දවස් ගණනක් ගියද ශ්‍රී ලංකා පොලිසියට අල්ලාගන්න බැරි වුණු ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ CIDයට පැමිණ බාර වෙයි
- RSL
- February 6, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
නව ආණ්ඩුව බලයට පත්ව ගත වූ කාල සීමාව තුළ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන් සහ එම ආණ්ඩුවේ දේශපාලන සබඳතා ඇති පිරිස් පැය ගණනක් තුළ අත් අඩංගුවට සමත් වු ශ්‍රී ලංකා පොලිසියට ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කොට දින ගණනක් ගත වුවද අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ වාතාවරණයක් තුළ එම සැකකරුවන් දෙපළ අද(06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබේ.
අද(06) උදෑසන ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ශ්‍රීලක්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අල්ලස් මුදලක් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

