වසර 8ක් චන්ද්‍රිකාගේ නඩුවක් CIDය යට ගහගෙන

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ගොනු වී තිබෙන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) අදාළ පරීක්ෂණ කටයුතු වසර 8ක පමණ කාලයක් තිස්සේ යටගසමින් තිබෙන නිසා මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි. කොළඹ වරායේ මැරයින් සමාගම පෞද්ගලීකරණයට එරෙහිව තමා නඩු …

Continue Reading

එජාපයට කඩේ යන්න “චන්ද්‍රිකා-මංගල” සුසංයෝගයෙන් අලුත් ශ්‍රීලංකා ඇටවුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු බණ්ඩාරනායකවරුන්ගේ බූදල් පක්ෂයක් යැයි සිතාගනිමින් උග්‍ර රාජපක්ෂ විරෝධයකින් පෙළෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෛත්‍රී-මහින්ද සන්ධානයට එරෙහිව යන “පිවිතුරු ශ්‍රීලනිප” යැයි බාහිරින් පෙන්වන එක්සත් ජාතික පක්ෂයට හිතවත් නව දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතයක මේ වන විට නියැලැමින් සිටින බවට වාර්තාවේ. මේ සඳහා චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රීලනිපයට සම්බන්ධ රාජපක්ෂ විරෝධී කණ්ඩායම සහ රාජපක්ෂ කඳවුරේ සිටින …

Continue Reading

රාජයෝගයක් ඇත්තේම නැති රනිල්, චන්ද්‍රිකාගෙන් පසු මෛත්‍රීගෙන් ඉල්ලන් කෑ හැටි..

‘ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවන්නේ යැයිද එසේ වී නම් එය දෙවැනි අවස්ථාවේ විගඩමක් වනු ඇතැයිද’ ලතින් කියමනක් තිබේ. මේ කියමන ඒ අයුරින්ම සනාථ වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙනි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට උඩින් කණකොකා පියඹා ගියේය. සෙනසුරා නීච වූ අවාසනාවන්ත සිකුරාදා අගමැතිවරයාගේ කාල සටහන යෙදී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ විවෘත …

Continue Reading

මංගල, චන්ද්‍රිකා, සජිත් අශුද්ධ සන්ධානයක්! (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුවටම සම්බන්ධ ප්‍රධාන තුන් කට්ටුවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ මුදල් සහ ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරි දේශපාලන මෙහෙයුමක් වෙනුවෙන් අශුද්ධ සන්ධානගත වීමක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යනු එදා සිට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අතිශය …

Continue Reading

චන්ද්‍රිකාට ගමේ ඉන්නත් නැති වෙයි

හිටපු ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගොස් යළි ගමේ ගොඩේ සක්‍රීය දේශපාලනයට පැමිණමත් සමඟ ඇයගේ පෞද්ගලික චරිතය මෙන්ම “ජනාධිපති” ධුරයද හෑල්ලුවට ලක්වෙමින් තිබේ. අත්තනගල්ල කිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම ඊයේ (22) හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙ‍රුණු අවස්ථාවේ එහි සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඒ පසුගිය රජයේ යෝජනාවකට අනුව ඉදිකෙරුණු …

Continue Reading

චන්ද්‍රිකාට පිස්සුද..? හැටිද..? මාධ්‍යවේදීන්ට තඟ දමා එළවයි..

අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (13දා) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශාලාවේ පැවැත්වෙමින් තිබියදී මාධ්‍යවේදීන්ට තඟ දමමින් ඉවත් වන ලෙස එම කමිටුවේ සම සභාපති හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවැසීම සම්බන්ධයෙන් ඇතිවූ මත භේදාත්මක තත්ත්වයක් මත එහි කටයුතු ලබන මස 14 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේ රැස්වීම ආරම්භ කර ටික වේලාවකට පසුව එක්වරම හිටපු ජනපතිනි කතා කර “කවදාවත් නැතිව අද …

Continue Reading