අයවැයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නොසලකා හැරලා – සමාජවාදී කාන්තා සංගමය
පසුගිය වසරේ වෙන්කළ මුදලට වඩා 2012 අයවැය වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයට වෙන්කළ මුදල කපාහැර ඇති බව සමාජවාදී කාන්තා සංගමය පෙන්වා දෙයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(5) උදේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය මේ බව පෙන්වා දුන්නේය. වත්මන් ආණ්ඩුව කාන්තාවන් වෙනුවෙන් විවිධ පොරොන්දු රාශියක් ලබාදී ඇතත් ඒ කිසිවක් ඉටුනොකර ඇති බවද මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ …
Continue Reading
පක්ෂ නම භාවිත කරන වැඩ ගැන සොයන්න විනය කමිටුවක් – ජවිපෙ
ජනතා විමුක්ති පෙරමුණේ ලිඛිත අවසරයකින් තොරව පක්‌ෂයේ නම භාවිත කරමින් සිදු කරන විවිධ ක්‍රියාවන් පිළිබඳ සොයා බලා නිර්දේශ කිරීමට පක්‌ෂය විසින් විනය කමිටුවක් පත්කළ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඊයේ (29) පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්, මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගෙන තිබේ. ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් එහි නායකත්වය සහ …
Continue Reading
අයවැයෙන් අමතක කල තරුණ පරපුරේ උවමනාවන් වෙනුවෙන් අරගල කරනවා – බිමල් රත්නායක
අපේ රටේ රැකියා විරහිත තරුණ තරුණියන්, රැකියා විරහිත උපාධිධාරීන් සහ රැකියා අහිමිවූ කම්කරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ හත්වැනි අයවැයෙනුත් සහන ලැබී නැතැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පැලවත්ත, බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා …
Continue Reading
ජනතාවට සහන නැති අයවැයක් – ජවිපෙ
-
RSL
-
November 24, 2011
-
Uncategorized
-
අයවැය, ජවිපෙ, සහන
-
0 Comments
නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහිව ඡන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව එම පක්‍ෂය පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළේය. ඊයේ (23) උදේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත්, පා.ම. සුනිල් …
Continue Reading
මේක අඳබාල ආණ්ඩුවක් – ජ.වි.පෙ.
-
RSL
-
August 15, 2011
-
Uncategorized
-
ආණ්ඩුව, ආර්ථික, ජවිපෙ
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (14 අගෝ.) පැවති මාධ්‍ය හමුවකදී පැවසූයේ වත්මන් ආණ්ඩුව බාල බෙහෙත්, බාල තෙල්, බාල පොල්, බාල සිමෙන්ති ගෙන්වන අඳබාල ආණ්ඩුවක් බවයි. විජිත හේරත් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘‘රජයේ අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් සිමෙන්ති ‘නිශ්චිත භාණ්ඩයක්’ ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව එම ගැසට් නිවේදනය නිකුත් කළ දින පටන් ලංකාව තුළ සිමෙන්ති …
Continue Reading
කිසිදු බලහත්කාරී අතුලුවීමක් සිදුවී නොමැති බව ඇ.එ.ජ. තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඇමෙරිකානු යුධ ගුවන් යානා, ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත කිසිදු අයුරකින් බලහත්කාරී ලෙස නොපිව්සිය බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරන්නේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා විසින් ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත කලින් කලට මෙවැනි ආක්‍රමණ සිදු කරන බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා …
Continue Reading