අද මට තියෙන්නේ මගෙන් විය යුතු යුතුකම් ඉටු කරන්න විතරයි – ජනපති
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ මහනගර සභා අපේක්ෂක අසාද් සාලි ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේදී ඊයේ (18 සැප්.) හමුවූ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ් කර සිටියේ සියල්ලන් එක්කරගනිමින් රට ගොඩනැගීම තම අවශ්‍යතාව බවත් ඒ හේතුවෙන් සියලු පක්ෂවල සාමාජිකයින් තම කැබිනට් මණ්ඩලයට ද ඇතුලත්ව සිටින බවත්ය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “සිංහල ජනතාවට, මුස්ලිම් ජනතාවට නැගෙනහිර, මාවිල්ආරු වහාලා, ඔවුන්ගේ කුඹුරු …
Continue Reading
ජනපති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ගත් දරුවන් හමුවෙයි
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලැබු දරුවන් තිදෙනා පසුගිය දා (16 සැප්.) අරලියගහ මන්දිරට කැඳවා තිබිණ. ඔවුන්ට සුබ පැතූ ජනාධිපතිවරයා ත්‍යාග සහ තිළිණද ප්රදානය කළ ජනාධිපතිවරයා එම දරුවන්ගේ පාසල්වල අවශ්‍යතා සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බව සඳහන් වේ. කළුතර බාලිකා විද්‍යාලයේ ඕෂධී ෆොන්සේකා, කළුතර දොඩංගොඩ මිරිස්වත්ත ජාතික …
Continue Reading
ජූඩෝ ශූරියට ජනපති සුභ පැතුම්
ඉන්දියාවේ ලක්නව්හි පැවති එක්ස්පෝ 2010 ජූඩෝ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ පළමු ස්ථානය දිනූ මධුරානි ලියනගේ ශිෂ්‍යාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අරලියගහ මැඳුරේ දී සුබපැතුම් හිමිවිණි. මධුරානි ශිෂ්‍යාව කෑගල්ල රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර එම පාසලේ දරුවන් පසුගිය දා අරලියගහ මැඳුර නැරඹීමට පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිතුමා හමුවන්නට ඇයට අවස්ථාව ලැබිණි. ජනාධිපතිතුමා ඇයට සුබපැතූ අතර පාසලේ දරුවන් සහ …
Continue Reading
ජනපති වෝහාරපති ගෞරව නාමයෙන් පිදුම් ලබයි
නීති විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිට මෙරට ඉහළම තනතුර වන ජනාධිපති ධුරය දක්වා ගමන් කොට අති විශිෂ්ට ජන නායකයකු වශයෙන් අත්කර දුන් කීර්තිය අගයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරපති ගෞරව නාමයෙන් පිදුම් ලබයි. නීති විද්‍යාලයේ 100 වන කණ්ඩායමට අයත් ශිෂ්‍යයෙකුව සිටි ජනාධිපතිතුමා වෙත කොළඹ නීති විද්‍යාලයේ 137 වන සංවත්සරය වෙනුවෙන් මේ සම්මානය පිරිනැමීමට නීති විද්‍යාලයීය ශිෂ්‍යයින් පියවර ගෙන ඇත. නීති …
Continue Reading
සිරකරු දින පළමු කොඩිය ජනපතිට පළඳවයි
ලබන සැප්තැම්බර් 12 වනදාට යෙදෙන සිරකරු දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද පළමු සිරකරු දින කොඩිය සිරකරු සුබසාධක සංගමයේ උපසභාපතිනි ඉන්ද්‍රානි ඊරියගොල්ල මහත්මිය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ (23 අගෝ.) අරලියගහ මන්දිරයේ දී පළඳවනු ලැබුවාය. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර, අමාත්‍යංශ ලේකම් ඒ. දිසානායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් වී.ආර්. ද සිල්වා. සිරකරු සුබසාධක සංගමයේ සභාපති හිටපු …
Continue Reading