කඹුරු අක්කරයක් වගා කිරීමේ සැබෑ වියදම රු. 50,000 ද ? – 150,000ක් ද ?

කුඹුරු අක්කරයක වී ගොවිතැන් කරන්න රුපියල් ලක්ෂ 1 ½ ක් වැය වෙනවා කියලා සමහර අය බොරු සමාජගත කරනවා. අක්කරයක වී වගාවට වැයවන්නේ රුපියල් 50,000 ක් පමණයි. වී මිල අඩුයි කියමින් කාබනික පොහොරවලින් අස්වැන්න අඩුවෙනවා කියමින් ගොවි ජනතාව හා රජය අතර ගැටුමක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් දරන උත්සාහය පරාජය කළ යුතු බව රජරට ප්‍රදේශයේ ගොවීහු කියති. ඉකුත් රජය සමයේ පොහොර සහනාධාර නොලැබුණ බවත් …

Continue Reading

එන්නත නොගත් වයස 30ට වැඩි පුද්ගලයින්ට රජයෙන් කාරුණික ඉල්ලීමක්

වයස අවුරුදු 30 ට වැඩි සහ මෙතෙක් එන්නත් නොකළ පුද්ගලයින් මෙම සතිය තුළදී එන්නත් ලබා ගත යුතු බව රජය අවධාරණය කරයි. තරුණ හා නව යොවුන් වියේ දරුවන් සඳහා එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බැවින් වැඩි කාලයක් එම එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නොහැකි බැවින් නියමිත දින නියමයක් නිකුත් කිරීමට රජයට බල කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. …

Continue Reading

කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල විශාල පහළ බැසීමක්

දිනපතා වාර්තා වන COVID-19 රෝගීන්ගේ තියුණු අඩුවීමක් දක්නට ලැබෙන අතර රෝහල් ගත කිරීමේ සංඛ්‍යාව ද බෙහෙවින් අඩු වී ඇති බව බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ සජීවී රූපවාහිනී වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළේය. සංචරණ සීමා පැනවීම හා එය සැලකිය යුතු කාලයක් දීර්ඝ කිරීම මෙම වෙනසට හේතුවූ බවයි …

Continue Reading

Indian Express වාර්තාව ගැන මහේල ජයවර්ධන කුපිත වුණේ ඇයි ?

සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරන මහේල “එයාලා මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ කවදද? කරුණාකර ඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා.” යනුවෙන් සැමගෙන් ඉල්ලයි. ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගන්නා ලෙස ඉන්දිය ක්‍රිකට් කවුන්සිලය (BCCI) කළ යෝනාව මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි Indian Express වාර්තාවක සදහන් වෙයි. ඉදිරි විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව තමන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් …

Continue Reading

තලේබාන් ජයග්‍රහණය සමග ඉන්දියාව අනතුරේ !

පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්තවාදී සංවිධාන වන ජෙයිෂ් සහ ලෂ්කාර් ඔවුන්ගේ කඳවුරු ඇෆ්ගනිස්ථානයට ගෙන ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. ජම්මු සහ කාශ්මීරය අර්බුදය ආරක්ෂක විශේෂඥයින් කැපී පෙනෙන ගැටලුවක් ලෙස මතු වී ඇත. ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන දේශපාලන වර්ධනයන් මෙයට පාදක වී ඇත. කලාපීය සාමය සඳහා ස්ථාවර ඇෆ්ගනිස්ථානයක් ඉතා වැදගත් බව ඉන්දියාව විසින් ගෝලීය සංවාද වලදී සැම විටම අවධාරණය කළේය. වර්තමානයේදී, …

Continue Reading

ජනප්‍රිය සංස්කෘතිය තුළ රූපවාහිනි මාධ්‍යයේ භූමිකාව කොයිබටද ?

අද්‍යතන ගෝලීය සමාජ සන්දර්භය තුළ ජනමාධ්‍ය වූ කලී සමාජ දේහය හා අවියෝජනීයව බැඳී පවතින සංකීර්ණ ප්‍රපංචයක් වේ.ආදි කල්පිත මානවයාගේ ප්‍රාථමික සන්නිවේදන ක්‍රියාවලියෙන් බැහැරව සන්නිවේදනය ක්‍රමිකව වර්ධනය වී විවිධ අවධීන් පසු කරමින් නූතනය වන විට ඩිජිටල් ස්වරූපයක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානයේ අප ජීවත් වනුයේ මානව සබඳතා අතික්‍රමණය කරන ලද තාක්ෂණික සබඳතාවන්ගෙන් සමන්විත ලෝකයකය.නවීන ජනමාධ්‍ය තාක්ෂණික වශයෙන් දියුණුවට පත් වී තිබේ.එහි …

Continue Reading

සරසවි ආරම්භ කිරීම ගැන ප්‍රතිපාදන කොමිෂමෙන් තීන්දුවක්

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා  කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. සභාපතිවරයා මෙම තොරතුරු සඳහන් කළේ විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17) ප්‍රකාශයක් කරමිනි. සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් …

Continue Reading

එක්සත් ජාතීන් හෙළි කළ ලෝකයේ කුසගින්න ගැන බිහිසුණු චිත්‍රය

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 811ක් සාගින්නෙන් පෙළෙන බවත් ගෝලීය මන්දපෝෂණය 8.4% සිට 2020 වසරේදී 9.9% දක්වා ඉහළ ගිය බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් වල අධික පිරිවැය සහ අඛණ්ඩ ආදායම් අසමානතාවයන් සමඟ 2019 දී ලොව සෑම ප්‍රදේශයකම සිටින බිලියන 3ක ජනතාවකට, විශේෂයෙන් දුප්පතුන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර …

Continue Reading

ඉන්දියාවේ අසල්වැසි ප්‍රතිපත්තියේ ප්‍රධාන තැනක් ශ්‍රී ලංකාවට

නව ශ්‍රී ලංකා විශේෂ නියෝජිත සහ ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා( Shringla) අතර පැවති හමුවකදී සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඉන්දියාවේ අසල්වැසි ප්‍රතිපත්තියේ ප්‍රධාන තැනක් ශ්‍රී ලංකාවට හිමිවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා (Harsh Vardhan Shringla) පැවසීය. ඔහු මේ බව පැවසූයේ සතිය මුලදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමුවීමෙන් පසු ය. …

Continue Reading

පාර්ලිමේන්තුව ලබන 21 සහ 22 පමණක් රැස්වේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත්  කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ පැවති  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන  සතියේ පාර්ලිමේන්තු රැස්වීම්  සැප්තැම්බර් 21 සහ 22 දෙදින පමණක් පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව …

Continue Reading