නළ ළිං ලියාපදිංචි කර මීටර් සවිකිරීමට යයි

මෙරට සමස්ත භූ ගත ජල ධාරිතාවය පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කොට ඇතැයි ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි. බන්දු වික්‍රම මහතා මේ බව කියා සිටියේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ‘2025 දී සැමට ජලය ව්‍යාපෘතිය කොවිඩ් මැද ඉදිරියට‘ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම …

Continue Reading

13 වන බ්‍රික්ස් සමුළුව Online ක්‍රමයට ඉන්දීයාවේදී

BRICS නායකයන්ගේ සමුළුව මාර්ගගත (online) ක්‍රමයට සැප්තැම්බර් 09 වනදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් India News Network  වාර්තා කරයි.  බ්‍රික්ස් (BRICS) යනු බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව, චීනය  හ දකුණු අප්‍රිකාව යන රටවල දේශපාලන හා ආරක්‍ෂක, ආර්ථික හා මූල්‍ය හා සංස්කෘතික හා මිනිසුන් අතර හුවමාරු වන කරුණු තුන යටතේ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට …

Continue Reading

ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂවලින් 72.4%ක් අනතුරේ !

මේක alarming situation එකක්. මේ ජාතික ලේඛනය හරියට වෛද්‍ය වාර්තාවක් වගේ. අපි ළග දැන් 2012 වාර්තාවයි, 2020 වාර්තාවයි දෙකම තියෙනවා. ඒ නිසා සංරක්ෂණය සහ සංවර්ධනය කරන විට මේක ප්‍රයෝජනයට අරගෙන අපි නිවැරදි ක්‍රියාමාර්ග ගන්නවා නම් ඉතා වැදගත් වෙනවා. 2020 දේශීය ශාක පිළිබඳ ජාතික රතු දත්ත ලේඛනය පසුගිය 04 වැනිදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භර දීම සිදුකළා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ …

Continue Reading

වයස අවුරුදු 12-18 අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට ප්‍රමුඛතාවය දෙන්න: GMOA

වයස අවුරුදු 12-18 අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. අද (07) මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ ෆයිසර් එන්නත් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් ඇති බවත් තාක්ෂණික කරුණු නොසලකා එම එන්නත් භාවිතය අනුමත කළ නොහැකි බවත්ය. …

Continue Reading

මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

පාර්ලිමේන්තුවේදී අද (07) විවාදයට ගැනුණු මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය. මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ‍ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර මේ අනුව ඊට පක්ෂව ඡන්ද 134 ක්ද විපක්ෂව ඡන්ද 44 ක්ද හිමිවිය. මේ අතර අද විවාදයට ගැනුණු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත …

Continue Reading

කොවිඩ් සායනික කමිටුවෙන් විශේෂඥයින් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇති අතර ආචාර්ය විජේවික්‍රම මහතා කමිටුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු නිර්වින්දන වෛද්‍ය උපදේශක වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද එම කමිටුවෙන් ඉවත් වී ඇත. “කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉවත්වන බව විජේවික්‍රම මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ …

Continue Reading

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට අදාළ නිලධාරීන්ට නියෝග දිය හැකියි – PB ජයසුන්දර

මහජන ආරක්ෂක ආඥා පනතේ 5වන වගන්තිය ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට අදාළ නිලධාරීන්ට නියෝග දිය හැකි‘ යැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (07) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මහජන …

Continue Reading

ආහාරවල සෞඛ්‍ය සම්පන්න බව පමණක් පරීක්ෂා කිරීම ප්‍රමාණවත් ද ?

අපෙන් බොහෝ දෙනෙක් අප මිලදී ගන්නා ආහාර සෞඛ්‍ය සම්පන්නද කියා ලේබල් පරීක්‍ෂා කරති. නමුත් අපෙන් කී දෙනෙක් අප ගන්නා දේ පරිසරයට හිතකර වන අයුරින් නිපදවනවාදැයි පරීක්‍ෂා කරනවාද? සමහර කෘෂිකාර්මික ක්‍රම ඇත්ත වශයෙන්ම කාබන් විමෝචනය අඩු කිරීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස වායුගෝලයෙන් කාබන් ඉවත් කර පසෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට එවැනි කෘෂිකාර්මික ක්‍රම උපකාරී වේ. බොහෝ කුඩා පරිමාණ ගොවීන් මෙම ‘පුනර්ජනනීය ගොවිතැන …

Continue Reading

මහ බැංකුව භාර ගන්න රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වෙයි ?

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ‍ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉවත් වී මහ බැංකු අධිපති ලෙස දිවුරුම් දීමට නියමිත බව ඩේලි මිරර් වෙබ් අඩවිය සදහන් කරයි. වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සදහා භාර ගැනීමට නියමිත බව ද එම වාර්තාව සදහන් කළේය. ඩේලි මිරර් වෙබ් අඩවිය මේ …

Continue Reading

වසර දෙකකට පසු ‘ප්‍රථම වරට එකිනෙකාගේ මුහුණ දුටු’ නිවුන් දැරියන් දෙදෙනා

හිසෙන් එකිනෙකා බද්ධ වී සිටි දෙහැවිරිදි නිවුන් දැරියන් දෙදෙනකු සාර්ථක සැත්කමකින් වෙන් කිරීමට ඊශ්‍රායල් වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. පසුගිය සතියේ ඊශ්‍රායලයේ බියර්ෂෙබා නගරයේ පිහිටි සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයේ පැය 12ක සැත්කම සඳහා මාස ගණනක සූදානම් වූ අතර දැරියන්ට හිස කෙස් බද්ධ කිරීම ද සැත්කමට ඇතුළත් විය. ඊශ්‍රායලයේ සහ විදේශයන්හි විශේෂඥයින් විශාල පිරිසක් මෙම දුර්ලභ සැත්කම සදහා සහභාගී වූහ. නම් සඳහන් …

Continue Reading