‘මු – Mu‘ එන්නත් ප්‍රති විරෝධී නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් – WHO

පසුගිය ජනවාරි මාසයේදී කොලොම්බියාවේදී මුලින්ම හඳුනා ගත් “මු – Mu’” නම් නව කොරෝනා වයිරස් ප්‍රභේදය නිරීක්ෂණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ බව ප්‍රංශ පුවත් සේවය පවසයි. විද්‍යාත්මකව  B.1.621 ලෙස හැඳින්වෙන මෙම වෛරස් ප්‍ර භේදය “උනන්දුවක් දක්වන ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31) නිකුත් කළ වාර්තාව සදහන් විය. ‘‘මෙම ප්‍රභේදයේ එන්නත් වලට ප්‍රතිරෝධී වීමේ අවදානමක් …

Continue Reading

වාර්තා පොතට ගිය පින්නවල විස්මිත දරු උපත

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ අලි නිවුන් දරුවන් දෙදෙනෙකු අද (31) උපත ලැබීය. පින්නවල අනාථාගාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ‘සුරංගි‘ නම් වන කෙනෙර විසින් නිවුන් අලි පැටවුන් බිහි කළ බවයි. අලි පැටවුන් දෙදෙනාම පිරිමි අලි ඇතුන් බවත්, පළමුවැන්නා අලුයම 4.00 ට උපත ලැබූ බවත්, දෙවැන්න උපත ලැබුවේ පස්වරු 12.00 ට බවත් ඔහු පැවසීය මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ …

Continue Reading

වසර 10කට පසු ‘රතු දත්ත පොත‘ එළිදකී

ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා වෘක්ෂලතා පිළිබඳ රතු දත්ත පොත (Red Data Book) නව යාවත්කාලීන කිරීම් වසර 10කට පසු අවසන් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍යාංශය පැවසුවේ රතු දත්ත පොතක් ශ්‍රී ලංකාවේ අවසන් වරට ප්‍රකාශයට පත් කළේ 2012 දී බවයි. ‘පිළිගත් ක්‍රමය අනුව එය සෑම වසර පහකට වරක් එය සංස්කරණය කර යාවත්කාලීන කළ යුතුයි‘ පරිසර …

Continue Reading

ඉන්දියාව කොවිඩ් වසංගතය පාලනය කරගනී

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 42,909 ක් වාර්තා වී තිබේ. මේ වන විටත් අඛණ්ඩව දින 64 ක් තුළ පෙර පැවති නව ආසාදන 50,000ට වඩා අඩු ගණනක් වාර්තාවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය ඊයේ පැවසීය. මේ අතර, ගතවූ පැය 24 තුළදී එන්නත් මාත්‍රා 31,14,696ක් ලබාදීමත් සමඟ ඉන්දියාවේ කොවිඩ්-19 එන්නත් ආවරණය සඳුදා දිනයේදී මිලියන 63.43 ක් ලෙස …

Continue Reading

ගොවියන් පිටදමා කෘත්‍රිම පළිබෝධනාශක ආනයනට අවසර දෙයි

වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළබු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සදහා පිළියමක් ලෙස රසායනික පළිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති මහින්ද ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇති බව වාර්තා වේ. එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරීයකුගේ …

Continue Reading

මාරාන්තික දකුණු අප්‍රිකා කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් රිංගලාද ?

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. මෙම විකෘතිතාවයන් ශ්‍රී ලංකාවේදී සොයාගෙන නොමැති නමුත් මෙම විකෘති ප්‍රභේදය ගෝලීය වශයෙන් වේගයෙන් ව්‍යාප්ත වන …

Continue Reading

අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් …

Continue Reading

ගැබිනි කතුන් 4200කට කොවිඩ් – 900ක් රෝහල්වල – 32ක් මරුට

මේ වන විටත් ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් 4200 ක් පමණ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් 900 දෙනකු දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා මහත්මිය පැවසුවාය. අද (30) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය කියා සිටියේ කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 32 දෙනෙකුට මේ දක්වා ජීවිත අහිමි වී …

Continue Reading

ලංකාවෙන් වාර්තා වූ වැඩි කොවිඩ් ආසාදිත මරණ ගණන තහවුරු කරයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (29) දින කොවිඩ්-19 ආසාදනය වීමෙන් පුද්ගලයින් 216 දෙනකු මියගොස් තිබෙනවා. මෙම මරණ 216ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,991ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 216න් 101 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු …

Continue Reading

දිනේෂ් ප්‍රියන්තගෙන් පැරා – ඔලිම්පික් ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනාගත් පළමු රන් පදක්කමට හිමි වාර්තාව තමා සතු කරගනිමින් ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30 වැනිදා) සමත් විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන 35 හැවිරිදි දිනේෂ්, 2016 වසරේදී පැවැති …

Continue Reading