කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

කොළඹ වරාය නගරය  ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත්  කෙටුම්පත  සඳහා   2026.01.20  දින සිය සහතිකය සටහන් කළ  බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා අද (ජන. 21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මෙම  පනත් කෙටුම්පත 2025.12.05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026.01.07 වන දින  විවාදයට ගෙන  පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත, 2021 අංක 11 …

Continue Reading

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමේ සාමාජිකත්වය මෙරටට ලබාගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ එකඟතාව

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන Regional Comprehensive Economic Partnership – RCEP හෙවත් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය සඳහා සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා පැවසුවේය. ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ  අද (19) වෙළෙඳ, වාණිජ,  ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී …

Continue Reading

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට වෙළඳ වාසියක්

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වෙළඳ හවුල්කරුවකු වන අතර දැනට ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, එක්සත් රාජධානිය 2023 ජුනි 19 සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් 65කට …

Continue Reading

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු (Cashless Economy) ප්‍රවර්ධන වැඩසටහන්වල සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානය යොමු විය. ඒ …

Continue Reading

කිරිපිටි මිල ගැන නිල නිවේදනයක්

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව  ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟවී ඇත.

Continue Reading

මෙරට ආයෝජන ප්‍රමුඛතා අධ්‍යයනය කිරීමට ජපාන දූත පිරිසක්

ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම ජපන් දූත පිරිස පැමිණ තිබේ. මෙරට තුළ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ …

Continue Reading

2026 සඳහා පූර්ව අයවැය සාකච්ඡා ඇරඹේ‍

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ අනුව, ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසන ලද අතර, මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවත්, …

Continue Reading

ජාතික ණය ඇපකර ආයතනය MSME ව්‍යාපාර සඳහා සුවිශාල දිරිගැන්වීමක් ලබා දෙයි

NCGIL අර්ධ ණය ඇපකර ලබා දීමෙන්, ණය ලැබිය හැකි නමුත් ඇපකර-දුප්පත් ව්‍යාපාරවලට උපකාර කිරීමෙන් MSME ණය දීමට සහාය වීම අරමුණු කරයි. ADB අධ්‍යක්ෂ ජනරාල් (Sector Department-3) ලියා ගුටියරෙස් / Leah Gutierrez පවසන්නේ 2025 ජනවාරි මාසයේ සිට NCGIL කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන සහ හරිත ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරමින් රුපියල් මිලියන 406ක ඇපකර සමඟ MSME ව්‍යාපාර 116කට සහාය දක්වා ඇති බවයි. …

Continue Reading

කාන්තා ව්‍යවසායකයින් ‘ඩිජිටල් ව්‍යවසායකත්වය’ වැළඳ ගන්නා විට මුහුණ දෙන අභියෝග හෙළිවෙයි

ඩිජිටල් ආර්ථිකය / digital economy අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පරිමාණය කිරීමට විශාල නව අවස්ථා නිර්මාණය කරමින් සිටිය ද, බොහෝ කාන්තාවන් තම ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමට ප්‍රාග්ධනය නොමැතිකම, අන්තර්ජාලයට අක්‍රමවත් ප්‍රවේශය සහ මාර්ගගත ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පසුබට වී සිටින බව කාන්තාවන් සඳහා වූ Cherie Blair Foundation විසින් නිකුත් කරන ලද නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිකර ඇත. …

Continue Reading

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම්

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය. වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා වින්ගෲප් සමූහයට ආරාධනා කළේය. වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැගීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ …

Continue Reading