කොකේන්, ගිනි අවි, මුදල් සහ වාහන සමග දෙමටගොඩ රුවන් ඇතුළු පාතාලයේ 8ක් STF දැලේ

Spread the love

පාතාල කල්ලි නායක ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගේ සොහොයුරු ‘දෙමටගොඩ ‘රුවන්’ සහ කාන්තාවන් 3 දෙනකු ඇතුළු සංවිධානාත්මක පාතාල කල්ලියක සාමාජිකයන් 8 දෙනකු ගිනිඅවි සහ කොකේන් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙමටගොඩ බෝධිරාජ මාවතේදී ඊයේ (28 ) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී දෙමටගොඩ රුවන් ඔහුගේ පුත‍්‍රයා, පාකිස්තානුවකු, කාන්තාවන් තිදෙනකු සහ තවත් පිරිමින් තිදෙනකු අත් අඩංගුවට පත්ව ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත බෝධිරාජ මාවතේ සිව්මහල් ගොඩනැගිල්ලක් වටකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්‍ෂාවේදී පිස්තෝල 02 ක්, වායු රයිෆලයක්, කඩු 06 ක් සහ කොකේන් ග‍්‍රෑම් 94 ක්, මුදල් ගණන් කරන මැෂින් 02 ක් සහ රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක් හමුවී ඇත. මෙම සැකකරුවන් පැමිණි බවට සැකකරන සුඛෝපභෝගී ජීප් රථයක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

පාතාල නායක ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තා මේ වනවිට මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටී. පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමට වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් සුඛෝපභෝගී ජීප් රථයක් පලාගොස් ඇති අතර එහි ගමන්ගත් පිරිස ගිනිඅවි හෝ මත්ද්‍රව්‍ය රැුගෙන යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

සැකකරුවන් සම්බන්ධයෙන් හා පලාගිය ජීප් රථය කොටුකර ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

RSL

Related Posts