මේ වසරේදි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132434ක් අත්අඩංගුවට අරන් – ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, 2011 වසරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සමස්ථ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්රෑම් 132474 කි. මෙම වර්ෂයේ ජනවාරි 01වනදා සිට පසුගිය නොවැම්බර් 25වනදා දක්වා කාලය තුළ දී මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු 38168ක් උසාවිය හමුවේ පවරා ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයින් 38039 ක් අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. පොලිස් මත්ද්‍රව්‍ය …

Continue Reading

තරාතිරම නොබලා වෙරළ දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න – ජනපති

වෙරළ තීරය දූෂණය වන ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන්ට සහ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා‍ නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එලෙස උපදෙස් දුන් බවයි. මෙරට ජනගහනයෙන් 24%ක් ද ඉඩම්වලින් 25%ක් ද වෙරළ කලාපයට අයත් වේ. වෙරළ කලාප කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ මෙම සාකච්ඡාවට …

Continue Reading

එල්.ටී.ටී.ඊයේ ම්ලේච්ඡත්වය හෙළිකරන සාක්ෂි ළඟදීම – ආරක්ෂක ලේකම්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ම්ලේච්ඡත්වය හෙළිකරන නවතම සාක්ෂි නොබෝ දිනකින් ලොව හමුවේ හෙලිදරව් කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.විදේශ කටයුතු අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ” ප්‍රතිසන්ධාන – පශ්චාත් ගැටුම් ශ්‍රීලංකාවේ ඉදිරි ගමන“  යන මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායන් අධ්‍යයන ආයතනයේ අද පෙරවරුවේ පැවති සංහිඳියාව පිළිබද සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කලේය.  

Continue Reading

පාතාලයෙන් බලපෑම් එල්ලවන්නේ නම් වහාම තමා වෙත දැනුම් දෙන්න – ආරක්ෂක ලේකම්

පාතාලයෙන් සහ කප්පම්කරුවන්ගෙන් බලපෑම් එල්ලවන්නේ නම් සම්බන්ධ තොරතුරු වහාම තමා වෙත ලබාදෙන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ව්‍යාපාරිකයන්ට දැනුම් දී තිබේ. කොළඹ කොටුව වෙළෙඳ ප්‍රජාව, ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පෙරේදා (19) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී ඔවුනට ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කල අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා එසේ පවසා තිබේ. එහිදී නිදහසේ තම ව්‍යාපාර කිරීමට රජය අවකාශ සලසාදීම සම්බන්ධයෙන් කොළඹ ව්‍යාපාරිකයෝ ආරක්ෂක ලේකම්වරයාට …

Continue Reading