26 වනදා සුනාමිය සමරද්දි පෝයට පසුවදා එලැඹෙන 26දා මහ සුනාමියක් යයි ජනතාව භීතියෙන්…..!

Spread the love

ජාතික සුරක්ෂිතතා දිනය සැමරීම සදහා මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.

2004 දී සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මෙරට පුද්ගලයන් 35000කට අධික සංඛ්‍යාවක් මියගියේය.

තවත් පුද්ගලයන් 5000 අධික සංඛ්‍යාවක් අතුරුදන් විය.

එම සියලු දෙනා සිහිපත් කරමින් 2005 වසරේ සිට මෙම සැමරුම් වැඩසටහන පැවැත්වෙයි.

ප්‍රධාන සැමරු වැඩසටහන ගාල්ල හික්කඩුව තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදී ලබන අඟහරුවාදා (26) පෙරවරු 08.30 පැවැත්වීමට නියමිතයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සහභාගිත්වයෙන් සැමරුම් උස්සවය පැවැත්වීමට නියමිත බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් රට පුරා සැමරුම් උස්සව සංවිධානය කර තිබේ.

මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් දිවයින පුරා ලබන 26 වනදා පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි 02 නිශ්ශබ්ද තාවයක් රැකීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සුනාමි ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකර ස්ථාන වලද විවිධ සැමරුම් සිදුකිරීමට මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් සූදානම් වෙමින් සිටීයි.

විවිධ ආගමික වතාවත් සිදුකිරීමට ද පියවර ගෙන තිබේ.

ලබන පුර පසළොස්වක පොහෝදා සුනාමියක් ඇතිවිය හැකි බවට සමාජ මාධ්‍ය හා ජනතාව අතර පැතිර යන තොරතුර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

අප කල විමසීමේදී වැඩිදුරටත් සදහන් කර සිටියේ සුනාමියක් හෝ භූ කම්පනයක් සිදුවන වේලාවක් හෝ දිනයක් කල් තියා කිසිවෙකුට පැවසිය නොහැකි බවයි.

2004 දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සදහා බලපෑ සුනාමිය සිදුවූයේද එදිනට උදුවප් පුර පසලොස්වක පොහොය යෙදී තිබූ පසුබිමකයි.

මෙවරද උදුවප් පුර පසළොස්වක පොහොය යෙදී ඇත්තේ දෙසැම්බර් 26 වනදාටයි. මේ හේතුවෙන් ජනතාව තුළ මේවන විට බියක් මතුව තිබේ.

යම් හෙයකින් භූ කම්පනයක් සිදුවි සුනාමි තත්වයක් ඇතිවුවහොත් එය කල්තියා දැනගැනීමට හැකි ක්‍රමවේදයක් රටතුළ ඇතිබව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථාන සමග පැය 24 පුරා නිරන්තර අවධානයෙන් පසුවන බව පැවසීය.

ඒ හේතුවෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Related Posts