද ? – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව
රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සංචරණ සීමා පැනවීම හෝ අගුලු දැමීම පිළිබඳ තීරණය රජය ඒ අනුව ගනු ඇති බවයි. “තත්ත්වය පිළිබඳව වරින් වර සමාලෝචනය කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් …
Continue Reading
ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය. අද පෙරවරු 11.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපසදී පිළිගෙන සභා ගර්භය වෙත කැඳවාගෙන එන ලද්දේ ගරු සභානායක සහ විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ ඉන්දික අනුරුද්ද යන මහත්වරුන් විසිනි. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකොටගෙන ජනාධිපතිවරයා සභා ගර්භය වෙත …
Continue Reading
ලංකාවට ඉදිරි සති දෙක තීරණාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
රට තුළ වේගයෙන් ව්‍යාප්ති වන ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගැනීම සමග ඉදිරි සති දෙක ඉතා තීරණාත්මක වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) අද (03) අනතුරු ඇඟවීය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ නරකින් තවත් නරක අතට හැරීමේ අවදානමක් පවතින බවයි. “දිනකට වාර්තා වන අඩු සිද්ධි සංඛ්‍යාවට හේතු වී ඇත්තේ දිනකට සිදු කෙරෙන සීමිත …
Continue Reading
ආණ්ඩුව ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා – විශේෂඥ වෛද්‍ය සංගමය
සම්ප්‍රේෂණ හැකියාවෙන් ඉතා ඉහළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ලෙස සැලකිය හැකි යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවැසීය. මේ වනවිට කොරෝනා රෝගීන් වැඩි වැඩියෙන් හමුවන අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවයි ප්‍රනාන්දු මහතා පවසන්නේ. රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම …
Continue Reading
‘මහ පොළොව නිදහස් කර ගැනීමේ‘ ජාතික වගකීම’
චින්තක සී ගුණදාස – ලේකම්, ගොවි උදාන ව්‍යාපාරය පරිසර හිතකාමී නොවන රසායනික යෙදවුම් භාවිතය හේතුවෙන් ශ්‍රී ලාංකීය කෘෂිකර්මය මාරාන්තික කෘෂිකර්මයක් බවට පත්වෙමින් තිබිණි. අන් කවරදාකටත් වඩා සමාජ, ආර්ථික,සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටින බරපතළ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් සිය කැබිනට් මණ්ඩලය වෙත “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ” යන මැයෙන් ඉදිරිපත් …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 74ක්
තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (02) තහවුරු කර ඇති එම මරණ 74ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා ඉහළ ගොස් ඇත.
Continue Reading