නවසීලන්තයට එරෙහි ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
- RSL
- August 9, 2019
- උණුසුම් පුවත්, ක්‍රීඩා
- 0 Comments
ලබන 14 වැනිදා සිට ආරම්භ වන ශී‍්‍ර ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා සංචිතය ඊයේ (07) ප්‍රකාශයට පත්කළේය. එ අනුව ලෝක ශුරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩකයින් 22 දෙනකු ශී‍්‍ර ලංකා සංචිතයට නම්කර තිබේ.
ශී‍්‍ර ලංකා සංචිතයේ නයකත්ව දිමුත් කරුණාරත්නය හිමිවී ඇති අතර පසුගිය දකුණු අපි‍්‍රකානු ටෙස්ට් සංචාරයට එක් නොවූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ද නැවත කණ්ඩායමට කැඳවා තිබේ. මීට අමතරව ඩිල්රුවන් පෙරේරාද මෙවර සංචිතයට නම්කොට ඇති අතර ඔහු මේ වන විට ආබාධිත තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් බොහෝ දුරට දෙවැනි ටෙස්ට් තරගයේ සිට කණ්ඩායමට එකතුවීමට නියමිතව තිබේ.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙරාතුව පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද (08 වැනිදා) කටුනායකදී අරම්භ වේ.
ශී‍්‍ර ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු

