මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණයට යෝජනා ඉල්ලයි
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය, මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ හා ඊට ආනුෂාංගික වෙනත් කාරණා සම්බන්ධයෙන් වන යෝජනා ජුනි මස 19 වැනි දින හෝ ඊට පෙර ලිඛිතව දන්වා එවන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහය හා නීති රීති වල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ …
Continue Reading
සංචරණ සීමා පනවා ඇති දිනවල ආර්ථික මධ්‍යස්ථාන වසා දැමුවත් ‘ගොවීන්ට හා පාරිභෝගිකයින්ට’ පීඩාවක් නෑ
ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ දිවයින පුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ආර්ථික මධ්‍යස්ථා වසා දැමීමට පියවර ගත්ත ද ගොවිජනතාවට සහ පාරිභෝගික ජනතාවට කිසිම අපහසුතාවක් ඇති නොවන ආකාරයට එළවළු හා පලතුරු සැපයුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා …
Continue Reading
නොමග යවන සුලු ‘ඔක්සිජන් ප්‍රතිකාර ක්‍රම’ පිළිබඳ කරුණු පරීක්ෂාව
ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමගින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතල රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍රතිකාර ක්‍රම කෙරෙහි යොමු වෙමින් සිටිති. අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ඉතා අනතුරුදායක ලෙස නොමග යවන සුලු …
Continue Reading
රසායනික පොහොර භාවිතයේ ප්‍රතිවිපාක හා කාබනික ගොවිතැනේ වාසි අවාසි
රසායනික පොහොර භාවිතය නතර කිරීම සාර්ථක වැඩපිළිවෙළක් හා අනාගත දරු පරපුර ආරක්ෂා කරන වැඩ පිළිවෙළක් වන බව පැහැදිලිය. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති නොවේ යැයි සිතිය නොහැක. ඒ අනුව ඇති විය හැකි ප්‍රධාන ගැටලු මොනවාද යන්න පිළිබඳව හඳුනාගත යුතුය. ප්‍රධාන ගැටලුවක් ලෙස මෙහිදී දැකිය හැක්කේ මෙම ක්‍රියාවලිය සඳහා ගොවීන් හුරු කිරීම හා දැනුවත් කිරීමයි. දැනටමත් කාබනික පොහොර භාවිතය …
Continue Reading
වැඩිම Covid-19 ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා වෙයි
කොවිඩ් – 19 ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (18) වාර්තා වී තිබේ. එම ගණන 34කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1015කි. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ සමත්ත ආසාදිතයින් ගණන 2518කි. ඉන් 2,478ක් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන බවත් තවත් 40ක් විදේශගතව සිට පැමිණි අයෙන් වාර්තා …
Continue Reading
මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනම් කරන්න
Covid-19 ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරන්නේ ගැබිණි මවුවරුන් විශේෂිත කොටසක් සේ සළකා අවම වශයෙන් එන්නත් මාත්‍රා 50,000ක් වෙන්කර සති 28ට වැඩි මවුවරුන් 25,000ක් හෝ එන්නත් කළ …
Continue Reading
කොවිඩ් ආසාදිතයින් සහ ආසාදනය ගැන ‘බරපතළ අනතුරු ඇගයීම් දෙකක්’
“අපේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගතවෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.” මෙසේ පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා. හේමන්ත හේරත් මහතාගේ මේ …
Continue Reading
කිරිදෙන මවුවරුන්ට ‘කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධ’ කිසිම ගැටලුවක් නෑ
කිරිදෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බවත් එන්නත ලබා ගැනීම මව්කිරී දීම වෙනස් කිරීමට ද හේතුවක් නොවන බවත් වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. අද (18) මාධ්‍ය සාකච්ඡාවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, ‘‘ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සම්පූර්ණ නිර්දේශයක් …
Continue Reading
PCR පරීක්ෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරනවා – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා
කොවිඩ් 19 පාලනයකිරීමට ඉක්මනින් මලිදීගැනීමට අවශ්‍ය මුදල් සහනයක් ලෙස ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බැවින් ඉක්මනින්ම මෙරට පී.සී.ආර්. පරීකෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ( 18 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. එසේම වැඩිවන රෝගීන් තත්ත්වය හමුවේ දැනට පවතින පී.සී.ආර් පරීක්ෂණාගාරවල ධාරිතාව වැඩිකිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත් මේ වන විටත් එම පරීක්ෂණාගාර පැය 24ම කාර්යයේ …
Continue Reading
කොළඹ වරාය නගරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට
කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී අද (18) අනුමැතිය ලබා දුන්නේය. නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය …
Continue Reading